තම පෙම්වතියට චොකලටයක් මිලට ගත් තරුණයා ඇය හමුවීමට ගොස් එය ඇයට දුන්නේය. විවෘත කළ විට දක්නට ලැබුණේ කුඩා පණුවන් විශේෂයකි.‘‘ඉකේයියා මට නම් චොකලට් එපා.’’ මේකේ පණුවොනේ. ඇය අප්පිරියාවෙන් කීවාය. චොකලටය පරීක්‍ෂා කළ තරුණයාද කුඩා පණු විශේෂ දුටු අතර ආවරණයේ තිබූ කල් ඉකුත්වීමේ දිනය පරීක්‍ෂා කර බැලූවිට දක්නට ලැබුණේ කල් ඉකුත්වීමට තව මාස තුනක් පමණ ඇති බවය.පසුදා උදේ චොකලට් අලෙවි කරන ලද වෙළඳ සැලට ගිය තරුණයා, මොනවද මුදලාලි මේ චොක්ලට්, බලනවකෝ මේකේ පණුවොනේ. කියමින් චොක්ලටය මේසය මතට විසි කළේය. වෙන්ඩ බැහැ යැයි පැවසූ මුදලාලි චොක්ලටය විවෘත කළවිට කාරණය සත්‍ය බව වැටහුණි. ආ මේ චොකලට් පණුවොනේ. කියූ මුදලාලි ”මුන් අගුණ නැහැ. ඔය පළතුරු වල පණුවොත් කෑවාට කමක් නැහැ කියලා කියන්නේ” යැයි පැවසීය.එහෙනම් කනවා බලන්න. තරුණයා තදින් පැවසීය. මුදලාලි බියවී චොක්ලට් කැබැල්ල කටේ දමා අමාරුවෙන් ගිල දැමීය. තරුණයාගේ කෝපය තුනීවී අනුකම්පාවක් ඇතිවිය. මුදලාලි මුදල් ආපසු දීමට සැරසුණු අතර තරුණයා පැවසුවේ ”සල්ලි මට එපා. ඒවායින් පණු බෙහෙත් ගන්න” යනුවෙනි. වාර්තා වූයේ අනුරාධපුරට නැගෙනහිරිනි.
2025 දෙසැම්බර් මස 18
620
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පණු චොකලට් මුදලාලිට කවා පණුබේත්ගන්න සල්ලිත් දීලා