IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


මුඛ ආවරණ ගිනි තබා විනාශ කර ෆාමසියට මුද්‍රා තබයි

බිමල් ශ්‍යාමන් ජයසිංහ 

කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවතේ පදිංචිව  සිටි කොරෝනා ආසාදිත කාන්තාවගේ දෙවැනි පුත්‍රයා තවත් පුද්ගලයෙකු සමග පැමිණ කොහුවල සරණංකර පාරේ ෆාමසියක ට විකිණීමට භාරදී තිබූ මුඛ ආවරණ 550 ක් ගිනි තබා විනාශ කර එම ෆාමසියට මුද්‍රා තැබූ බව කොහුවල පොලිසිය කියයි.

 ෆාමසි හිමිකරු එහි සේවය කරන ඖෂධවේදීන් දෙදෙනා ඔවුන්ගේ නිවෙස්වලම නිරෝධායනයට ලක් කළ බව  පොලිසිය කියයි. 

ඉකුත් 5 වෙනි දින මෙම මුඛ ආවරණ තොගය එම පුද්ගලයන් දෙදෙනා ෆාමසියට රැගෙනවිත් තිබූ බව පොලිසිය සඳහන් කරයි . 

ඒ පිළිබඳ ලද තොරතුරු අනුව දෙහිවල- ගල්කිස්ස මහජන සෞඛ්‍ය පරීක්ෂක  වරු සමග අදාළ ෆාමසිය වෙත ගොස් මුඛ  ආවරණ පොලිස් භාරයට ගත් බවත් ඒ වන විට එම මුඛ ආවරණ තොගයෙන් එක් මුඛ ආවරණයක් හෝ විකිණී නොතිබූ බවත් පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත .

මුඛ  ආවරණ රැගෙන ආ වාහනේ රියදුරු ලෙස සිට ඇත්තේ එම කාන්තාවගේ දෙවෙනි  පුත්‍රයා බවත් විමර්ශන වලදී  හෙලි වී ඇත. 

නිරෝධායනයට  ලක් කළ පිරිස වැල්ලවත්ත සහ කළුබෝවිල පදිංචිකරුවන් ය .

කොහුවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එච්.හැරිසන් මහතා පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (9)

මුඛ ආවරණ ගිනි තබා විනාශ කර ෆාමසියට මුද්‍රා තබයි

Raveendra Friday, 17 April 2020 09:14 AM

මේ මුඛ ආවරණ ගෙනාපු ඒ පින්වත් රන් කද තම මවට මෙම රෝගය වැළදී තිබුණු බව දැන දැන විකිනීමට ගෙනාවේද යන්න ගැටලුව කිසිවෙකු හට පැන නොනගින්නේද?

:       3       200

mahesh jayawickrama Friday, 17 April 2020 10:06 AM

දැන් මේ සිදුවීම අහඹු සිදුවීමක්ද? එහෙමත් නැත්නම් හිතාමතාම කොරෝන වියාප්ත කිරීමේ අරමුණෙන් සිදු කරන ලද්දක්ද?

:       5       200

මුණසිංහ Friday, 17 April 2020 10:50 AM

ගැඹුරු විමර්ශන සිදු කර මෙවැනි දේ සොයා ගත් නිලධාරීන් සියලු දෙනා ට අපගේ ප්‍රණාමය....!

:       0       39

anura Friday, 17 April 2020 12:46 PM

විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංග මහතා කිව්ව කාරණය දැන් සනාථ වෙනවා. මුඛ ආවරණයත් සාමාන්‍ය ජනතාවට ආගන්තුක දෙයක්. හරිහැටි නොදැන භාවිතා කරන්න යාමෙන් හොඳට වඩා අනතුරු සිදුවීමට පිළිවන.

:       2       18

balavegaya Friday, 17 April 2020 01:51 PM

මෙම ආවරණ දෙකක් එක් කොට කාන්තාවන් සඳහා නිමි ඇඳුමක් නිර්මාණය කර බෙදා දෙන්නෙමු

:       31       126

PrabhaFriday, 17 April 2020 06:06 PM

මෝඩකම තිබුනට ප්‍රදර්ශනය කරන්න එපා.

:       98       5

අමිල Friday, 17 April 2020 02:51 PM

සෞඛ්‍ය උපකරණ වලට ප්‍රමිතියක් තිබිය යුතුයි. මහජනයා වෙනුවෙන් කියා මේ වගේ ඒවා මහලා නොමිලේ බෙදන පුද්ගලයින් සංවිධාන සහ දේශපාලන ව්‍යාපාරයත් තියෙනවා. ඇතැම් විට මේ මගින් වන සේවාවට වඩා විශාල විනාශයක් විය හැක. පැළදීමට පෙර මේවා විෂබීජහරණය කර ගැනීමට මහජනයා දැනුවත් කිරීම සුදුසුයි.

:       0       73

Aris Saturday, 18 April 2020 10:23 AM

මුඛ ආවරණත් සමග ෆාමසිය පැය 48 ක් වහල තිබ්බනම් ඇති නේද? අහල තියන විධියට නම් පැය 48 කට වඩා වයිරසය මොකකවත් රැදී තිබෙන්නේ නැහැ.

:       0       0

Shiromi hettiarachchi Saturday, 18 April 2020 02:41 PM

මෙම ෆාමසියට මුද‍්‍රා තියපු එක ගොඩක් හොදයි... නැතිනම් කී දෙනෙක් දන්නැතිව ගන්නවද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 431 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 605 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 243 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site