IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


ශ්‍රී ලංකාවේ සියලුම නීතිවලට ගරුකරන්න විදේශිකයන්ට පිස්සු නෑ

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවේ සියලුම නීතිවලට ගරුකරමින් සංචාරය කිරීමට විදේශිකයන්ට පිස්සුවක් නොමැති බවත් සංචාරකයන්ට දින 14 ක් තිස්සේ කාමර ඇතුළට වී නිදියන්න නොහැකි බවත් රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා පාර්ලිමේන්තවේු විවාදයකට එක්වෙමින් අද (05) පැවසීය. ‘කොවිඞ් 19’ වසංගතයට පසුව ක්‍රියාත්මක වන සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ නියමු ව්‍යාපෘතිය පිළිබඳව විපක්‍ෂයෙන් යොමු වූ විවේචනවලට පිළිතුරු දෙමින් නිමල් ලංසා ඇමතිවරයා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.

“ලංකාවට එක සංචාරකයො අපි දාන ඔක්කොම නීතිවලට අනුව එන්න ඒ ගොල්ලන්ට පිස්සු නෙමෙයිනේ. දවස් 14 ක් බුදියන්න. එහෙම එනවද බුදියන්න. එක එක්කෙනාට නීති දාන්න පු`ඵවන්. ඒ නීතිවලට යටත්වෙලා සංචාරක කර්මාන්තෙ දියුණු කරන්න බෑ”

“හර්ෂ මන්ත්‍රිතුමා කියනවා සංචාරකයො දින 14 ක් තියන්න ඕන කියලා. ඔබතුමා දන්නවා සංචාරකයෝ පසුගිය ඉතිහාසය පුරා ඇවිත් තියෙන්නේ දින 10 යි, 12 යි, 14 යි. ඔබතුමාලා කියන්නේ සංචාරකයා පැය ගාණක් ඇවිල්ලා, කාමර ඇතුළෙ නිදියගෙන ඉඳලා ආපහු යන්න කියලද? එහෙම සංචාරකයන්ට පිස්සුවක් නෑ බුදියගෙන ඉදලා යන්න”

“සංචාරක ව්‍යාපාරයේ නියුතු ලක්‍ෂ 30 ක් ජනතාව මාස නවයක් තිස්සේ තමන්ගේ වාරික ගෙවා ගන්න බැරිව ඉන්නවා. එදිනදා කටයුතු කරගන්න බැරිව ඉන්නවා. ඒ නිසා තමයි රජය උත්සාහ කරන්නේ නියමු ව්‍යාපෘතියක් විදියට මේ ජනවාරි මාසයේ ගුවන්තොටුපළ විවෘත කරලා ශ්‍රී ලාංකිකයන්ව ඕනම වාණිජ ගුවන්යානයකින් ගෙන්න පුළුවන්ද කියලා බලන්න. සංචාරක කර්මාන්තය සඳහා ගුවන්තොටුපළ විවෘත කරන්න පු`ඵවන්ද කියලා බලන්නේ මේ නියමු ව්‍යාපෘතියෙන්”

“නියමු ව්‍යාපෘතියක අඩුපාඩු තියෙන්න පු`ඵවන්. වැරදි වෙන්න පුළුවන්. අපි වැරදි හදාගෙන, අඩු පාඩු හදාගෙන මේ රටේ සංචාරක ව්‍යාපාරයේ නියුතු අහිංසක ජනතාවට යම්කිසි ආදායමක් එන විදියට මේ කර්මාන්ත විවෘත කරන්නයි”

