IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


බ්‍රිතාන්‍ය අගමැතිටත් කොරෝනා

තමන්ට කෝවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වූ බවත් ස්වයං-නිරෝධායන ක්‍රියාවලියට යොමුවන බවත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අද (27) පැවැසීය.

‘‘පසුගිය පැය 24 දී සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කළා. වෛද්‍ය පරීක්ෂණයෙන් මට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා’’ යැයි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.

‘‘මම දැන් ස්වයං - නිරෝධායන ක්‍රියාවලියට යොමු වී ඉන්නවා. එහෙත් මා දිගටම ආණ්ඩුව කරගෙන යනවා. විඩියෝ තාක්ෂණය ඔස්සේ මම අදාළ ක්‍රියාමාර්ග ගන්නවා. මේ රෝගයට එරෙහි සටන අපි දිගටම ගෙනියනවා’’ යැයි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා තවදුරටත් කීවේය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්තවලට අනුව අද පස්වරු වනවිට බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 11,658ක් වූ අතර එරටින් වාර්තා වූ සමස්ත මරණ ගණන 578කි.

මේ සතිය මුලදී බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි සහ දෙවැනි එළිසබෙත් රැජිනගේ වැඩිමහල් පුත්‍රයා වන චාල්ස් කුමරුට ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු විය.

අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට ධුරයේ කටයුතු පවත්වාගෙන යෑමට නොහැකි වුවහොත් විදේශ ලේකම් (අමාත්‍ය) ඩොමිනික් රාබ් තාවකාලිකව අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරනු ඇතැයි බ්‍රිතාන්‍ය රජය මේ සතිය මුලදී ප්‍රකාශ කළේය.  

ඒ.එෆ්.පී.

055



අදහස් (0)

බ්‍රිතාන්‍ය අගමැතිටත් කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 60 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 268 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 127 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site