IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


අසරණ ජනයාට සහන සලසන්නැයි ඌවේ පළාත් පාලන අයතනයන්ට දැනුම් දෙයි

(මහේෂ් කිර්තිරත්න)

කොරෝනා වයිරසය හේතුවෙන් ආර්ථික වශයෙන් අපහසුතාවයට පත්ව සිටින පවුල් වෙත සහන සැලසීම සඳහා රුපියල් ලක්ෂ 26 ක මුදලක් වෙන් කිරීමට කටයුතු කළ බව උකුවෙල ප්‍රාදේශිය සභාවේ සභාපති චේතිය දිසානායක මහතා පැවසිය.

ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් සමඟ පැවැති විශේෂ රැස්වීමකින් අනතුරුව මෙම තීරණය ගත් බව සභාපතිවරයා කීය.

ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සඳහා මන්ත්‍රීවරයෙකුට ලබා දි තිබූ මුදල් වලින් රුපියල් ලක්ෂ 26 ක මුදලක් මෙම සහන සේවා කටයුතු සඳහා නිදහස් කිරිමට මන්ත්‍රීවරුන් 26 දෙනාගේම අනුමතිය ලැබුණ බවත් සභාපතිවරයා පැවසීය.

ප්‍රදේශය තුළ මේ වන විට ආර්ථික අසීරුතාවන්ට මුහුණ දී සිටින පවුල් ඒ ඒ වසම් වල සිටින ග්‍රාම නිලධාරින් මගින් හඳුනා ගෙන එම පවුල් වෙත අත්‍යවශ්‍ය වියළි ආහාර සලාක සහ පාලිය ජල පහසුකම් ලබා දීමට තීරණය කළ බවත් ඒ මහතා කීය.

 

 

 



අදහස් (0)

අසරණ ජනයාට සහන සලසන්නැයි ඌවේ පළාත් පාලන අයතනයන්ට දැනුම් දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 61 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 270 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 127 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site