IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


බළන්ගොඩ හරක් මස් කඩේට ලක්ෂ 86 ක ලංසුවක්

 

(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙටිටිආරචිචි)

බලන්ගොඩ  නගරයේ ගවමස් කඩය 2021 වර්ෂය  සදහා රුපියල්  ලක්ෂ 86 කට ඉතාම ආසන්න මුදලකට (රුපියල් 85,99,900) අද  (27) දා  බලන්ගොඩ  නගරසභාවේ දි වෙන්දේසි වූ බව  බළන්ගොඩ  නගරසභාවේ සභාපති  චාමික ජයමිණි විමලසේන මහතා  පැවැසිය.

ටෙන්ඩර්කරුවන්  12 දෙනෙකු  විසින් බලන්ගොඩ  නගරයේ  පොදු වෙළෙදසලේ ඇති  ගවමස් කඩය සදහා විවෘත ටෙන්ඩර්  ඉල්ලුම්  පත්‍ර ඉදිරිපත්  කර  තිබුණ බව ඒ මහතා  කිය.

එහිදී  වැඩිම ටෙන්ඩර්  මුදල ලෙස ඉදිරිපත්  කර  තිබු  85,99,900 ක මුදල  ඉදිරිපත්  කර තිබුණේ  ඇහැළියගොඩ ප්‍රදේශයේ  ව්‍යපාරිකයකුට  එම ගවමස්  වෙළදසල 2021  වර්ෂය සදහා  හිමි  වු බව සභාපති  වරයා කිය.

එය 2020  වර්ෂය සදහා ලක්ෂ 19 කට  ආසන්න මුදලකට  ටෙන්ඩර්  වි තිබුණි.



අදහස් (36)

බළන්ගොඩ හරක් මස් කඩේට ලක්ෂ 86 ක ලංසුවක්

මක්ස් Tuesday, 27 October 2020 08:41 AM

හරක් මරන එක තහනමට මොකද වුණේ...?

:       0       50

ශම්මිTuesday, 27 October 2020 09:01 AM

සභාවේ තදින් සිනා...

:       0       59

PingonaaaTuesday, 27 October 2020 10:23 AM

ටෙන්ඩරෙන් ගත්ත මුදල් වලින් මරන්න ඉන්න හරකුන්ට අභයදානය.

:       0       0

Sanath KandyTuesday, 27 October 2020 10:49 AM

එක කඩයකින් මෙච්චර ලාබයක් තියෙනවානම් පිටරටින් මස් ගෙනන ටෙන්ඩර් එක හිමි කරගත් කෙනාට කොච්චර ලාභයක් තියෙයිද.?

:       0       0

BamunuarachchiWednesday, 28 October 2020 07:48 AM

කිසියම් දෙකට ඇති කැමැත්තට හෝ අකමත්තකට රටේ මහජන මතයක් ඇතිවෙන්න ඕනේ නැතිනම් මතයක් ඇති කරන්න ඕනේ. එය මහින්ද මහතා කළා. ඊට පසු ඒ මතය නීති ගත කනවානම් එය පාර්ලිමේන්තුවේ සම්මත වෙන්න ඕනේ. ඒ සනදහා කොපමණ කාලයක් ගත වෙනවාදැයි නොදන්නා අය කොපමණ රටේ ඉන්නවාද? ඔබට එහෙම අය ගැන මොනවද හිතෙන්නේ අම්මප. මහින්ද මහතා ඔය අදහස එලියට දමන්න කලින් ඒ ගැන කතා කොරන්න ඝට තිබ්බ කෙනෙක් මේ බෞද්ද රටේ හිටියද? නේද ආයුබෝවන්?

:       4       0

Ruhunu Tuesday, 27 October 2020 08:47 AM

යුද්දේ නැවැත්තුවට හරක් මරණ එක නවත්තගන්න බැරිවුණානේ. බැරි වැඩ නොකර හිටපන් අබරෝ කිව්වලු.

:       1       46

BamunuarachchiThursday, 29 October 2020 02:59 AM

ඒ මස් කන නිසාය

:       1       0

අප්පුහාමි Tuesday, 27 October 2020 08:53 AM

පසුගිය දිනවල හරක් මැරීම තහනම් කිරීමට කථාකලේ පළාත් පාලන ආයතන නඩත්තු වන්නේ හරක්මස් කඩත් හොර සුරා නිසා උසාවි දඩමුදලුත් නිසා කියල නොදැනද කියා පහදා දෙන්න. මෙලෙස මැරෙන හරක් නිසා ජීවත්වෙන එම ආයතන වල වැඩකරන රාජ්‍ය සේවකයින් පිරිසත් ඔවුන්ගේ පවුල්වල සිටින පිරිසත් ගැන... සිතුවාම හරිම දුකයි.