සමඟි ජනබලවේගයේ මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා මුලසුනේ අවසර ඇතිව මෙසේ අදහස් දැක්වීය.  
“ඇමතිතුමා, මම කිව්වේ නිරෝධායනය දින හතකට අඩු කරලා තියෙනවා. දින 14 ක නිරෝධානය අඩු කරලා තියෙන්නේ කොන්දේසියක් සමඟ. ඒක තමයි ගුවන් තොටුපළේ පී.සී.ආර්. එකක් කරන්න ඕනේ. දින තුනෙන් පී.සී.ආර්. එකක් කරන්න ඕනේ. දින හයෙන් පී.සී.ආර්. එකක් කරන්න ඕනේ. අපි ඇහුවේ ඒ පී.සී.ආර්. තුන කරලද කියලයි”

නිමල් ලංසා ඇමතිවරයා ඉන් පසුව මෙසේ පිළිතුරු සැපයීය.
“සංචාරක බුබුළු විදියට ගෙනාපුවම පී.සී.ආර්. දෙකක් කරාම ඇති කියන එක තමයි දැනට දීලා තියෙන නිර්දේශය. ඒ අනුව තමයි කටයුතු කරන්නේ. ඒ අය බාහිර සාමාජ සමඟ කටයුතු කරන්න යන්නේ නෑ”

 



අදහස් (53)

ශ්‍රී ලංකාවේ සියලුම නීතිවලට ගරුකරන්න විදේශිකයන්ට පිස්සු නෑ

indika Tuesday, 05 January 2021 11:32 AM

වැරැදි කතාවක්... රටේ නීතියට මොන කෙනෙක් වුණත් යට වෙන්න ඕනේ.. හැම රටකම ඒක තමයි වෙන්නේ.

:       3       214

dasunTuesday, 05 January 2021 12:23 PM

ජීවිතේට පාසලකට නොගිය අය කියන කතා ගනන්ගන්න එපා. මීගමුව ලස්සන නගරය කුඩුවලින්, දූෂණයෙන් පිරුණු ලංකාවේ තිබෙන අශෝභනම නගරය කලේ එයාම තමයි.

:       2       224

RaveendraTuesday, 05 January 2021 02:24 PM

ඔබගේ අදහස් 100% නිවැරදිය. දියවන්නාව පට්ටියේ 225 න් හාරත බූරුවන්ගේ ඝනයට වැටෙන අය තම බුද්ධිය නිසිලෙස ලොවටම ප්‍රදර්ශනය කර ඇත.

:       1       124

nimalTuesday, 05 January 2021 09:57 PM

ශ්‍රී ලංකාවේ සියලුම නීතිවලට ගරුකරන්න විදේශිකයන්ට පිස්සුද? විදේශිකයන් ලංකාවට එන්නේ විනෝද වෙන්න. එසේ නොමැතිව දින 14ක් හෝටල්වල ඉන්න නොවේ. ලංකාවේ මිනිස්සු ලිඳේ ගෙම්බෝ වගේ කිසිම දෙයක් තේරෙන්නේ නැති හැටි. රටේ ආර්ථිකය ගැන හිතලා රජයක් හැටියට ගත් තීරණයක්... ලංසාගේ කතාව 100% සත්‍යයි.

:       8       1

ruchiFriday, 08 January 2021 09:36 AM

අනේ, නීතිය හැම කෙනාටම පොදු වෙන්න ඕනෑ. එහෙම නම් මේ පිටරට ඉන්න අපිටද පිස්සු?

:       0       3

senaWednesday, 06 January 2021 04:58 AM

මෙයාගේ කතාව ඔක්කොම පටලවාගෙන ... මෙයා කියන්නේ රටේ නීතියට ගරු කරන්නේ පිස්සන් කියන එකයි.

:       0       9

pubudu Tuesday, 05 January 2021 11:41 AM

රටක නීතියට ගරු කරන්න බැරි නම් මොකටද එන්න දෙන්නේ? අපි වෙන රටකට ගියාම ඒ රටවල නීතියට යටත්. මේක තේරුම් ගන්න බැරි කට්ටිය පාර්ලිමේන්තු යවපු එකයි වරද...

