( කීර්ති ප්‍රනාන්දු)
මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් සිසුන් 07 දෙනෙකු කෝවිඩ් ආසාදිත බවට වාර්තා වී ඇතැයි මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක වජිර රණරාජා මහතා පවසයි.
මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින කොරෝනා ආසාදිත සිසු සිසුවියන් සඳහා උල්ලලපොල කණිෂ්ඨ විද්‍යාලය තුළ විශේෂ විභාග මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇති බවත් ,නිරෝධායනය වන සිසුන් සඳහා නියමිත විභාග මධ්‍යස්ථාන තුළ වෙනම පන්ති කාමර තුළ විභාගයට පෙනී සිටීමට පහසුකම් සලසා ඇති බවද වජිර රණරාජා මහතා පැවසීය.
කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක වජිර රණරාජා මහතා වැඩිදුරටත් පැවසුවේ මේ වන විට මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් දරුවන් අතර පෙරට වඩා කොවිඩ් රෝගී තත්ත්වයේ වැඩිවීමක් පෙන්නුම් කරන බවත් සැලකිය යුතු සිසුන් පිරිසක් පාසල් වලට පැමිණීමේ අඩුවක් පවතින බවත් ලැබෙන තොරතුරු අනුව උණ ඇතුළු රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් එම සිසු සිසුවියන් පාසල් වලට පැමිණ නැති බවටත් වාර්තා වී ඇති බවයි.
මේ අතර මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ ගුරුවරුන් 04 දෙනෙකුට සහ විදුහල්පතිවරුන් දෙදෙනකුට ද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වූ බව වජිර රණරාජා මහතා පැවසීය.
පවතින තත්වය හමුවේ මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් තුළ සෞඛ්‍යය මාර්ගඋපදේශ දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවද කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක වරයා කීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශිෂ්‍යත්වය ලියන මිනුවන්ගොඩ සිසුන් 7කට කොරෝනා