වසන්ත චන්ද්‍රපාල සහ කුමාර සී. ලියනආරච්චි
පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කරන ලද ත්‍රස්තවාදි නායක සහරාන් හෂිම් විසින් කාත්තන්කුඩි පාලමුනේ කරබලා ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය කාන්තවන් පුහුණු කිරිමේ මධ්‍යස්ථානයක් අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවේ නිලධාරීහු සමත්වූහ.
මාවනැල්ල බුදු පිලිම කැඩීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව විසින් අත් අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරිමේදි මෙම ස්ථානය පිලිබදව තොරතුරැ සොයා ගැනිමට හැකිව තිබේ.
පසුව ඔහු සමග කාත්තන්කුඩි පාලමුනේ කරබලා ප්‍රදේශයට ගොස් සියාද් ගාඩන් නැමැති හෝටලය සොය ගැනිමට අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවේ නිලධාරීහු සමත්වූහ.
පසුව පොලිස් විශේෂ කාර්ය බලකායේ පරීක්ෂා නිළධාරින් පැමින මෙම හෝටලයේ කාමර සහ භුමිය දැඩි පරීක්ෂාවට ලක් කරනු ලැබිය.
හෝටලයේ අයිතිකරැ සහ මිට පෙර මෙම ඉඩමේ අයිතිකරැ ගෙන් ප්‍රශ්ණ කර ඔවුන් ගේ ප්‍රකාශ සටහන් කර ගැනිමට අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවේ නිළධාරින් කටයුතු කරනු ලැබිය.
මෙම ස්ථානයේ සහාරාන් සමග කටයුතු කල බොම්බ පුපුරැවා ගෙන මිය ගිය අයගේ බිරින්දෑවරැ පිරිසක් මෙම ස්ථානයේ සහරාන් පැවැත්වු දේශණවලට සහාභාගි වි ඇති බව ද පරීක්ෂණ වලින් කරැණු හෙලි කර ගැනිමටද පරීක්ෂණ පැවැත්වු නිළධාරින් සමත් වි තිබේ.
මේ පිලිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවේ නිළධාරින් වැඩිදුර පරීක්ෂණ පවත්වති.





COMMENTS
ඡන්දෙ කවද්ද?
වැඩක් නැහැ. සහරාන්ව හදපු මිනිස්සු තමයි අද රට පාලනය කරන්නේ. බොරුද...?
ටිකෙන් ටික ඡන්දය වෙනකන්...
අපි බොහෝවිට ඉස්තාලය වසා දමන්නේ අශ්වයා පැන ගියාට පසුවය..
අනේ මේ, ලොක්කෝ, බොරු වැඩ වලින් කාවද මේ රවට්ටන්න හදන්නේ? ඕවා ඔක්කොම ඡන්ද වැඩ බව අපි දන්නවා. හිතාගෙන ඉන්නේ රවී සෙනෙවිරත්න්ලා, ශානි අබේසේකරලා බූරුවෝ කියලා වෙන්ටෑ. ඇයි එතකොට FBI එකට, RAW එකට මේ වගේ දේශපාලුවොන්ට කඩේ ගිය උන් එක්ක හැරෙන්නවත් බැරුව ඇති නේද?
අවුරුද්දකට පස්සේ ආණ්ඩුව රටට පේන්න බයිලා නටනවා.
අපේ රටේ පොලිසියේ ඉන්න දක්‍ෂ නිලධාරීන්ට අපහාස කරන්නේ ඇයි...? සොයන්න ඕනේ තොරතුරු සියල්ල හොයලා පරීක්ෂණ හරියට කළ බවට පිටරටවලින් පවා අගය කරලා තියෙන්නේ... මේක බාලගිරි දෝෂය වගේ වෙනවා.. ඔක්කොම එක වල්ලේ කට්ටිය...
මේ ආණ්ඩුවේ පච විශ්වාස කරන ගෝත්‍රිකයින් තවත් ඉන්නවා නම්.. ඒ අය මේ මාසේ පඩිය ආණ්ඩුවට දෙන්න. හැබැයි අපි ශතයක්වත් ආණ්ඩුවට දෙන්නෙත් නැහැ. බලෙන් ගත්තොත් ආණ්ඩුවේ ආයුෂ හිතුවටත් වඩා අඩුවේවි...!!!
ඡන්ද ගුණ්ඩු... අහුවෙයි අපි ඕවාට...
එකල රජය රටට පේන්න පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනයක් කළා. එම විමර්ශණයන් එකඟතාවයක් මත සිදුවූ දෙයක් වගේ. එකල තිබුණේ මහේස්ත්‍රාත්වරුන්ට, ඉහළම පොලිස් නිලධාරීන්ට බලපෑම් කළ යුගයක්... සැබැවින්ම 'අවපාලන' යුගයක්... දැන්වත් විමර්ශනවලින් පසුව පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලුම දෙනා නීතියේ රැහැනට ගත යුතුයි. තම වගකීම් මග හැර සිටි දේශපාලකයින්ද සමගින්...