:       3       154

A.B.SrilaTuesday, 05 January 2021 01:08 PM

පුදුම නීතියක් තියන අරුම පුදුම රටක්. ශ්‍රී ලාංකික පුරවැසියෙක් ලංකාවට අාවිට දවස් 14ක් නිරෝධානයට හෝටලේ නිදාගන්න හැකිය. සංචාරකයෙක් ආ විට ඔවුන් නිදැල්ලේ රට තුල සංචරය කළ හැකිය. සංචාරකයිගෙන් කෝවිඩ් බෝ නොවේ. ශ්‍රී ලාංකික පුරවැසියාගෙන් කෝවිඩ් බෝවේ.

:       1       106

සඳුන් Tuesday, 05 January 2021 11:41 AM

ලංකාවේ ඡන්ද දායකයින්ගෙන් භාගයකටම පිස්සු. ඒ මොන භාගයටද කියල හිතන එකත් පිස්සුවක්.

:       2       120

Kamal Tuesday, 05 January 2021 11:49 AM

සාමාන්‍යයෙන් කුඩු වෙළෙන්දොත් ඔහොම හිතනවා.

:       1       144

ruvanWednesday, 06 January 2021 04:36 AM

ආසයි මේ කියන වචනවලට නැවත සැරයක් පත්කරමු. පාර්ලිමේන්තුවට මීගමුවේ බත් කන හරක් හොඳේ...

:       0       8

lal Tuesday, 05 January 2021 11:51 AM

මරු පාලකයෝ... මොකටද නීති රකින්නේ...? එපානම්

:       1       107

Rata Perata Tuesday, 05 January 2021 11:58 AM

මේ මනුස්සයාගේ මොලේ තරම පේනවා නේද? මහින්ද ගිහින් පිළිගත්තේ මේ වගේ කෙනෙක්ද? අයියෝ අපේ රට..

:       1       125

බද්රානි Tuesday, 05 January 2021 11:58 AM

ඇත්ත නේන්නම්, පිටරටවල රැකියා කරන ලංකාවේ පහුගිය කාලේ කොඩි කරේ දාගෙන රඟපාපු ලාංකිකයින් ලංකාවට ආවාම, ඔවුන්ගේ පොකට් එක සුරාගෙන, නිරෝධානයට හෝටලයකට ගාල් කරනවා වගේ යුක්රේනයේ සිට පැමිණෙන වැදගත් සුදු නෝනා මහත්තුරුනට ඒ විදිහට සලකලා කොහොමද?

:       5       88

Sasank ailano Tuesday, 05 January 2021 12:01 PM

මේ වගේ ඇමැතියන්ගෙන් රටට වැඩක් සිදුවේද? රටට තිබෙන නීතිවත් දන්නේ නැහැ. විදේශයකින් පැමිණි විට ඒ රටේ නීති වලට ඔවුන් බැඳී සිටිනවා. අඩුම ගානේ පාස් පෝර්ට් එකේ තියෙන නීති ටිකවත් කියවන්න.

:       1       86

sachith Tuesday, 05 January 2021 12:04 PM

අර ඊයේ අල්ලපු බෝට්ටුවේ ඒවා ටික කාගේද?

:       1       92

විපරමා Tuesday, 05 January 2021 12:16 PM

මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට වගේම, ඡන්දෙ දීලා උන් පාර්ලිමේන්තුවට යවපු මෝඩයොත් බලන් ගියාම පිස්සන් තමයි.

:       1       92

karu Tuesday, 05 January 2021 12:24 PM

නීති ගරු කරන්නේ නැති විදේශිකයින්ට ගම්වල මිනිස්සු පහර දෙන දවස වැඩි ඈතක නැහැ.

:       1       79

බණ්ඩාර Tuesday, 05 January 2021 12:27 PM

විකාරද මන්දා? නීතිය කාටත් එකනෙ.