:       2       10

Bamunuarachchi Tuesday, 27 October 2020 08:58 AM

මේ ගණන පමණක් උපයා ගන්න අවුරුද්දකට හරක් කොපමණ මරන්න ඕනෙද? සිංහල අපිට හරක් මස් කන්න පුරුදු කරපු පාදඩයින් හරක් මෙන් බෙලිකැපී මරණවලට භාජනය විය යුතුය. ඒ කෙසේ වෙතත් හැරල් මැරීම තහනම් කිරීමේ නීතිය ක්‍රියාත්මක කරන්න. මොවුන් පොහොසත් වෙන්නේ සිංහල මිනිහගේ හරකා මරලා සිංහලයාටම කවලා.

:       38       22

ranaTuesday, 27 October 2020 10:16 AM

ඇයි අයියා 20 අපිනෙ පාශ් කොරලා දුන්නා...

:       0       0

anaWednesday, 28 October 2020 01:30 AM

වර්ග වාදයට වර්ගවාදී උත්තර නැහැ. හැම දේටම වර්ගවාදය ගාව ගන්න එපා. අනෙක් මස් කන අයට හරක් මස් පුරුදු කරන්න ඕන නැහැ.

:       0       1

BamunuarachchiThursday, 29 October 2020 02:47 AM

මම ඔය කියන වර්ග වාදයේ 1915 යේ අතීතය 2019 පාස්කු වර්තමානය සහ 2100 පමණ වෙනකොට අනාගතය ගැන බුද්ධියෙන් සිතන්න. එහෙම බුද්ධියක් නැහැ නේද?

:       1       0

Jayarathna Tuesday, 27 October 2020 08:59 AM

ටෙන්ඩර් එකේ ගාන විතරක් හොයාගන්නත් දවසකට රු. 23889 ක ලාභයක් ගන්න ඕනෙ.

:       0       28

banda Tuesday, 27 October 2020 09:08 AM

අපරාදෙ නෑනගෙ සල්ලි... මොකද අපේ මහින්ද මහත්තයා ලබන මාසෙ හරක් මරන එක නතර කරනවනේ...

:       6       35

Ashan Tuesday, 27 October 2020 09:09 AM

අපේ අගමැති තුමා දැන් හරක් මරන්ඩ දෙන්නැති නිසා මේකෙ එලවලු තමයි විකුණන්න වෙන්නෙ. අයියෝ සල්ලි. ඕකට ලන්සු තියන්ඩ කලින් 69 ලක්ශෙන් අහන්ඩ තිබුනා ...

:       3       44

Kamal Tuesday, 27 October 2020 09:23 AM

පොහොට්ටු ඡන්ද දායකයන්ගෙ රෙදි ගැලවිලා ...

:       1       21

MISHAL-MATARA Tuesday, 27 October 2020 10:18 AM

69 ලක්‍ෂයට දුන්නු එක ටොපියක් , හිනා යනවා... එක්කෝ ඕන නෑ ..

:       0       0

dharme Tuesday, 27 October 2020 10:19 AM

69 ලක්ෂය විතරක් නොවෙයි, අහිංසක හරක් ටිකත් රැවැට්ටුව මරන්නේ නැහැ කියලා.

:       0       0

නුවන් Tuesday, 27 October 2020 10:25 AM

කරන කලට පව් මිහිරිය මී සේ විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ .

:       0       0

Prabha Tuesday, 27 October 2020 10:31 AM

සල්ලි වලට හරක් අරන් ආයේ මුදල පියවාගන්න පුලුවන්ද.?

:       0       0

රංගේ Tuesday, 27 October 2020 10:56 AM

අපේ අගමැතිතුමා හරක් මස් තහනම් කරන්න යනවා. එහෙන් කොරෝනා වැඩි වෙනවා. මෙහෙන් පොම්පියෝ එනවා.

:       0       0

සර් Tuesday, 27 October 2020 10:56 AM

හරක් මරන එක විතරක් නවත්තන්නේ මොකටද? හරක් මැරුවම විතරද පවු සිද්ධ වෙන්නේ? කුකුල්ලු, මාලුවෝ වගේ සත්තු මරල කනකොට පවු නැද්ද? කුකුල්ලු, එළුවෝ, මාලුවෝ ලක්ෂ ගණන් මරාගෙන කන රටේ හරක් මරන්න විතරක් තහනම් කරන්නේ ඇයි?

:       0       0

thushara Tuesday, 27 October 2020 11:26 AM

20ක් හින්දා අහින්සක හරක් ටිකත් රැවැට්ටුවා...

:       1       25

මරියා Tuesday, 27 October 2020 12:01 PM

ඒ අර 69 ලක්ෂයට අමරතරව.

