බුලත්සිංහල ලක්මි කුඩලිගම
මළ ගෙදරක රාත්‍රියේ නිදිවර්ජිතව සිටි පිරිසකට මාළු පාන් සමග තේ පැන් සංග්‍රහයක් ලබාදුන් බේකරි හිමියකුගේ නිවෙසට යන මාර්ගයේ පසු දින උදෑසන මාළු පාන් පහළොවක් විස්සක් පමණ විසිරී තිබී යැයි බස්නාහිර පළාතේ කුඩා ගම්මානයකින් වාර්තා වෙයි.
බේකරියක් හිමි පුද්ගලයකුගේ අසල්වැසි අතිජාත මිත්‍රයකුගේ මවක් ඉකුත් දිනක මිය ගියාය. විදේශ ගත රැකියාවේ නියුතු පුතකු පැමිණෙන තෙක් මවගේ අවසන් කටයුතු සිදුකිරීම දින කීපයක් ප්‍රමාද කළේය. ඒ දින කිහිපයේ ගමේ සමිති සමාගම් හා ඥාති හිතවත්හු තමනට හැකි පමණින් දිවා රාත්‍රියේ මළ ගෙදරට පැමිණෙන ඥාති හිතවතුන්ට සංග්‍රහ කිරීමට යුහුසුළුව කටයුතු කළහ.
මෙය දුටු බේකරි හිමියාද තමන්ටත් හැකි අයුරින් යමක් කළ යුතු යැයි සිතා, මමත් අද මාළුපාන් දෙතුන් සියයක් පමණ තේ පැන් සංග්‍රහයක් ලබාදෙන බව තම ශෝකාකූල මිත්‍රයාට පැවසීය. මිතුරාද සත් භාවයෙන් එයට අනුමැතිය ලබා දුන්නේය.
පොරොන්දු වූ පරිදි බේකරි හිමියා මාළු පාන් මල්ලක් රැගෙන තම බිරියද සමගින් පැමිණ නිදිවර්ජිතව රාත්‍රියේ මළ ගෙදර සිටි සියලුම දෙනාට තම සංග්‍රහය ලබා දී ඉතිරිවූ මාළු පාන් ෂොපින් බෑගයක දමා අවශ්‍ය වූ අයෙකුට නැවත මාළු පාන් ආහාරයට ගත හැකි බව දන්වා තම නිවෙසට ගියේය.පසුදා අලුයම අවදිවූ බේකරි හිමියා නැවත මළ ගෙදරට එන අතර තුර දැක ඇත්තේ තම නිවසට යන එන මාර්ගයේ මාළු පාන් විසිරී තිබෙන ආකාරයයි. මෙයින් කලකිරිමට පත් ඔහු තම බිරිඳට පවසා ඇත්තේ ගමේ පිරිසකට කළ හොඳ පස්සෙන් එවා ඇති බවයි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
මළ ගෙදරට ගෙනා මාළු පාන් පසුදා මහ පාරේ අතුරලා
ගීතා Friday, 23 September 2022 07:20 PM
බලන්න බේකරි හිමියාගේ මනුස්සකම සහ මාළු බනිස් විසිකල මිනිසාගේ තිරිසන්කම... මෙවන් දුර්භික්ෂ කාලෙක කුසගින්නේ දහස් ගාණක් බඩගින්නෙ දුක් විදික මේ කාලෙ මිනිස්සු කොච්චර ඉන්නවාද? මේ කෑම විසිකළ අයට බඩගින්නේ තමයි මැරෙන්න වෙන්නේ... බේකරි හිමියා දිනෙන් දින දියුණු වේවි...!