:       1       54

විජිත් Tuesday, 05 January 2021 12:35 PM

රටක නීති සම්පාදනය කරන ආයතනය පාර්ලිමේන්තුවයි. රටේ ජනතාව වෙනුවෙන් ජනතාව විසින් ' සීමිත කාලයකට ' ජනතාව නියෝජනය කරන්න පත්කරන පුද්ගලයා තමයි මන්ත්‍රී කියන්නේ. මේ මන්ත්‍රීලා පසුව අගමැතිට ජනාධිපතිට කඩේ ගිහින්, ගෙදර වලන් පිඟන් හෝදලා... ඇමතිකමක් ගන්නවා. ඉතින් මේ අයගෙන් වැඩි හරියක් උගතුන් නොවෙයි. මේ ලන්සාගේ කතාවෙන්ම පැහැදිලිවෙනවා ඔහුගේ නොහැකියාව. පාර්ලිමේන්තුවේ නීති සම්පාදනයට හවුල්වන කෙනෙක්ම කියනවා " විදේශිකයින් මේ රටේ නීති පිළිපදින්න ඕන නැහැ " කියලා. මේ මනුස්සයාගේ ඇම්බැට්ටයෝ හැමදාම මීගමුව කොටුව පිට්ටනියේ විකුණන කුඩු වැරදිලා මිනිහටම පෙවිලාද කොහෙද? මේ වගේ මැටි මෝල් මෝඩ ඇමතිලා ඕනෑතරම් මේ ධර්මද්වීපයේ දියවන්නාවේ හොල්මන් මන්දිරයෙන් හොයාගන්න පුළුවන්. කුඩුවලින් සරුසාර කළ මීගමුව මේ පාර කොරෝනාවලින් සශ්‍රික කරන්න මෙයා හදන්නේ...

:       0       74

සෑම් Tuesday, 05 January 2021 12:50 PM

ශ්‍රී ලංකාවේ සියලුම නීතිවලට ගරුකරන්න අපි වගේ කුඩ්ඩන්ට පිස්සු නෑ

:       1       52

Nuwan Tuesday, 05 January 2021 01:06 PM

stf එකෙන් ගිහින් මුන්දැගේ ගෙදර වට කළාම මහින්ද හෙලිකොප්ටරෙන් ගිහින් බේරගත්ත හැටි අපිට මතකයි. මේ වගේ සතපහකට වැඩක් නැති අය රට කරවන තැනට එවන මිනිස්සුන්ට ගහන්න ඕනේ මඩු වලිගෙන්...

:       1       68

SAMARASINGHA Tuesday, 05 January 2021 01:14 PM

මේක සිංහල බෞද්ධ රටක්. ඔහෙලා කොහොමත් පරංගින්ගෙන් පැවත එන මිනිස්සුනේ. ආපු අතක් බලාගෙන ගියා නම් හරි.

:       1       3

ජගත් Tuesday, 05 January 2021 01:19 PM

මොලේ කළඳක් නැති කුඩු ජාවාරම්කාරයෝ පාර්ලිමේන්තු යවපු මීගමුවේ මෝඩයන්ට මඩු වලිගෙන් තලන්න ඕනෑ.

:       0       2

මෝ Tuesday, 05 January 2021 01:19 PM

මෙයාට තමයි පිස්සු... රටේ නීතිය සැමට එක විය යුතුයි. ජනාධිපති, අගමැති දෙන්නගේ මස්සිනාගේ ප්‍රොජෙක්ට් එකක් හින්දද නීතිය නවන්න ඕනේ කියන්නේ. ලංකාවේ මිනිස්සු අසරණයි. මේ ආණ්ඩුව පාතාලේ වගේ රට කරන්නේ. ජනතාවට දෙවියන්ගේ පිහිට පමණි...

