IMG-LOGO

පූර්ණ එන්නත්කරණයට ලක් වූ ඔබට නව මාර්ගෝපදේශ

කොවිඩ් -19   නව ප්‍රභේද සමඟ වෙනස් වූ වයිරසයේ ක්‍රියාකාරීත්වය, එන්නත්කරණ වැඩසටහනේ ප්‍රගතිය මෙන්ම කොවිඩ් පිළිබඳව අලුත්ම විද්‍යාත්මක දත්ත පදනම් කර ගනිමින් කොරෝනා ආසාදිතයන් සහ ආශ්‍රිතයන් සම්බන්ධව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව මාර්ගෝපදේශය යාවත්කාලීන කොට තිබේ. 

මේ අනුව පූර්ණ එන්නත්කරණයට ලක් වූ පුද්ගලයෙක් කොවිඩ් ආසාදිතයෙක් ගේ පළමු පෙළ ආශ්‍රිතයෙකු වුවත්, කිසිදු රෝග ලක්ෂණයක් නොමැති නම් නිවාසගත නිරෝධායනයට ලක්විය යුතු නැත. ඔවුන්ට තමන්ගේ එදිනෙදා කටයුතු නව සාමාන්‍ය ජීවන රටාව අනුව කරගෙන යා හැකි අතර යම් රෝග ලක්ෂණයක් ඇති වුවහොත් පමණක් රැපිඩ් ඇන්ටිජන් හෝ PCR පරීක්ෂාවක් සිදු කර ගැනීම ප්‍රමාණවත් වේ.

මෙසේ සම්පූර්ණ එන්නත්කරණයට ලක් වූවා යැයි සැලකෙන්නේ පහත සඳහන් කණ්ඩායම් පමණයි.

ඔබ වයස අවුරුදු 20 ට වැඩි නම් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන දෙවැනි මාත්‍රාවද ගෙන සති දෙකක් ගත වී තිබිය යුතුයි . දෙවෙනි මාත්‍රාව ලබාගෙන මාස තුනකට වඩා වැඩි නම් බූස්ටර් මාත්‍රාව ලබා තිබීම අනිවාර්ය සාධකයකි.

දෙවැනි මාත්‍රාෙවන් පසුව බූස්ටර් එන්නත ලබාගැනීමට මාස තුනක්  ගත විය යුතුයි. දෙවෙනි මාත්‍රාව ලබාගැනීමෙන් පසුව යම් කිසි පුද්ගලයෙකු කොවිඩ් ආසාදිතයෙකු වුවහොත්, බූස්ටර් මාත්‍රාව ලබා ගැනීම සඳහා, දෙවන මාත්‍රාවේ සිට මාස තුනක් සම්පූර්ණවීම සහ ආසාදිතයෙකු වී මසක් ගත වී තිබීම යන කරුණු දෙකම සම්පූර්ණ වීම අවශ්‍යයි.

වයස අවුරුදු 16-19 අතර දරුවන් පූර්ණ එන්නත්කරණයට  ලක්වී ඇතැයි සැලකෙන්නේ එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන  සති දෙකක් ගත වූ පසුවයි.

වයස අවුරුදු 12 ත් 15 ත් අතර දරුවන් එක් එන්නත් මාත්‍රාවක් ලබාගෙන සති දෙකක් ගත වූ පසු පූර්ණ එන්නත්කරණයට ලක් වූවන් ෙලස සැලකේ.

මෙලෙස පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ පළමු පෙළ ආශ්‍රිතයන් සියලු දෙනා දින 7 ක කාලයක් නිවාසගත නිරෝධායනයට ලක්වීම අනිවාර්‍යවන අතර රෝග ලක්ෂණ ඇති වූවොත් පරීක්ෂණ සඳහා යොමු කෙරෙනු ඇති. 

කොවිඩ් එන්නතේ පූර්ණ ආරක්ෂාව ලබාගෙන ඔබත් ඔබේ ආදරණීයයනුත් දරුණු වසංගත තත්ත්වයෙන් ආරක්ෂා වීම සෞඛ්‍ය අංශවල පැතුමයි.

(සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ තොරතුරු ඇසුරිනි)

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

පූර්ණ එන්නත්කරණයට ලක් වූ ඔබට නව මාර්ගෝපදේශ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site