ගෙවත්තේ පොල් ගස්වල කුරුම්බා ඇට්ටි කෑමට පැමිණෙන දඬු ලේනුන් පන්නා දැමීම සඳහා රතිඤ්ඤා දල්වා පොල් ගස් මතට විසි කරමින් සිටි පුද්ගලයෙකු දල්වන ලද රතිඤ්ඤා කරලක් අතේ තබාගෙන අතේ වූ ගිනිපෙනෙල්ල ගස දෙසට විසි කිරීමත් සමඟම අතේ තිබූ රතිඤ්ඤා කරල පිපිරී යාමෙන් අතට හා ඉඟ ප්‍රදේශයට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් රෝහල් ගත කිරීමේ පුවතක් වියලුවේ ගමකින් වාර්තා වේ.
සිද්ධිය මෙසේය.
ගම්බද ප්‍රදේශයකි. තම ගෙවත්තේ පොල් ගස්වල ඇට්ටි කා දැමීමට පැමිණෙන දඬු ලේනුන් පන්නා දමන්නට මේ ගමේ පුද්ගලයෙකු රතිඤ්ඤා දල්වා පොල් ගස් මතට විසි කරන්නට පුරුදු වී සිටියේ රතිඤ්ඤා හඬට බිය වී දඬු ලේනුන් පැන යන නිසාය.
එදිනද ගිනිපෙනෙල්ලක් රැගෙන ගිය හෙතෙම පොල් ගසක ඇට්ටි කමින් සිටි දඬු ලේනෙකු දැක රතිඤ්ඤා කරලක් දැල්වූයේ ගස මතට විසිකරන්නටය.
ඔහු කොතෙක් කලබල වූවේද යත් දල්වන ලද රතිඤ්ඤා කරල යැයි සිතා අතේ වූ ගිනිපෙනෙල්ල හැකි වෙර යොදමින් දඬු ලේනා දෙසට විසිකළේ අනෙක් අතෙන් දල්වන ලද රතිඤ්ඤා කරල තරයේ අල්ලාගනිමිනි.
ගිනිපෙනෙල්ල විසිකිරීමෙන් බියපත්වූ දඬු ලේනා පලා යන දෙස බලා සිටි ඔහු යළි පියවි සිහියට ආවේ කන් බිහිරි කරමින් අතේ වූ රතිඤ්ඤා කරල පිපිරී යාමෙනි.
(වියලුව වාර්තාකරු)

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.