(ජේ.කේ.එල් චාමින්ද)
ජාත්‍යන්තර වෙළඳ නෞකාවලට ආරක්ෂාව සපයන ආරක්ෂකයින් හා ඔවුන් සමග ගනුදෙනු කළ පුද්ගලයින් 107 දෙනෙකු ගාල්ල ප්‍රදේශයේ නවාතැන් පොළවල් තුනක නතරකොට ඇති බැව් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
මෙම පුද්ගලයින්ට හමුවිම සදහා කිසිවෙකුටවත් ඉඩ නොදෙන බව පවසන නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා විදේශිකයින් 73 දෙනෙකු හා ශ්‍රිලංකිකයින් 34 දෙනෙකු මෙකි නවාතැන්පොළවල් සිටින බවද හෙතෙම සදහන් කළේය.
මේ පිළිබද අදහස් දක්වමින් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේද කිවේය.
'නෞකාවලට ආරක්ෂාව සපයමින් එන මෙම ආරක්ෂකයින් වරායේ දි වෛද්‍යවරයකු විසින් පරීක්ෂා කරෙනවා. වෛද්‍යවරයාගේ නිර්දේශය මත තමයි නිරෝධායනය සදහා යොමුකරන්නේ. දැනට මේ අය පුද්ගලික නැව් නියෝජිත ආයතන මගින් හොටල් 03ක නතරකරගෙන සිටිනවා.ඒ අය හමුවන්න කිසිවෙකුටවත් ඉඩ දෙන්නේ නැහැ. අද දින මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් මේ අය පරීක්ෂා කරනවා. මෙරට අය නිවෙස්වලට යවන්නේ නැත්තේ ආපසු දින තුන හතරකින් ඇතමුන් නෞකාවල සේවයට යනවා. මේ අය ස්වංය නිරෝධනයට ලක්කිරීමේ අවශ්‍යතාවයක් නැහැ කියා කියලා තියෙනවා.
නමුත් දැනට පවතින තත්වය තුල මේ අය නිවෙස්වලට ගොස් ආපසු එනවා කියන්නේ. අවදානමක්. මේ හොටල්වලට පිටස්තර අයට පැමිණෙන්න දෙන්නේ නැහැ මේ වෛසරය පැතිරිම වැලැක්විම තමයි අපේ අරමුණ. නැව්වල නැගලා යන ආරක්ෂකයින් නැව්වල යනවා. එහෙම නැතිව මෙතනින් එහාට රාජකාරි නොකරණ පිරිසක් හා නිවෙස්වල යන පිරිසක් ඉන්නවානම් ඒ අය අද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පරික්ෂා කොට ස්වයං නිරෝධායනයට යොමුකරාවි. විදේශිකයින් එම හෝටල්වල සිටිනවා' යැයිද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
වෙළඳ නෞකාවල ආරක්ෂකයින් 107ක් ගාල්ලේ හෝටල් තුනක