ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය පැතිර යෑමේ වේගය අඩු කිරීම සඳහා සති තුනකට රට වසා දමන බව බ්‍රිතාන්‍ය සහ දකුණු අප්‍රිකාව ප්‍රකාශ කළේය.
රූපවාහිනිය ඔස්සේ ජාතිය ඇමතූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අත්‍යවශ්‍ය සේවා හැර අන් කටයුතු සියල්ල නවතා දමන බව ප්‍රකාශ කළ අතර බ්‍රිතාන්‍ය වැසියන්ට ගෙදර ඉන්නැයි නියෝගය කළේය.
දකුණු අප්‍රිකාව ‘ලොක්ඩවුන්’ එසේත් නැතිනම් රට වසා දැමීමේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන්නේ අනිද්දා එනම් බ්‍රහස්පතින්දා (26) සිටය. දකුණු අප්‍රිකාවේ ජනාධිපති සිරිල් රැම්පෝසා ද ජාතිය අමතමින් ඒ බව නිවේදනය කළේය.
නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම සහ ව්‍යාප්ත වීමේ වේගය පාලනය කිරීමටත් ලෝකය මුහුණ දී සිටින ව්‍යවසනකාරී තත්ත්වයෙන් රටවල් මුදාගැනීමටත් මීට පෙර නොගත් සහ දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුව ඇතැයි නායකයෝ දෙදෙනා ප්‍රකාශ කළහ.
බ්‍රිතාන්‍ය එලෙස දැඩි පියවර ගත්තේ ගෝලීය වසංගතයක් බවට ප්‍රකාශයට පත් කරන තිබෙන නව කොරෝනා හෙවත් කෝවිඩ්-19 වයිරසය ගෝලීය ව්‍යාප්තය වැඩි වෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබෙන මොහොතකය.
මේ අනුව ‘ලොක්ඩවුන්’ හෙවත් රට වසා දැමීමේ දැඩි සීමා පනවා ඇති රටවල් ගොන්න අතරට බ්‍රිතාන්‍ය ද එක්විය. කොරෝනා වයිරසය හේතුවෙන් අද (24) පස්වරුව වනවිට වාර්තා වූ සමස්ත මරණ ගණන 16,595ක් වූ අතර ආසාදිතයන්ගේ ගණන 383,944ක් විය.
ඒ.එෆ්.පී.
055
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
බ්‍රිතාන්‍ය - දකුණු අප්‍රිකාව සති තුනක කාලයක් වසා දමයි