වගාවකට වැලඳී ඇති කෘමි උවදුරක් මැඩලීම සඳහා අතීත කෙම් ක්‍රමයක් භාවිත කිරීමට නොපෑගුන තැනකින් කතා නොකර වැලි බාල්දියක් රැගෙන එමින් සිටි ගොවි මහතකුට අතර මගදී හමුවූ ඔහුගේ හිතවතුන් කිහිප දෙනකු හා බිරිය නිසා එම වැඩේ එදින අත්හැර දැමීමට සිදුවූ පුවතක් කරුවලගස්වැවට නුදුරු ගම්මානයකින් වාර්තා විය.
කෙම්මුර දිනක වැලි මතුරා වගාවට ඉසීම එම කෙම් ක්‍රමය වී තිබී ඇති අතර ඒ සඳහා කටයුතු කරන කපු මහතකුගේ සේවයද අදාළ ගොවි මහතා විසින් ලබාගෙන ඔහුගේ උපදෙස් පරිදි මෙසේ වැලි බාල්දියක් රැගෙන එමින් සිටියදී ඔහු මෙම අකරතැබ්බයට මුහුණ දී ඇත. කපුමහතාගේ උපදෙස්වලට අනුව අදාළ කෙම සිදුකිරීම සඳහා දින කිහිපයක සිට ගොවි මහතා පිළ ජාති ආදිය කෑමෙන් වැළකී පේවී සිටිය යුතුය. එසේම වැලි මතුරා වගාවට ඉසීමෙන් අනතුරුව දින තුනක් යනතුරු කිසිවකු වගා බිමට ඇතුළු නොවිය යුතුය. මේ සඳහා ඇළක දොළක හෝ ගංගාවක කිසිවකු නොපෑගූ තැනකින් කිසිවකු මග හො කතා නොකර ලබාගන්නා වැලි ඒ ආකාරයෙන්ම කතා නොකර අදාළ වගාබිමට රැගෙනවිත් වියළා ගත යුතුය. එය යම් ආකාරයකින් අසීරු කාර්යයක් වුවද වැඩේ සාර්ථකවීමට නම් එසේ කළයුතු බවද කියයි.
ඒ අනුව සූදානම් වූ ගොවි මහතාද ගෙදර උන්දෑටත් නොකියා පසුගිය දිනක අඳුර වැටෙන යාමේ තරමක් දුරක පිහිටි වැලි පිරුණු ඇළකට හොර පාරකින් පයින්ම ගොස් කපු මහතා කී ආකාරයටම කතා නොකර බාල්දියකට වැලි පුරවාගෙන ආපසු එම පාරෙන්ම වගාබිමට පැමිණෙමින් සිටියදී ඉදිරියට හමුවූ අසල්වැසියන් කිහිප දෙනකුම ‘‘ආ මේ මොකද? මොකටද වැලි බාල්දියක්’’ ආදී දේවල් විමසා ඇති බව කියයි. එහෙත් ඔහු අසීරුවෙන් වුවද ඊට ප්‍රතිචාර නොදක්වාම ඉදිරියට පැමිණෙද්දී හිටි අඩියේ නිවසින් අතුරුදන්වූ ගොවි මහතා සොයා ඔහුගේ බිරියද මගතොට විපරම් කරමින් ගොවිපළ දෙසට යමින් සිටියදී අතරමගදී දෙදෙනා මුහුණට මුහුණ මුණගැසී ඇත.
මම මේ හැමතැනම හොයනවා ගෙදර හිටපු මනුස්සයට හිටි අඩියෙ මොකද වුණේ කියලා. මොකටද අනේ වැලි’’ යනුවෙන් එහිදී බිරිඳද ගොවි මහතාගෙන් විමසීමක් කර ඇති බවත් අන් අයට මෙන් නොව එහිදී කෙමේ නීතිරීති අමතකව ගොස් එක්වරම කිපී ඇති ගොවි මහතා ‘‘තමුසෙට මොකටද ඒ මඟුලක් මේක මගේ වැඩක්’’ යැයි පවසා ඇත. ඒ අනුව ගොවි මහතාගේ කෙම එදින එතැනින්ම අවසන් වී ඇති බවත් කියයි.
කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බිරිය හරස් වෙලා ගොවියාගේ කෙම බකල්