IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


කොරෝනා මර්දනයට මුලටියන ප්‍රා.සභාවෙන් ලක්ෂ 50 ක්

(සුමතිපාල දීයගහගේ)

කොරෝනා වයිරසය නිසා අපහසුතාවයට පත්ව සිටින ජනතාවට සහන සැලසීමට සහ කොරෝනා වයිරසය මර්දනය කිරීම සඳහා මුලටියන ප්‍රාදේශීය සභාව රුපියල් ලක්ෂ 50 ක මුදලක් වෙන්කර ඇතැයි මුලටියන ප්‍රාදේශීය සභාවේ සභාපති සුනිල් ඇල්ලදෙණිය මහතා පවසයි.

මීට අමතරව දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා විසින් තවත් රුපියල් ලක්ෂ 20 ක මුදලක් ලබාදි ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.

මෙම මුදල්වලින් සහන මිලට ජනතාවට වියළි ආහාර ද්‍රව්‍යමල්ලක් බැගින් ලබා දෙන බවත් එම බඩු මල්ල සහන මිලට දීමේදී ලැබෙන ලාභ මුදල් වලින් ප්‍රදේශයේ අසරණ පවුල්වලට නොමිලේ වියළි ආහාර ද්‍රව්‍ය මල්ලක් බැගින් ලබා දෙන බවත් ඇල්ලදෙණිය මහතා පැවසිය.

මේ අතර පානීය ජල ප්‍රශ්නයට විසඳුමක් ලෙස ජාතික ජලසම්පාදන හා ජලපවහන මණ්ඩලයෙන් නොමිලේ ලබා ගන්නා ජලය ප්‍රාදේශීය සභාවේ ටැක්ටර් මගින් බෙදාහැරිමටද පියවර ගෙන තිබේ.

මුලටියන, දෙයියන්දර, මාකදුර යන නගර ඇතුලු සියලුම පොදුස්ථාන විෂබීජහරණය කිරිම නොකඩවා සිදු කිරිමටද කටයුතුයොදා ඇත.

ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල පිහිටි ග්‍රාම නිලධාරී වසම් 48 තුල වගා කිරිම සඳහා බිම් සකස් කර ප්‍රාදේශීය සභාවට පෙන්වන අයට පමණක් නොමිලේ පෝර ලබා දෙන බවත් සුනිල් ඇල්ලදෙණිය මහතා පැවසීය.



අදහස් (0)

කොරෝනා මර්දනයට මුලටියන ප්‍රා.සභාවෙන් ලක්ෂ 50 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 818 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2466 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1773 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site