මී හරක් පට්ටියකට හිමිකම් කියූ කිරි ගොවියකුට ‘‘අමුඩය” අමතක වීම නිසා තම එකම පුතු අලුත විවාහ කර ගත් ලේලිය අමනාප වී නිවසින් පිටව ගිය අපූරු පුවතක් වැව් බැඳී රාජ්ජේ පිටිසර බද ගමකින් අසන්නට ලැබූණි.
හේ වනාහි අමතක වීමේ රෝගය තදින්ම තිබූ තලත්තෑනි කිරි ගොවි මහතෙකි. වර්ෂා කාලයේදී තම මී හරක් පට්ටියට කෑම සඳහා ගමෙන් එපිට ලදු කැලෑවට දක්කාගෙන යනු ලබන්නේ වතුර පිරුණු ”ඔයක්” තරණය කරමිනි. මෙසේ එම වතුර පිරුණු ”ඔය” හරහා ගමන් කරන මේ කිරි ගොවි මහතා ඔහුගේ සරම වතුරට තෙමෙන නිසා එය ගලවා ජටාවක් සේ ඔළුවේ බැඳ ගැනීම සිරිතක් කරගෙන සිටියේය. එය ගැටලුවක් නොවන්නේ දිනපතාම ඔහු සරමට යටින් අමුඩය අඳින නිසාය.
මෙදින වතුර පිරුණු ඔය හරහා හරකුන් දක්කාගෙන එගොඩට ගිය ගොවි මහතා ඔළුවේ බැඳ සිටි සරම යළි ඇඳගෙන හරකුන්ට තණකොළ කෑම සඳහා තණ පිටියට හරකුන් දමා ඔහු හෙවණක වාඩි වී සිටියේය.
එදින හවස ආපසු තම හරක් පට්ටියට හරක් රැගෙන යාමට සැරසුණු කිරි ගොවියා වෙනදාට වඩා යුහු සුළුව මී හරක් රංචුව දක්කා ගෙන ගියේ හතර වටින් අහස කළු කරගෙන ගොරවමින් මහා වර්ෂාවකට සූදානම් වූ නිසාය.
සුපුරුදු පරිදි කිරි ගොවියා වතුර පිරුණු ඔයට බැස්සේ ඇඳ සිටි සරම ගලවා ජටාවක් සේ හිසට බැඳගෙනය. ඔයට බට ගොවිමහතා ඉතා කඩිනමින් ගව පට්ටිය දක්කා ගෙන හරක් ගාලට පැමිණියේය.
වෙනදා තමා හරකුන් දක්කා ගෙන එන හඬ ඇසෙන ඔහුගේ මායියා ලණු කැරලි මිටියත් රැගෙන ගව පට්ටිය සමීපයට පැමිණුනත්, අද ඇය පේන්න නොසිටීම පිළිබඳව ගොවියාගේ කේන්තිය අසූහාරදාහට නැග්ගේය.
‘‘හාමිනේ! මෙහෙ වරෙල්ලා, යෝධියේ. ඔය ලණු කැරලිත් අරගෙන. උඹලට කන් ඇහෙන්නේ නැද්ද යනුවෙන් යටි ගිරියෙන් කෑ ගැසීය.මේ මොහොතේ කුස්සියේ වැඩක් කරමින් සිටි හාමිනේ ගොවි මහතාගේ පණිවිඩය තම පුතුට අලුත ගෙනා ලේලියට පැවරුවාය.
ඇය ලණු මිටිය රැගෙන ගව පට්ටිය කරා දුවගෙන ගියාය. ලණු මිටිය ගොවි මහතාට දීමට ඇයගේ දෑත් දිගු කරන විටම ඇය දුටු දර්ශනයෙන් ලේලිය තිගැස්සී කෑ ගැසුවාය.
