IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ලංකාපුර 90ක් ස්වයං නිරෝධායනයේ‍


(ක.ග.කරුණාරත්න)
 

පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් ලංකාපුර ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් අලුතින්ම හමුවූ කොරෝනා රෝගියාගේ ආශ්‍රිතයින් ලෙස පවුල් 19කට අයත් පුද්ගලයන් 90 දෙනෙකු සිය නිවෙස්වල ස්වයං නිරෝධායනය සඳහා යොමුකර ඇතැයි පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ,වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්.කුමාරවංශ මහතා අද(03) පැවැසීය.
 
ඔවුන් සියලුම දෙනා පී.සී.ආර්.පරීක්‍ෂණ සඳහා යොමු කිරීමට පියවර ගෙන තිබෙන බවද ඒ මහතා කීය.
 
පොළොන්නරුවෙ, ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව රාජකාරී කරන සිවිල් ආරක්‍ෂක භටයෙකුටද කොරෝනා වයිරසය ආසාදනය වී ඇතිබව පී.සී.ආර්පරීක්‍ෂණවලින් ඊයේ(02) දිනයේ තහවුරුකරගෙන තිබුණි.
 
එම සිවිල් ආරක්‍ෂභටයාගේ බිරිඳ සහ දියණිය දැනට පී.සී.ආර් පරීක්‍ෂණ සඳහා යොමුකර පොළොන්නරුව මහ රෝහලේ කෝවිඩ්-19 සැකකටයුතු අය රඳවා තබන වාට්ටුවක නේවාසිකව සිටින බව පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සංජය සෙනෙවිරත්න මහතා අද(03) ප්‍රකාශ කළේය.



අදහස් (0)

ලංකාපුර 90ක් ස්වයං නිරෝධායනයේ‍

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 726 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site