IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


වන්දනා ගමන්-ආගමික උත්සව නවත්වන්නැයි උපදෙස්

(සිරංගිකා ලොකුකරවිට)

සියලු වන්දනාගමන් නවතා දමන ලෙසත් ජනතාව සහභාගී වන ආගමික උත්සව  අවලංගු කරන ලෙසත් බුද්ධ ශාසන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර ඇත.

කොරෝනා රෝගය පැතිරීමේ අවදානමක් ඇති බැවින්  මෙම  පියවර ගත් බව අමාත්‍යංශය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා මෙසේ පැවසීය.

''ආගමික කටයුතුවල යෙදෙන්න එපා කියා අපිට බල කරන්න බැහැ. නමුත් සෞඛ්‍ය අංශ පැහැදිලිව කියනවා සෙනඟ රැස්වන සියලු කටයුතු නවත්වා දමන්න කියලා. ඒ නිසා අපේ අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කළා සියලුම වන්දනා ගමන්වලින් වැළකී සිටින්න කියලා. පසුගිය දින කිහිපයේ අති විශාල බැතිමතුන් පිරිසක් සිරිපා වන්දනාවේ ගිහින් තියෙනවා. මෙය ඇත්තටම අවදානම් තත්ත්වයක්.

එවැනි තැන්වල කොරෝනා රෝගය පැතිරීමේ දැඩි අවදානමක් තියෙනවා. ඒ නිසා ආගමික කටයුතු තමන්ට අවශ්‍ය පුද්ගලික මට්ටමින් නිවෙස්වලට වී සිදුකර ගනිමින් ඒකරාශී වීමෙන් වළකින්න කියා තමයි අපි ඉල්ලන්නේ. සියලුම විහාරස්ථානවලටත් මේ නිවේදනය යොමු කරනවා" යැයිද කීය.



අදහස් (7)

වන්දනා ගමන්-ආගමික උත්සව නවත්වන්නැයි උපදෙස්

ravi Sunday, 15 March 2020 08:13 AM

පොදු පිහිනුම් තටාක වලින් සහ වැව් - ගංගා - ඇලදොළ තොටුපළවල් වල දිය නෑමෙන් වළකින්න.

:       0       6

None Sunday, 15 March 2020 08:18 AM

මගුල් ගෙවල් ?

:       0       6

jim kuru Sunday, 15 March 2020 08:23 AM

එටකොට ඡන්ද රැස්වීමේ තහනම් කරයිද?

:       4       11

isurandi Sunday, 15 March 2020 08:42 AM

අනෙක් රටවල් මේවට දැඩි නීති පනවලා තියෙනවා. රට වැසියාගේ සහයෝගයක් නැත්තම් එහෙම දැඩි නීති පනවන එක සාධාරණයි මෙවැනි අවස්ථාවලදී.....

:       0       4

raviSunday, 15 March 2020 09:19 AM

මෙතන මේ ප්‍රශ්නයකට තියෙන්නේ.. අපේ රටේ ඉන්න හැම කෙනෙක්ම... මානව අයිතිවාසිකම් හදාරපු අය නිසා නේද..?

:       0       1

banda Sunday, 15 March 2020 09:17 AM

අයියෝ ලබන මාසේ අපි නාග ධාතු බලන්න කැළණි යන්න බස් එකකුත් බුක්කරලා තියෙන්නේ..

:       0       25

vidya Sunday, 15 March 2020 06:20 PM

කරුණාකර දළදා මාලිගාවට යාම තාවකාලිකව නවතන්න...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 305 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 829 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1259 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site