(යොහාන් භාසුර)
‘කොවිඩ්’ වසංගත තත්වය හේතුවෙන් ආතතියට පත්ව සිටින දරුවන්ට සහ දෙමව්පියන්ට දිනචරියා සටහනක් අනුව කටයුතු කිරීමෙන් ඉන් මිදීමට හැකි යැයි කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සායනික මනෝ විද්‍යාඥ ටීනා සොලමන්ස් මහත්මිය පවසන්නීය.
දරුවකු නම් දිනචරියාවට අවදිවන වෙලාව, අධ්‍යාපන කටයුතු, විවේකීව සිටීමට සහ විනෝද කටයුතු සඳහා ද කාලය වෙන්කළ යුතු බවත් දිනචරියාව සටහන පරිදි නියමිත පරිදි ක්‍රියාත්මක කළ යුතුමයි නියමක් නොමැති බවත් ටීනා සොලමන්ස් මහත්මිය පැවසුවාය.
දරුවන් රූපවාහිනී හෝ දුරකථන තිරයක් සමඟ කටයුතු කරන්නේ නම් විනාඩි 30 ත් 40 ත් අතර කාලයකදී ඇස්වලට විවේකයන් ලබාදීම ඉතාම වැඳගත් වන බව කී ඇය පැවසුවේ නින්දට යෑමට විනාඩි 30 කටවත් පෙර තිරය භාවිතය නැවැත්විය යුතු බවත්ය.
COMMENTS
මේවා කරන්නේ කොහොමද රටේනේ ඔන්ලයින් ක්ලාස් තියෙන්නේ .පවතින රජයට බැරි වුනානේ ඒ සඳහා සහන සලසන්න .දවල් වරුවේ ගාස්තු අඩු කරන්න කියන්න දුරකථන සමාගම් වලට .ඔබ කියන දේවල් ප්‍රයෝගික වෙන රටවල මහත්මයා