:       0       1

Buddika Tuesday, 05 January 2021 01:23 PM

මේ වගේ මිනිස්සු පාර්ලිමේන්තුවට යවපු අයට පිස්සු. හිරේ ඉන්න ඕනේ අය පාලකයෝ උණාම මේ වගේ බොරු කතා කියනවා... මේකේ වගකීම ගම්පහ ඉන්න අය ගන්න ඕනේ. මේ රටේ නීතිය කියන්නේ එක එක්කෙනාගේ දේපලක් නොවේ. කවුරු මොන රටට ගියත් ඒ රටේ නීතියට අවනතයි. දැන් යුක්රේනයේ ගණිකා වෘත්තිය නීත්‍යානුකූලයි. ඒ රටේ ඇවිත් පුළුවන්ද මේ රටට ඇවිත් ප්‍රසිද්ධියේ මේවා කරන්න. ලංසා ඉස්කෝලේ ගියාද මන්දා..?

:       1       47

Prabha Tuesday, 05 January 2021 01:44 PM

එයාට මේ කාලයේ සෑහෙන්න පාඩු ඇති. ලෝකල්ස්ලා වගේ නොවේනේ.. සුද්දන්ට වැඩි මිලට කුඩු ටිකක් දීගන්න පුළුවන්නේ.

:       0       47

සුපුන් Tuesday, 05 January 2021 01:50 PM

තව මේ වගේ කට්ටියක් ඉන්නවලු නාවික හමුදාව තුළ.... ඇත්තද දන්නේ නෑ.. නිලධාරින් සියලුම දෙනාටම රාජකාරියෙන් පසු ගෙදර යන්න පුලුවන්ලු. සාමාන්‍ය සෙබලුන්ට යන්න බැහැලු. නිලධාරීන්ට කෝවිඩ් හැදෙන්නේ නැහැලු. සෙබලුන්ට හැදෙනවලු. අපේ යාලුවෝ ගොඩක් ඉන්නවා නාවික හමුදාවේ... හොයලා බැලුවාම කතාව ඇත්ත... මේ ලංකාවේ හැම නීතියම තියෙන්නේ පොඩි මිනිහාට විතරයි.

:       2       43

Buddika Tuesday, 05 January 2021 01:56 PM

මෙහෙම පාර්ලිමේන්තු යවපු අය හරක් නෙමෙයිද? කුඩු බිස්නස් කරලා, තරුණ පරපුර විනාශ කරලා දැන් රටේ නීතිය කන්නද හදන්නේ? මේ වගේ ගොන් කතා කියන්නේ ඇත්තටම මොලේ නැති නිසා නේද? රටේ නීතිය එක එක කුඩු මුදලාලිලාගේ අම්මගේ අප්පගේ බූදලයක් නොවෙයි. මේකද සෞභාග්‍යෙය් දැක්ම...?

:       0       49

Nihal Tuesday, 05 January 2021 02:59 PM

තමන්ගේ නියෝජිතයන් මෙහෙම ගොන් කතා කියන එක ඡන්දය දුන්නු අයට අභිමානයක්...

:       1       33

Sudeera Tuesday, 05 January 2021 02:22 PM

කුඩ්ඩා කුඩ්ඩාමය...

:       0       2

Nihal Tuesday, 05 January 2021 02:22 PM

මේ වගේ අය පාර්ලිමේන්තුවට යවන අයටත් පිස්සු තමයි.

:       0       2

wicky Tuesday, 05 January 2021 02:54 PM

ඔය මහත්මයා ඔවැනි මතයක ඉන්නවා නම් සෞදි අරාබිය වගේ රටකට යවන්නකෝ... ටික දවසකට අපේ රටේ විදිහට ඒ රටේ ඉන්න ගත්තොත් එන්න වෙන්නේ අත පයත් නැතිව... මම මේ උදාහරණයක් දුන්නේ.. සංචාරකයින්ට රටවල් වලට ඇවිත් ඕන ඕන විදිහට හැසිරෙන්න බැහැ...

:       0       40

Don perera Tuesday, 05 January 2021 03:00 PM

මීගමුවේ අය කතාකරයි.