:       0       0

බද්රානිTuesday, 27 October 2020 01:47 PM

මම දන්නා විදිහට නම්, 20 ට ත් කලිනුයි මේ රටේ අය රැවැටුවේ. ඒත්, ඉතින් ඕවා තේරෙන එකක්යැ??

:       0       1

anaWednesday, 28 October 2020 01:32 AM

69 ලක්ෂයක් ඉදලත් කිරිපිටි පිට රටින්.....

:       0       1

BamunuarachchiThursday, 29 October 2020 02:53 AM

55 ලක්ෂයක් 69ට තිබෙන තණකොළ ටික කාලනේ එකයි ප්‍රශ්නය. ඔබ ඒ කාපු තණකොළ වමාරත් කනවා වගේ පෙනෙනවා.

:       1       0

විජිත්. Tuesday, 27 October 2020 11:43 AM

මහින්ද කියන බේගල් විශ්වාසකරන මෝඩ බයියෝ දැන් මොනවා කියයිද...? කාලයකට ඉස්සර මහා චන්දෙකට ඔන්න මෙන්න කියලා රැස්වීමක් තිබුනා කොහෙද තැනක. රැස්වීම ඇමතුවේ මහින්ද රාජපක්ෂ. ටික වෙලාවකට පස්සේ... මහින්දලාට මුට්ටි අල්ලන හෝතඹුවෙක් ඇවිත් මොනවාද රහසින් කියලා ගියා... මෙන්න මහින්ද කියනවා "....මේ දැන් ආරංචියක් ලැබුනා මන්නාරම් ද්‍රෝණියේ තෙල් ගවේෂණවල යෙදෙන කට්ටිය විශාල තෙල් නිධියක් සොයා ගත්තා කියලා..." අපේ අය ආයෙත් රැවටුනා. තෙල් වලින් රට සුකිත මුදිත කරන්න කියලා අපේ අය ආයෙත් මහින්දට චන්දය දුන්නා. මිනිහත් අවුරුදු 5 ම රට චිනාට විකුණමින්, හොරාකමින්, විරුද්ධවාදීන්ට තග දමමින් .. කාමසුකල්ලිකානුයෝගයෙන් ගතකළා.

:       2       22

janahithaWednesday, 28 October 2020 03:25 AM

ටයි කෝට් වලට දුම් අල්ලන බයියෝ පාරම්බානවා. යුද්ධය පරදිනකම් ඇගිලි ගැනලා දැන් හරක් ගැන කතාකරන කුරුදුවත්තේ ගස් බයියෝ ජනතාව කියනවා... එළ හරක් මුස්ලිම් ඡන්දෙන් බලය පිහිටුවන පක්ෂ වලට ගව ඝාතනය තහනම් කළ නොහැකිය.

:       4       2

BamunuarachchiThursday, 29 October 2020 02:56 AM

ඔව් ඔව් අපි දන්නවා හරක් මස් වලට කැමති බව.

:       1       0

janabal asamagi Wednesday, 28 October 2020 03:27 AM

වැස්සට නොතෙමෙන කාර් එකක් එහෙම තමයි ඔනේ බයියෝ ... එදත් රැවටුණා. අදත් රැවටෙනවා. කුරුදුවත්තෙන් කාර් දෙනකම් බලාගෙන ඉන්නවා.

:       1       0

BamunuarachchiWednesday, 28 October 2020 07:45 AM

ඔය අදහස එලියට දමන්න කලින් ඒ ගැන කතා කොරන්න ඝට තිබ්බ කෙනෙක් මේ බෞද්ද රටේ හිටියද? නේද ආයුබෝවන්?

:       3       0

Dil Tuesday, 27 October 2020 12:32 PM

දවසට 25,000/= ක් ලාබ ගන්න මස් කිලෝ කීයක් විකුණන්න ඕනද??

:       0       0

kusal55 Tuesday, 27 October 2020 05:25 PM

ඇයි මෙයාලා ඔක්කොටම කොරෝනාව හැදිලා මකබෑවිලා යන්නේ නැත්තේ?

:       1       13

siridoma Tuesday, 27 October 2020 07:56 PM

මල්වට්ටි කරේ තියාගෙන වෙහෙර විහාර වැන්දා කියලා වැඩක් තියෙනවද.?

:       0       2

Bamunuarachchi Thursday, 29 October 2020 02:50 AM

අපට, අපේ දරුවන්ට කිරි සැපයු අපිට එදිනෙදා වැඩකර දුන් අපිට පොහොර සැපයු මේ අසරණ සත්වයින් කී දෙනක් මරන්න ඕනෙද?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 505 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2245 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1678 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site