IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


හොරණින් තවත් පුංචි පොකුරක්

 

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ නයන දුල  සෙන්දනායක)

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ හොරණ කඳන් හේන පදිංචි කොරෝනා  ආසාදිත  නිලධාරීවරයාගේ  අවුරුදු දෙකක් වයසැති දරුවාට,  මවට හා  බිරිඳගේ යෙහෙලියකට ද කොවිඩ් වසංගතය ආසාදිත වී ඇති  බව පී.සි.ආර් පරීක්ෂණයෙන් අද  (8) තහවුරු වී ඇතැයි කළුතර දිස්ත්‍රික් ප්‍රධාන පරිපාලන මහජන  සෞඛ්‍ය පරීක්ෂක  සමන් ගීගනගේ මහතා පැවසීය.

බිරිඳගේ  යෙහෙළිය ද  හොරණ මූලික රෝහලේ අංක 5 වාට්ටුවේ හෙදියක් බවද ඇය යාල ප්‍රදේශයේ පදිංචිකාරියක් බව ගීගනගේ  මහතා කීය.
                     
පසුගිය මස  30  වැනි දින බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන එම නිළධාරිවරයා  නිවසට පැමිණීමෙන් අනතුරුව 3  වෙනි  දින ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන්  අනතුරුව ඊට දින තුනකට පසු 6  වෙනි දින  ඔහුට කොරෝනා වසන්ගතය ආසාදිත වී ඇති බවට පී.සී.ආර් පරීක්ෂණයෙන් තහවුරු විය.

මේ තත්ත්වයත් සමග  එදින සිට  හොරණ මූලික රෝහලේ අංක 5 වාට්ටුවට රෝගීන් ඇතුළත් කිරීම තාවකාලිකව නතර කිරීමට රෝහල් පාලනාධිකාරිය විසින් පියවර ගෙන තිබිණි.

බ්‍රැන්ඩික්ස්  නිලධාරීවරයාගේ  සමීපතමයන්ට  සිදුකළ පි.සී.ආර්  පරීක්ෂණ  වලින් අනතුරුව  මේ බව අනාවරණය වූ බවත්  මේ වන විට හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල  ප්‍රදේශයෙන්  කොරෝනා  වසංගත රෝගීන් සිව්දෙනෙකු හා මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය  නිලධාරි බල ප්‍රදේශයන් එක් රෝගියෙක්ද   වාර්තා වී ඇතැයි  දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය.



අදහස් (6)

හොරණින් තවත් පුංචි පොකුරක්

Mahesh Thursday, 08 October 2020 05:08 PM

දින කීපයකට හෝ ඇදිරිනීතිය දමා තත්වය පාලනය කරන්න. නැත්නම් මේක රට වටේම පැතිරෙනවා දන්නෙම නැතුව.

:       4       26

Perera Thursday, 08 October 2020 06:27 PM

දැන්නම් අපි හොඳටම පරිසම් වියයුතුයි.

:       1       19

සමීර Friday, 09 October 2020 02:04 AM

රටවටෙන්ම පොකුරු මතුවුනත් සර් තවමත් නිහඩයි. සර් පැනික් වෙලා නැද්ද නැත්නම් ඡන්දෙ තියලා ඉවර හින්දද දන්නෙ නෑ.

:       12       66

rana Friday, 09 October 2020 04:13 AM

දැන් සර්ට, රටට සහ ජනතාවට අවංකකම පෙන්වන්න කදිම අවස්ථාව, වැරදිකරුවන් සොයා නියම පරිදි අච්චු කරලා ජනතාවට, එක රටක්, එක නීතියක් සංකල්පය තහවුරු කරන්න.

:       0       5

siri Friday, 09 October 2020 08:07 AM

20 දිනන එක ගැන හිතනවා මිස කොරෝනා ගැන හිතන්න සමහරුන්ට වෙලාවක් නැතිව ඇති. එයාලට හැදුණොත් සිංගප්පූරුවට හරි, ඇමෙරිකාවට හරි යන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නවද මන්දා..

:       1       10

sampath Friday, 09 October 2020 09:32 AM

කොරෝනා එන එන පාරට රට වහන එක ප්‍රායෝගික නැහැ. හැමෝම කොරෝනා එක්ක ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕනේ. කැමැති වුණත් නැතත් අන්තිමේ වෙන්නේ ඒකයි.

:       3       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 51 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 717 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 341 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site