(ටී.කේ.ජී.කපිල )
විදේශගත වී සිටින ශ්‍රී ලාංකිකයන් යළි සිය රට වෙත ගෙන්වා ගැනීමේ වැඩසටහනට අනුව , එහි දෙවන අදියර යටතේ අද(11) දහවල් 12.15 වනවිට ශ්‍රී ලාංකිකයන් 222 දෙනෙකු රටවල් 03 ක සිට ගුවන් යානා 04 කින් කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
අද (11) දින අලුයම 1.23 ට කටාර් හි දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්. 668 දරණ ගුවන් යානයෙන් ශ්‍රී ලාංකික ගුවන් මගීන් 42 ක් ද , එරට එම ගුවන් තොටුපළේ සිට අද (11) දින අලුයම 5.22 ට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් - 218 දරණ ගුවන් යානයෙන් එක් ශ්‍රී ලාංකිකයෙකු ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මීට අමතරව අද (11) දින දහවල් 11.45 ට ජර්මනියේ ෆ්‍රෑන්ක්පර්ට් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.-1506 දරණ ගුවන් යානයෙන් ද තවත් එක් ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
එමෙන්ම අද 11 දින දහවල් 12.15 ට මාලදිවයිනේ මාලේ ගුවන් තොටුපළේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.-1102 දරණ විශේෂ ගුවන් යානයෙන් එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 178 දෙනෙකු මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
මෙසේ පැමිණි සියලු ගුවන් මගීන් එම ගුවන් තොටුපළ වලදී පී.සී.ආර්. පරීක්ෂණ වලට භාජනය කෙරුණි .
COMMENTS
ගුවන් යානා 2කින් මගීන් දෙන්නයි පුදුම සැලකීමක් තියෙන්නේ. සෞදි අරාබියේ දහස් ගණනක් ඉන්නවා. යන්න එක ගුවන් යානයක්වත් එවන්නේ නැහැ.
රටවිරුවන් රැල ලංකාවට ඇවිත් කාට පව් දෙන්නද මේ හදන්නේ? ඉන්න තැනකට වෙලා දුක් විදගෙන හරි මේ වගේ අවස්ථාවක රට වෙනුවෙන් කැප කිරීමක් කරන්න බැරි නම්, ඔය "රට විරු" පට්ටම නමට පමණක් දරාගෙන ඉන්න එක ගැන ලජ්ජා වෙන්න ඕනෑ.. විදේශ ආක්‍රමණ හමුවේ නොසැලී සිටීමට විදේශ විනිමය මේ රටට අවශ්‍යයි. ඒ ගැන සිතා කටයුතු කරන්න රට විරුවාණෙනි...!!