IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


කොරෝනා මඬින්න අතුරලිය ප්‍රා. සභාවෙන් ලක්ෂ 5 ක්

(සුමතිපාල දීයගහගේ)

කොරෝනා වයිරසය නිසා අපහසුවට පත්ව සිටින අතුරලිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ  ජනතාවට සහන සැලසීමට සහ කොරෝනා වයිරසය මර්දනය සඳහා එම ප්‍රාදේශීය සභාව රුපියල් ලක්ෂ පහක මුදලක් වෙන්කර ඇතැයි අතුරලිය ප්‍රාදේශීය සභාවේ සභාපති ඩබ්ලිව් ජී නිහාල් ද සිල්වා මහතා පවසයි.

මීට අමතරව අවශ්‍යතා මත සභා අරමුදලින් තවත් මුදල් ලබා ගැනිමට ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන්ගේ අනුමැතිය තමාට ලැබිඇතැයිද ඒ මහතා පැවසීය.

සතොස සහ සමුපකාර සමිතියෙන් අවශ්‍ය භාණ්ඩ මිලදී ගෙන සහන මිලකට ජනතාවට වියළී ආහාර ද්‍රව්‍ය මල්ලක් ලබාදිමට කටයුතු යොදා තිබේ.

පානීය ජල ප්‍රශ්නය අතුරලිය ප්‍රදේශයේ ජනතාවට තදින් බලපා ඇති නිසා සභා භූමියේ පිහිටි ළිදකින් ලබා ගන්නා ජලය බවුසර් මගින් ජනතාවට සැපයීමේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කර ඇති බව සභාපතිවරයා පැවසීය.

තිබ්බොටුවාව නගරය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පොලිසිය, විහාරස්ථාන, ගොඩපිටිය මුස්ලිම් දේවස්ථානය ඇතුලු පොදු ස්ථාන රැසක් විෂබීජහරණය කිරිමට පියවර ගෙන ඇති බවද නිහාල් ද සිල්වා මහතා සඳහන් කළේය.



අදහස් (0)

කොරෝනා මඬින්න අතුරලිය ප්‍රා. සභාවෙන් ලක්ෂ 5 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 61 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 271 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 127 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site