IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


හලාවත රෝහලෙනුත් කොරෝනා ආසාදිතයෙක්

(ඔගස්ටින් ප්‍රනාන්දු)

හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි තරුණයෙකු කොරෝනා ආසාදිතයෙකු වශයෙන් හඳුනාගැනීම නිසා ඔහුව අද ( 8 ) ඉරණවිල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළු කළ බව හලාවත ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය කියයි.

මෙම තරුණයා අසනීපයකට ප්‍රතිකාර ලබා ගැනීමට හලාවත රෝහලට ඇතුළත් වු පසු පී.සී.ආර්. පරීක්ෂණයක් කළ අතර එහිදි ඔහු  ආසාදිතයෙකු බව තහවුරු වී ඇත.

රෝගි තරුණයා හලාවත අඹකදවිල ප්‍රදේශයේ ආගමික මධ්‍යස්ථානයක සේවය කළ 30 වන වියේ පසුවන තරුණයෙකු  බවත්, ඔහු කොරෝනා  ආසාදිතයෙකු වශයෙන්  හඳුනාගත් පසු  සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරින් තරුණයා වාසය කළ ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කළ බවත්, එහි සිටින  සියලු දෙනා හෙට ( 9 ) පී.සී. ආර්. පරීක්ෂණයන් සදහා හලාවත දිස්ත්‍රික් මහ රෝහලට කැඳවා ඇති බවත් එහි ප්‍රකාශකයෙක් කීය.



අදහස් (4)

හලාවත රෝහලෙනුත් කොරෝනා ආසාදිතයෙක්

පියල් ලියනගේ Thursday, 08 October 2020 12:09 PM

හලාවත pcr ප්‍රතිඵලය එවලේම දෙන්නත් අර මුල්ම සේවිකාවගේ ගම්පහ pcr ප්‍රතිඵලයට දවස් 4ක් යන හේතුව මොකක්ද..?

:       1       10

chandima Thursday, 08 October 2020 02:46 PM

මේ හැමෝම රෝහලට එන්න පොදු වාහනවලින් නම් එද්දී වාහන වත්තවටේ බෝකරගෙන තමයි එන්නේ. ඔයිට නරකද එතැනටම ගිහින් පරීක්ෂණය කළානම්... නැතිනම් ඒ ගමට වාහනයක් යැව්වා නම්...

:       0       7

සමන් Friday, 09 October 2020 02:20 AM

චන්දිම මහතා, අපේ රටේ සාමාන්‍ය ජනතාවට තියෙන දැනීම තීරන ගන්නා බුද්දිමත් පාලකයාට නොමැතිබවට හොද උදාහරනයක් ඕක. මොන වාහනේකින් ආවත් තව අය සමග ගැටීම සහ රෝහල් කාර්‍ ය මන්ඩල සමග ගැටීම මගින් තව බොහෝ පිරිසක් අවදානමට පත්වනවා. මෙවන් මොහොතක හොදම දෙය ඔවුන් සිටින ස්ථානවලම හුදකලා කරවීමයි. ලෙඩ්ඩු එකතුකලා කියලා බෙහෙතකුත් නොමැතිනම් මොන පලයක් තියේද?

:       0       4

නයනී Friday, 09 October 2020 09:26 PM

සාමාන්‍ය ජනයාට හොඳ දැනුමක් තිබුණු නිසානේ පහුගිය කාලේ මුහුණු ආවරණ, නිතර අත් සේදීම, දුරස්ථතාවය අතහැරියේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 51 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 717 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 341 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site