:       0       33

chandima Tuesday, 05 January 2021 03:17 PM

ඒ වුණත් අනිත් රටවල් වල නම් සංචාරකයෝ ඒ රටවල් වල නීති රීති වලට යටහත්ව එව්වා පිළිපදින්න ඕනෑ. ගිහින් බලන්නකෝ... අඩු තරමින් ඉතියෝපියාවට වත්...

:       0       35

Amal Tuesday, 05 January 2021 03:29 PM

ඒක රටක් එක නීතියක් නොමැති බව නේද මේ කියන්නේ? පිටරට පදිංචි ලාංකිකයන් රටට නිවාඩු එනකොට සති දෙකක් නිරොධායනය බලපාන ආකාරය කොහොමද?

:       0       34

ගාමිණී Tuesday, 05 January 2021 03:44 PM

රටකට යන ඕනෑම අයෙකු එම රටෙහි නීතියට ගරුකළ යුතු බවවත් නොදන්නා සාමාන්‍ය දැනීමක්වත් නැති මෙවැනි මන්ද බුද්ධිකයින් පාර්ලිමේන්තුවට යැවීම පිළිබඳව මීගමුව ජනතාව දෙවරක් සිතාබැලිය යුතුයි. මෙවැනි නායකයින් සිටිනා අප ආදරණීය රටට තුණුරුවන්ගේම පිහිටයි...

:       0       0

sorisena Tuesday, 05 January 2021 04:08 PM

මීගමුවේ ජනතාවනි, ඔල්මොරොන්දන් වෙච්චි අය පාර්ලිමේන්තුවට එවීමෙන් පිළිබිඹු වන්නේ බුද්ධියේ තරමයි...!!!

:       1       32

vipula Tuesday, 05 January 2021 04:15 PM

මේවගේ මිනිස්සු පාර්ලිමේන්තුවට එවන නරි තමයි වග කියන්න ඕනේ.

:       1       28

asoka Tuesday, 05 January 2021 04:47 PM

හොඳමයි මහත්තයෝ... අපිත් එනවා නිවාඩුවට ගෙදර. අපිටත් පිස්සු නෑ දවස් 14 ක් ඔහෙලා කියන හෝටල් වල බුදියන්න. බුදියන්න ඉඩකඩ ඇති ගෙවල් අපිටත් තියෙනවා. අපිටත් ගෙදර යන්න ඕනෑ දෙමාපියන් බලන්න.

:       0       2

Hafeel Tuesday, 05 January 2021 04:57 PM

එක රට, එක නීතිය ඉවරයි. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දීලා ඉවරයි. මහා බැංකු බැඳුම්කර වංචා නඩු තවදුරටත් ඉදිරියට ගෙනියන්න බැරිබව අලි සබ්රි කියයි. පාස්කු බෝම්බ ප්‍රහාර පිළිබඳව වැදගත් තොරතුරු ගන්න ඉන්දියාවට පැන ගිය සර්ව තවමත් ඉන්දියාවෙන් ඉල්ලලා නැහැ. විස්ස සම්මත කරගන්න හලාල් ඡන්දත් ගත්තා. කන්න ලැබුණත් කබරගොයාත් තලගොයා වෙනවා වගේ. ඉතින් මේ ආණ්ඩුව ගැන තවත් බලාපොරොත්තු තැබිය හැකිද?

:       0       3

Kamal Tuesday, 05 January 2021 05:36 PM

මේ මනුස්සයාගේ සැබෑ උගත්කම පෙන්නුවා.

:       0       2

CHANDIMA Tuesday, 05 January 2021 05:40 PM

ආපු අයට නම් පිස්සු නැහැ තමයි. ඒත් මෙයාට නම් පිස්සු වගේ..