‘‘අනේ බුදු නැන්දම්මේ,” කියමින් ආපසු හැරුණු ඇය වේගයෙන් පැමිණ කුස්සියට පැන්නාය. ‘‘මට තවත් නම් මේ ගෙදර එක තත්පරයක්වත් ඉන්න බෑ. අපි විලිබිය ඇතුව හැදිච්චි ළමයි. මම හිතුවේ නෑ මාමණ්ඩි ඔහොම වනචර කෙනෙක් කියලා. මම යනවා අපේ ගෙදර මට මෙහේ ඉන්න බෑ”.යැයි අඬමින් පැවසුවාය.
කිරි ගොවියාගේ හාමිනේ. මේ අලකලංචිය කුමක්දැයි සොයා බැලීමට හරක් පට්ටිය කරා විගසින් ගියාය. ඇයද දුටු දෙයින් අන්දමන්ද වුවාය. ‘‘මෝඩ මිනිහෝ, ඔහේ හිතාගෙන ඉන්නේ ඔහේ අමුඬේ ඇඳගෙන කියලද. ඔය ඔළුවේ තියෙන සරම ගලවලා උපන් ඇඳුම වැහෙන්න විලි වහගන්නවා. හැදිච්චි ගෑනු ළමයි ඉන්නකොට ඔළුව පාවිච්චි කොරලා වැඩ කොරපල්ලා. තුහ් නොදකින්.” කියා කෙළ ගසා ඇය පිටවූවාය.
කිරි ගොවියාට කාරණය වැටහුණි. ඔහු වහා ඔහුගේ වැරැද්ද නිවැරදි කර ගත්තේ මේ හරක් බානකට මුවා වීගෙනය. ඔහු පට්ටියේ මී හරක් ගැට ගසා නිවසට එන විට ලේලිය බඩුමුට්ටු රැගෙන නිවසින් පිටවී ගොස් තිබුණි.
ඒ සිද්ධියෙන් පස්සේ ගමේ කොල්ලෝ කුරුට්ටෝ ” මාමේ අඹුඩේ” යන වචනය මතක් කරන විටම අමුඩය ඇඳ සිටියත් නැතත් සරම උඩට ඔසවා උසුළු විසුළු කරන කොල්ලන් කුරුට්ටන්ට පිළිතුරු දීමට ඔහු අමතක නොකරන බවද දැනගන්නට තිබේ.
කැබිතිගොල්ලෑව හේමන්ත රණසූරිය
තමාට එරෙහිව පෙත්සම් ගැසූ සේවකයින් අල්ලා ගැනීමට අපූරු උපක්‍රමයක් අනුගමනය කළ ආයතන ප්‍රධානියකු පිළිබඳව ගාලු දිසාවේ කාර්යාලයකින් අසන්නට ලැබේ.
ඕපාදූප සෙවීම සම්බන්ධයෙන් නම්දරා සිටි කාන්තාවක ගමේ පිරිසක් අතර සිදුවූ රණ්ඩුවක් පිළිබඳව විපරම් කිරීම සඳහා කුස්සියේ ළිප මත තබා තිබූ වෑංජනයක් හැඳිගාමින
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදීමට යන සිය දියණියගේ ඉස්සරහට හිමිදිරියේම හිස් කළයක් අරන් පැමිණි කතක සමග කෙහෙවලු පටලවාගත් කතක ගැන
ජාත්‍යන්තර රැම්සා තෙත්බිමට ආසන්න ප්‍රදේශයකි. මෙම ප්‍රදේශයේ බහුතරයක් දෙනා කෘෂිකර්මාන්තය මත යැපෙන අතර රිළවුන් දඬු ලේනුන්ගෙන් සහ මොනරුන්ගෙන් වන හානි හ
සත්ව සංගණනයට ගොස් ජීවිතය අනූනවයෙන් බේරාගත් අයකු පිළිබඳව අපූරු කතාවක් කරන්දෙණියෙන් අසන්නට ලැබේ.
රට පුරා කොරෝනා වසංගතය පැතිර යමින් තිබූ සමයයි. දකුණු පළාතේ ගමක ජීවත් වූ ඔහු දේපළ ඉඩකඩම් යමක් කමක් තිබෙන ගැමියෙකි. නිතර බුලත් විටක් හැපීම හා කටට ඇඟිලි දෙක
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
අමුඩය අමතක වී ලේලිය අමනාප වෙලා