ඡන්දේ ළංවෙන කොට එකඑක බයිලා පෙන්වනවාට වඩා කළයුත්තේ එවැනි ප්‍රහාරයක් එල්ලකරන්න ඔවුන් කටයුතු කලේ ඇයි කියන එකයි.. අරමුණ, කොහොමද මනස එහෙම හදාගත්තේ කියන එක සොයාගන්න එක. මොකද එහෙම සැබෑ ප්‍රශ්නය විසඳන්නේ නැතිවුනොත් ආයෙත් ඔය වගේ දේවල් වෙන්න පුලුවන්. අනික නායකයා කවුද කියන එකත් හටියටම සොයාගත යුතුයිනේ. නායකයෙක් මුලින්ම මැරෙන්නේ නෑනේ මෙවැනි කණ්ඩායම් වල. ඒක නිසා සැබෑ ප්‍රශ්නය සොයාගන්න ඕනෑ. අනික මේ ආගමික නාලිකා සහ ප්‍රධාන ආගම්වලින් කැඩිලා ගියපු කණ්ඩායම් ගැනත් පියවරක් ගන්න ඕනෑ. ඔවුනුත් ජාතීන් ආගම් අනුව මිනිස්සු බෙදා වෙන්කිරීම සූක්ෂම ලෙස කරනවා.
ඔය තිලකරත්නට කියන්නකෝ ගිහින් අර සිරිසේනව අල්ලාගෙන එන්න කියලා. මිනිහනේ ඔය බෝම්බ වැඩේට සහරාන්ටත් වඩා වගකියන්න ඕනේ.
දේපළ රාජසන්තක කළ යුතුයි...
බෝම්බ කරුවන්ගේ භාර්යාවන් ටික කිව්වා නේද අපේ මිනිස්සු මෙහෙම වැඩ කරන බව අපි දැනන් හිටියේ නැහැ කියලා. එතකොට දේශනා තියන්න මේ ගෑනු ගියේ මෛත්‍රී භාවනාව ගැන වෙන්න ඇති....
ලංකාවේ අය මෝඩයි කියලා හොඳට මේ රජය දන්නවා, ඒකයි මේ ඡන්දෙ කාලෙට එල්ටීටීඊ නැත්නම් සහරාන්ව ගේන්නේ...
මිනිස්සු රවට්ටන්න සොක්කෝ අල්ලන් නැතුව කෙළින්ම බදුර්දීන්ලාව අල්ලලා පෙන්නන්නකෝ...!!!
චන්දයක් කිට්ටුවෙනකොට පහුගිය ආණ්ඩුවට තාදුජින් හිටියා මේ රජයට සහරාන් ඉන්නවා. අනේ හොදයි.
ඉතින් උන්ට අන්තවාදයට ජනතාවගෙ සල්ලි දුන්නෙ දැන් අපි අබිනවයෙන් පත්කල ජනාධිපතිනෙ... මුලින්ම ප‍්‍රශ්න කල යුත්තෙ ඔහුගෙන්... ජනතාව හැමදාම කළේ බොරු ප‍්‍රචාරයන්ට රැවටිි විත්තිකාරයන්ව කඩුකාරය කරපු එක යුද්ධය නිර්මානය කරන්න මුලුවුු ජෙ.ආර්.ව බලයට ගෙනාව යුද්ධය විනාශකරන්න යුද්ධයට අවංකවම විරුද්ද වුුවන් පනපිටින් ටයර් මත පුච්චල අතුරු දහන් කලා... දැන් කරල තියෙන්නෙත් ඒකම තමයි..
එදා ඉදපු පොළිස්පති මේ ගැන නොදැන ඉදලද? එහෙම නැත්නම් දේශපාලන බලයට යටවෙලා ඉදලද? මේක විතරක් නොවෙයි තවත් ගොඩක් දේවල් කලින් අහුවුනා නේද?
එදා ඉදපු පොළිස්පති මේ ගැන නොදැන ඉදලද? එහෙම නැත්නම් දේශපාලන බලයට යටවෙලා ඉදලද? මේක විතරක් නොවෙයි තවත් ගොඩක් දේවල් කලින් අහුවුනා නේද?
කීදෙනෙක් පැමිණිලි කරාද ඌව අල්ලන්න, මේ නිකන් පම්පෝරි වැඩ, හරිම උත්තරේ ගන්න පුළුවන් ඉන්දියාවෙන්, අපි නම් කියන්නේ....