IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මී උගුලට ඇගිලි දෙකක් පුදලා

නිවසේ මුළුතැන්ගේ හැම තැනම සැරිසරන මීයන් ඇල්ලීම සඳහා බිරිඳ විසින් අටවා තිබූ මී කතුරකට හසු වී ඇයගේ සැමියාගේ ඇඟිලි දෙකක්ම කැඩී යාමේ පුවතක් කන්ද උඩරට ප්‍රදේශයේ ගම්මානයකින් වාර්තා වෙයි.
කන්ද උඩරට පිහිටි සුන්දර පිටිසරබද ගම්මානයක්  වන මෙම ගම්මානයේ මෙම යුවළ පදිංචිව සිටියේ තම දරුවන් දෙදෙනාද සමගිනි. දරුවන් දෙදෙනා පාසල් යන  අතර සැමියා එදිනෙදා රැකියාවක් කිරීම සඳහා නිවසින් පිටව යයි. නිවස වෙල් යායක් අසල පිහිටා ඇති අතර මේ දිනවල පැවැති වැසි නිසා ජලය බොහෝ තැන්වල රැඳී පවතී. 


මින් පෙර කිසිදා නොවූ ලෙස දින කිහිපයක සිට මෙම නිවසේ මුළුතැන්ගේ පුරා මියන් ඔබ මොබ දිව යනු බිරි ද දුටුවාය. මීයන් නිවස තුළට රිංගීම මගින් හානි රැසක් සිදුවෙයි. කුස්සියේ ඇති ආහාර පානවලට පැන කා දැමීම ඒවා තුළ මූත්‍රා කිරීමත් ඇඳුම් ඇතුළු වටිනා දෑ කා දැමීමත් මීයන් නිසා සිදුවන හානි අතර වෙයි. ඒ සියල්ලටම වඩා මේ දිනවල පැතිර යන මී උණ නිසාත් මීයන්ගේ සපා කෑම් නිසාත් බිරිඳ තව දුරටත් තැති ගත්තාය. වහාම ඇය තීරණයක් ගත්තාය. ඉක්මනින්ම ළඟම ඇති වෙළඳසලකට ගොස් මී කතුරක් ගෙන ආවාය.
මීයන්ගේ පැමිණීම එන්න එන්නම වැඩිවීමත් එක්ක ඇය සැමියාටත් නොකියාම මී කතුරු උගුල ක්ෂණිකව ඇටවූවාය. කුස්සියේ මීයන් වැඩි වශයෙන් ගැවසෙන ආහාර ද්‍රව්‍ය තබා ඇති කොන්ක්‍රීට් තට්ටුවේ ස්ථානයක පිටතට නොපෙනෙන්නට මෙම මීකතුර තැබුවාය. මෙලෙස මී කතුර තබා නිරන්තරයෙන් ඇය ඒ දෙස ඇස ගසා ගෙනම සිටියේ තම දරුවන්  එදෙසට  යාම වළක්වා ගැනීම සඳහායි.
දරුවන් දෙදෙනා පාසල් යාමෙන් පසුව ඇයට ඒ බිය නැති වී ගිය අතර ඇය නිදහසේ ඇයගේ වැඩ කටයුතු කර ගත්තාය. සැමියා එදින වැඩක් සොයා ගැනීම සඳහා නගරයට යාමට සූදානම් වී යමක් සොයා කුස්සිය පැත්තට ගියේය.  කුස්සියේ  ආහාර ද්‍රව්‍ය ඇතුළු සියල්ල තබා ඇති කොන්ක්‍රීට් තට්ටුව වෙත අත යොමු කර ඔහු යමක් සෙව්වේය. ගත  වූයේ තත්පර කිහිපයකි.  ටොක් ගාන හඬක් එක්ක අම්මෝ අම්මෝ කියා කෑ ගහන ශබ්දයක්  පිටත සිටි බිරිඳට ඇසිණ. ඇය වහා ගෙතුළට දිව ගෙන ආවාය. සැමියා බිම වැටී සිට ඇති අතර අතින් ලේ ගලමින් තිබිණ. පරික්ෂා කිරීමේදී පෙර දින ඇය විසින් අටවා තිබූ මී කතුර වැඩ කර තිබිණ. ඒ මීයන්ට නොව ඇගේ සැමියාටය.
මෙම මී කතුරු උගුලට සැමියාගේ  එක් අතක ඇඟිලි දෙකක් කැපී ගොස් තිබිණ. කෙසේ වෙතත් ඔහුගේ වාසනාවට මෙම ඇඟිලි වෙන් වී නොතිබු අතර වහාම රෝහල වෙත රැගෙන ගොස් ඇඟිලි දෙකටම ශල්‍යකර්මයත් සිදුකර ඇඟිලි නැවත බද්ධ කරනු ලැබ තිබේ. 

හාරිස්පත්තුවේ මොහොමඩ් ආසික්

 



අදහස් (0)

මී උගුලට ඇගිලි දෙකක් පුදලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 781 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 380 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site