IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


රතු දිස්ත්‍රික්කවල ඇඳිරිය දීර්ඝ කරයි

(ඩිල්ෂානි චතුරිකා දාබරේ)

ඇඳිරි නීතිය පනවන සහ ඉවත් කරන වේලාවන් රජය විසින් සංශෝධනය කර තිබේ.

ඒ අනුව, කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක වන ඇඳිරි නීතිය අප්‍රේල් 27 සඳුදා උදෑසන 5.00 දක්වා දීර්ඝ කෙරේ.

සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 24 සිකුරාදා දක්වා ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8.00 සිට පසුදා අලුයම 5.00 දක්වා පමණි.

අප්‍රේල් 24 සිකුරාදා රාත්‍රී 8.00 දක්වා මේ දිස්ත්‍රික්කවල යළි ක්‍රියාත්මක කෙරෙන ඇඳිරි නීතිය අප්‍රේල් 27 දක්වා උදේ 5.00 වනතුරු බලාත්මකය.

ඒ අනුව සති අන්තයේ අප්‍රේල් 25 සෙනසුරදා සහ 26 ඉරිදා මේ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය දිගටම ක්‍රියාත්මකය.

ඒ සම්බන්ධයෙන් රජය නිකුත් කළ නව නිවේදනය පහත දැක්වේ.



අදහස් (4)

රතු දිස්ත්‍රික්කවල ඇඳිරිය දීර්ඝ කරයි

රසික Monday, 20 April 2020 06:39 AM

මොන විහිළුවක්ද මේක ?ඊයෙ කියන එක අද වෙනස් කරනවා. අනික් රටවල වගේ නිශ්චිත ඉදිරි දිනයක් දක්වා මේ ලොක්ඩවුන් එක ක්‍රියත්මක කරන්න ඕනා. ඡන්දය ගැනම හිත හිතා පිස්සු නටලා රටේම මිනිස්සුන්ව අමාරුවෙ දාන්න හදනවා.

:       722       1664

Shilani Monday, 20 April 2020 08:19 AM

බස්වල සෙනග පුරවලා ගෙනිච්ච් ඩ්‍රයිවර්ලා ඉන්න රටක වෙන මොනවා කරන්නද ? වැල යන අතට මැස්ස ගහන්න ඕන වෙලාවක් මිසක් පොතේ ගුරා වගේ ලියපු දේම කරන වෙලාවක් නෙවෙයි. රටේ ජනතාවට හානිකර දේවල් සිදුවීමේ වගකීම ඔබලා බාර ගනවානම් ඔය කියන විදිහට වැඩ කරන්න. අපිත් ඉන්නේ රතු දිස්ත්‍රික්කයක තමයි හිරවෙලා ඉන්නේ. නමුත් පරිස්සම ලොකුයි හිරවීමට වඩා.

:       57       233

AnuMonday, 20 April 2020 02:14 PM

හරියට හරි Shilani. හොඳට කතා බීබී නිකන් තියන phone එකේ බොත්තම ඔබ ඔබ වීරයෝ වෙන්න දඟලන රසික වගේ අයටත් ඒ වගේ වැඩකට නැති ඒවාට likes දිදී උඩගෙඩි දෙන කාලකන්නි ජීවිත වලට ප්‍රායෝගික දේවල් තේරුම් ගන්න බැරි මොල තියෙන්නේ. ඔය එකෙක්වත් 'අනික් රටවල්' කින් කියා ඇදගත්තට ට්‍රම්ප් ගොයියා වගේ මේ රටෙත් වැඩ කෙරනානම් ඔය බොරු රෑකඩත් අද ආදාහනය වෙලා ඇමරිකාවේ 40,000 වගේ.

:       2       24

මධුරි Monday, 20 April 2020 04:20 PM

දැන්නං හැමදාම තිබුණත් කමක් නෑ. ඒකට හුරුවෙලා ඉන්නෙ.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 99 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site