:       0       1

Perera Tuesday, 05 January 2021 07:18 PM

මොලයක් තියෙන වැඩි දෙනා දැන් ලංකාවේ නැහැ. ඒ අය කාලයක් කාලයක් තිස්සේ ඉඳලා රට දාලා විදේශගත වෙලා.දැන් ලංකාවේ ඉතුරුවෙලා ඉන්න අයගෙන් වැඩිදෙනා මොලයක් නැති මැට්ටන්. ඒ අය වැඩි ඡන්දයෙන් පත්වන නියෝජිතයෝ තමයි දැන් රට පාලනය කරන්නේ. බල්ලො එක්ක ලැග්ගොත් කිනිතුල්ලොත් එක්ක නැගිටින්න වෙන්නේ...

:       0       1

ගාමිණී කන්නන්ගර Tuesday, 05 January 2021 10:19 PM

ආ ... මන්ත්‍රී තුමා ...!!! 

:       0       1

kasun Tuesday, 05 January 2021 10:34 PM

මෙතුමා ඉපදිලා තියෙන්නේ අනික් පැත්තෙන්...

:       0       2

rocky Wednesday, 06 January 2021 12:49 AM

මට හිතෙන්නේ මුන්නැහේට විකාර වැහිලා කියලයි. කුඩුවල ඌෂ්ණේ ඔලුවට ගහලා වෙන්නැති...!!!

:       0       3

Chamila Wednesday, 06 January 2021 02:18 AM

ලෝකයේ කෙනෙක් තව රටකට යනවා නං ඒ රටේ දින නීතියට අනිවාර්යෙන්ම යටත් විය යුතුයි. ඒක තමයි ලෝක ප්‍රඥප්තිය.. ඒකවත් තේරෙන්නෙ නෑනෙ ඒකයි ප්‍රශ්නය...

:       0       3

Wedage Wednesday, 06 January 2021 03:46 AM

කුඩු, ගංජා, එතනෝල් කාරයන්ට ‘එක රටක්, එක නීතියක්‘‘ කොහොමත් අදාළ නැහැ.

:       0       4

Raveendra Wednesday, 06 January 2021 03:55 AM

සර් උඩින්ම පාස්.. මෙයාලා ඒක හොඳටම කරගෙන යනවා. මීගමුවෙ ගැම්ම.. ජය වේවා...!

:       1       5

sharm warn Wednesday, 06 January 2021 04:06 AM

කුඩු වෙළඳාමෙන් සල්ලි හොයාගෙන පොහොසත් වෙලා උත්තරීතර තැනකට ගියාම මෙහෙම වෙනවා. අර සිංහයාගේ පාටියට ගිය නරියා කළේත් මේක නේ... මීගමුව සහ ගම්පහ කට්ටිය කට්ටිය ආඩම්බර වෙන්න ඕනේ මේ වගේ උගත්, අවංක, බුද්ධිමත් පිරිසිදු අයව රටේ පාලනයට පත්කරපු එක...

:       0       7

Deepal Nirosh Wednesday, 06 January 2021 06:41 AM

මේ වගේ පිස්සු ලංසුවක් තම අමාත්‍ය මණ්ඩලයට පත් කර ගත්ත නායකයෙකුට මනාපය පුද කරපු රටෙන් 59%ක ඡන්දදායකයන් තරම් තවත් පිස්සන් පිරිසක් ලෝකෙම නැතුව ඇති.

:       0       4

Bamunuarachchi Friday, 08 January 2021 04:30 AM

සව්දි අරාබියට යනවානම් දේපල පවුලට ලියලා යන්න. එහෙ නීතිවලට අවනත නොවුණොත් එහෙ නීතිය ක්‍රියාත්මක වෙනවා. බෙල්ල කැපිලා තමයි නවතින්නේ. ගොන් පාට් තමයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

Covid19

අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1139 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2770 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 933 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 718 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 926 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


කොවිඩ් මරණ තවත් 4 ක්
2022 අගෝස්තු මස 23 800 0

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 268 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1617 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1506 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site