IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


පහේ ශිෂ්‍යත්වය ෆේල් වුණාම ගුරුවරියට උපකාරෙත් එපාවෙලා

උපකාරක පන්තියට පැමිණි සිය පාසලේ සහ ඥාති හිතමිතුරන්ගේ ළමයින්ව ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු සියයේ සීමාව ඉක්මවා යාමට නොහැකි වීම නිසා උපකාරක පන්ති ක්ෂේත්‍රයට සමුදුන් ගුරුවරියක පිළිබඳ අපූරු කතාවක් වියළි කලාපයට අයත් දුෂ්කර ප්‍රදේශයකින් වාර්තා වේ.
පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා පන්තිවල ඉගෙනුම ලබන සිසු සිසුවියන්ට මව්බස, ගණිතය, ඉංග්‍රීසි, දෙමළ, පරිසරය, අත්අකුරු ලිවීම යන අංශවලට වෙන වෙනම උපකාරක පන්ති පැවැත්වීම පිළිබඳව මෙම ගුරුවරිය ප්‍රදේශයේ ප්‍රසිද්ධියක් ඉසුලුවාය. සිත්ගන්නාසුළු  ආකාරයට සැරසී යතුරුපැදියකින් ඇය ගමන් බිමන් යන අතර අතිශෝක්තියෙන් යුතුව සෑම විටම තමන් පිළිබඳව වර්ණනා කර ගැනීමේ දැඩි ආශාවකින් යුත් ඇය පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කර ගන්නා කාලයේ සිට විවිධ ප්‍රචාරක ක්‍රම භාවිත කරමින් සිය නිවසේ පැවැත්වෙන උපකාරක පන්ති  පිළිබඳව විශාල ප්‍රචාරයක්ද ඇය සිදුකරන බව පැවසේ. ඇයගෙන් බේරීමට බැරි කල හිත මිතුරන් සහ ඥාතීන් හා දෙමව්පියෝ ඇයගේ උපකාරක පන්තියට සිය දරුවන් රැගෙන ගියහ.
ළමයින් තිහක් හතළිහක් අතර ප්‍රමාණයක් ඇයගේ සෑම පන්තියකටම පැමිණෙන අතර සතියේ සෑම දිනකම සවස් කාලයේ ඇය පන්ති පැවැත්වූවාය. සෑම දිනකම ගුරුවරියගේ නිවසේ පන්ති පැවැත්වුවද තම දියණිය ඒවාට සහභාගි නොකරවා බිරිඳගෙන් ලැබෙන දෝෂාරෝපණයද නොතකමින් වෙනත් ගුරුවරයෙකුගේ පන්තියකට රැගෙන යාමට ඇයගේ සැමියා වගබලා ගත්තේය.


 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට ආසන්න බව දැනගත් ගුරුවරිය මෙවරත් උසස්  ප්‍රතිපල අපෙන් යනුවෙන් සඳහන් අලංකාර බැනරයක්ද මුද්‍රණය කිරීමට අමතක නොකළාය. මධ්‍යම රාත්‍රිය වනවිට ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට මුදාහැර තිබූ අතර පසුදා උදෑසන වනවිට අැයගේ බලාපොරොත්තු සියල්ල සුන්වී තිබුණි. පන්තියට පැමිණි කිසිම ළමයකු ලකුණු සියය ඉක්මවා ලබාගැනීමට අසමත් වී තිබුණු අතර තම දියණිය එකසිය අසූවකට ආසන්න ලකුණු ප්‍රමාණයක් ලබාගැනීම නිසා ඇය තවත් අසරණ වූවාය.
 තම පාසලේ පන්තියේ ළමයින් කිහිපදෙනෙකු විභාගය සමත්ව තිබූ අතර ඔවුහු කිසිවකුත් තම පන්තියට පැමිණි අය නොවූහ. වරුවක් නිවාඩු දමා නිවසට ගිය ඇය දුරකතනයද ක්‍රියා විරහිත කළාය. අසනීප බව පවසමින් දින කීපයක් නිවාඩු ලබාගෙන නිවසේ කාලය ගත කළ අතර ළමයි එම පන්තියට පැමිණීම නතර කළහ. ඇය උපකාරක පන්ති  ව්‍යාපාරයට සමුදුන්නාය. ටීචර් ළමයි කීයක් පාස්ද අර බැනර් එක ගහන්නේ නැද්ද කියා ඇයට ලැබෙන නාඳුනන ඇමතුම් නිසා සිය දුරකතනයේ සිම්පතද වෙනස් කිරීමට ගුරුවරියට සිදුව ඇති බව පැවසේ.

