මර්දනය වෙමින් පැවැති වසංගත තත්ත්වය යළිත් වතාවක් හිස ඔසවා ඇති බැව් දෛනිකව වාර්තා වෙන කොවිඩ් රෝගීන්ගෙන් හෙළිදරව් වේ. එසේම මේ වනවිට ඩෙල්ටා ප්‍රභේදය ඉක්මවා ඔමික්‍රෝන් ප්‍රභේදය ඉතා විශාල වශයෙන් සමාජ ගතව ඇති බවත් වාර්තා වේ.
පෙර පැවති ප්‍රභේද ආසාදනයෙන් ආරක්ෂා වීමට සහ රෝගය වැළඳුනත් බරපතළ තත්ත්වයක් කරා යාම වැළැක්වීමට අපේ රටේ බොහෝ දෙනා මාත්‍ර දෙකක පූර්ණ එන්නත්කරණය කෙරෙහි විශ්වාසය තැබූ බවත් අප දන්නා කරුණකි . එනමුත්, ඔමික්‍රෝන් ආගමනයත් සමඟ අප ප්‍රතිශක්තිකරණයේ තවත් ඉදිරි පියවරකට යා යුතු බව අලුත්ම විද්‍යාත්මක පර්යේෂණයක් මඟිනුත් තහවුරු වී තිබේ.
Harvard, MIT, Ragon Institute සහ MGH ආයතන මගින් Cell නැමැති ලොව ඉහළ පෙළේ විද්‍යා සඟරාවක පළ කරන ලද පර්යේෂණයක දත්ත වාර්තාවලට අනුව ලොව පුරා ඉතා ඉක්මනින් පැතිරීගෙන යන ඔමික්‍රෝන් ප්‍රභේදය මගින් ඇතිවන කොරෝනා ආසාදන වැලැක්වීම සඳහා සාමාන්‍යයෙන් ලබාදෙන එන්නත් මාත්‍රා දෙකෙන් පමණක් සැලකිය යුතු ආරක්ෂාවක් නොලැබෙන බවත් තුන්වෙනි "බූස්ටර්" මාත්‍රාවක් ලබා ගැනීමත් සමග මෙම ආරක්ෂාව ඉතා ඉහළ අගයකට යන බවත් සොයාගෙන ඇති නවතම හෙළිදරව්වයි.
මේ සඳහා හේතුව ලෙස අනුමාන කරනුයේ මෙම නව ඔමික්‍රෝන් ප්‍රභේදයේ ‘ස්පයික් ප්‍රෝටීන’ කොටසේ සිදුවී ඇති විකෘතිතා ගණන මීට ප්‍රථමයෙන් හඳුනාගත් ප්‍රභේද වලට වඩා ඉතා වැඩි බැවින් එන්නත් මාත්‍රා දෙකකින් පමණක් ජනනය වන ප්‍රතිදේහවලට මෙම ප්‍රෝටීන කොටස හා සම්බන්ධ වී වයිරසය නිෂේධනය කිරීමේ කාර්යක්ෂමතාව අඩු වීම යි. එහෙත් තුන්වන මාත්‍රාවකින් පසුව ජනනය වන ප්‍රතිදේහ ප්‍රමාණය ඉතාම වැඩි නිසාත් එහි කාර්යක්ෂමතාව ද වැඩි බැවින් එමගින් ඉතා හොඳ ආරක්ෂාවක් ලැබෙන බවට තවදුරටත් තහවුරු වී තිබේ.
ලොව බොහෝ රටවල් තම තමාගේ ජනගහනය හැකි ඉක්මනින් එන්නත් කිරීමට උත්සුක වන මේ අවස්ථාවේදී ලංකාව තුළ බූස්ටර් මාත්‍රාව සියලු දෙනාටම ලබාදීම සඳහා ඇති පමණ එන්නත්තොග තිබීම අප සියලු දෙනාම සතුටට පත්විය යුතු කාරණාවකි.
ලංකාව තුළ ද ඉතා ඉක්මනින් පැතිරීගෙන යන ඔමික්‍රෝන් ප්‍රභේදය ඉදිරි සති කීපය ඇතුළත දී විශාල පිරිසක් ආසාදනය කිරීමට හැකි බව විශේෂඥයින් විසින් අනතුරු අඟවා ඇත. මේ අවස්ථාවේදී සෞඛ්‍ය අමාත්‍යංශය වෙනුවෙන් අප ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ ඔබට හැකි ඉක්මනින් ඔබට ලබා දෙන බූස්ටර් එන්නත ලබා ගැනීම සඳහා යොමුවන ලෙසටයි. ඉතා පටු අරමුණුවලින් පතුරුවාහැරෙන මිත්‍යා මතවලට නොරැවටී හැකි ඉත්මනින් බූස්ටර් එන්නත ලබා ගැනීමට උත්සුක වන්න, ඇතැම් අයට පමණක් සුළු අතුරු ආබාධ තත්ත්වයක් පෙන්නුම් කළ හැකි අතර එසේ වුවත් දින කිහිපයකින් එකී තත්ත්වය අවසන්ව යයි. එබැවින් එන්නත් ගැන නිරන්තර තොරතුරු යාවත්කාලීන කෙරෙන බැවින් ඒ ගැනද දැනුම්වත් වී සෞඛ්‍ය අංශවලට ඔබේ සහයෝගය හැකි උපරිමව ලබා දෙන්න.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ තොරතුරු ඇසුරිනි
-සටහන- මාධවී ධර්මරත්න
පිළිකා රෝගය කලින් කඳුනා ගනීමෙන් නිට්ටාවටම වුව සුව කරගත හැකි රෝගයකි.. එහෙත් නොසැලකිලිමත්කමෙන් හෝ නොදැනුවත්බවින් සිටියහොත් එසේ සුව කරගත හැකි අවස්ථා මග
පුද්ගලයකු කායිකව හෝ මානසිකව රෝගී වූ විට හොඳම විසඳුම නිසි ප්‍රතිකාරයක් සඳහා යොමුවීමයි. එහෙත් ඖෂධ ප්‍රතිකාර ගත් පමණින්ම රෝගයක් සුවවෙන්නෙ නැහැ. ඒ සඳහා තව
මෙරට ලාඳුරු රෝගීන් සොයාගැනීම ඉහළ ගොස් තිබේ. පසුගිය වසරේ ලාඳුරු රෝගින් 1500කට අධික සංඛ්‍යාවක් අලුතින් වාර්තා වී තිබෙන අතර එයින් 173 දෙනෙකු පාසල් දරුවන් ය.
අලුත උපන් බිළිඳාගේ පූර්ණ පෝෂණයට අවශ්‍යය වන එකම ආහාර වේල වන්නේ මව්කිරි ය. එම නිසා දරුවාගේ වැඩීමට, බුද්ධිවර්ධනයට හා ප්‍රතිශක්තිකරණය සඳහා මුල් මාස හය නිව
පසුගිය කාලයේ පැතිර ගිය ඔමික්‍රෝන් රෝගයේ ම අනු ප්‍රභේදයක් වන න්‍භග 1 ප්‍රභේදය මේ වනවිට ලෝකය පුරාම ඉතා ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබේ. එම රෝගය මෙරටටත් පැමිණ
මේ වනවිට පරිගණක භාවිතය ඉතා බහුල වී තිබේ. දෛනික ක්‍රියාකාරකම් මෙන්ම රැකියාවල කටයුත ද ඉතා පසු කරන මෙවලමක් වන පරිගණකය වැඩ පහසු කරනවා වුවත් එය පුද්ගල කායි
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
බූස්ටර් එන්නත ලබා ගැනීමේ වාසි