හක්මණ විශේෂ දෙනගම යසන්ත ආරියසේන

 



අදහස් (2)

පහේ ශිෂ්‍යත්වය ෆේල් වුණාම ගුරුවරියට උපකාරෙත් එපාවෙලා

Tuesday, 28 November 2023 10:25 AM

හොඳ වැඩේ

:       0       6

Kadhija Tuesday, 28 November 2023 02:23 PM

ගුරුවරු බොරුවට ටියුෂන් ක්ලාස් දාගෙන උගන්වන්නේ නැහැ .සල්ලි තමා හම්බ කරන්නේ .ඊට වැඩිය හොඳයි ඒ ටයිම් එකේ ලමයව ගෙදර තියලා හොඳට උගන්වන එක

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

ඡන්දෙන් පැරදී බලු‍ දානයක් දීලා
2025 මැයි මස 08 458 0

මැතිවරණ ජය ලැබූ පසු දෙන්න සූදානම් කළ පාටිය බලු‍ දානයක් බවට පරිවර්තනය වූ අපූරු කතාවක් දකුණේ ගමකින් පෙරේදා (6)අසන්නට ලැබුණි.


ඡන්දපොළට හයර් කරන්න ගිහින් නාසයෙන් කෑල්ලක් දන් දීලා
2025 මැයි මස 07 526 1

ඡන්දය දාන්න වයසක උන්දෑ කෙනකු රැගෙන යාමට පැමිණි ත්‍රිරෝද රථ රියැදුරෙකුට නාසයෙන් කෑල්ලක් දන් දෙන්න සිදුවූ ඇබැද්දියක් ඊයේ (6) ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට


බයික් එක මාරුවී ඉහමොළ රත්වෙලා
2025 මැයි මස 06 625 1

යතුරු පැදියේ ගැට ගසා තිබූ පඬුරෙන් තමන්ගේ යතුරු පැදියත් වැටෙන්න ගිය අලි අමාරුවෙනුත් බේරුණු අයෙකු පිළිබඳව අපූරු කතාවක් බලපිටියෙන් අසන්නට ලැබේ.


හිතේ සහනයට අපූරු විසඳුමක්
2025 මැයි මස 05 877 2

තනිකඩ වියේ පසුවන ගුරු මාතාවක මිලදී ගත් මෝටර් රථයක් මානසික සුවය පතා ගත් සැණින් විකුණා දැමු පුවතකි. සිද්ධිය ඇසෙන්නේ මහවැලි ජනපද ගම්මානයට අයත් ප්‍රදේශයක


නෝනා අන්දන්න ගිහින් අමාරුවේ වැටිලා
2025 මැයි මස 03 483 0

ඉතා හදිසි රාජකාරියක් නිසා නෝනා යතුරු පැදියෙන් ගෙන යා නොහැකි යයි කියූ සැමියා තම හිතවතිය යතුරු පැදියේ දමාගෙන ගොස් අලි අමාරුවක වැටුණු කතාවක් ගාලු‍ දිසාව


උදවු කරන්න ගිහින්න නට්ටම් වෙලා
2025 මැයි මස 02 867 1

නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1252 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 320 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1343 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site