IMG-LOGO

බ්‍රිතාන්‍යයේ රසායනාගාරයක වැරදීමකින් 1300 ක⁣ට කොරෝනා කියලා

බ්‍රිතාන්‍යයේ රසායනාගාරයක සිදුවූ දෝෂයක් හේතුවෙන් 1300ක පමණ පිරිසකට කොරෝනා ආසාදනය වී ඇති බවට සාවද්‍ය ලෙස දැනුම් දී ඇතැයි වාර්තා වේ.

නොවැම්බර් 19 සිට 23 දක්වා කාලය තුළ සිදුකරන ලද පරීක්ෂණ 1,311ක් කෝවිඩ් ආසාදිත ලෙස සටහන් වී ඇති අතර එම නිගමන නිවැරදි නොවන බව පසුව අනාවරණය වී තිබේ.

කෙසේ වුවද මේ සම්බන්දව කඩිනමින් පියවර ගැනීමට බ්‍රිතාන්‍ය සෞඛය අංශ කටයුතු කර තිබේ.

මෙය නිවැරදි කිරීම සඳහා පීඩාවට පත්වූවන්ට දැනුම් දුන් බවත් ඔවුන්ට තවත් පරීක්ෂණයක් කිරීමටත්, රෝග ලක්ෂණ ඇත්නම් ස්වයං නිරෝධායනය වීමටත් ඉල්ලා සිටි බවත් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බලධාරීහු පවසති.

මෙම ගැටලුවට තුඩුදුන් රසායනාගාර දෝශය හුදකලා සිදුවීමක් බවත් එය විමර්ශනය කරමින් සිටින බවත් ඔවුහු වැඩිදුරටත් පවසා තිබේ.

බ්‍රිතාන්‍යයේ මේ වනවිට කොරෝනා ආසාදිතයින් මිලියන 1.5ක් පමණ වාර්තා වී ඇති අතර මරණ 57,551කට අධික සංඛ්‍යාවක් සිදුවී තිබේ.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (2)

බ්‍රිතාන්‍යයේ රසායනාගාරයක වැරදීමකින් 1300 ක⁣ට කොරෝනා කියලා

විකුම් රංගන Saturday, 28 November 2020 09:18 PM

කොහෙද බ්‍රිතාන්‍යය තුළ, ඒ ටෙස්ට් එක වැරදුනේ? බොරුව සමාජ ගත කරන්න එපා.. සමහරවිට ඔය ටෙස්ට් එක ලංකාවේ වැරදිලා ඇති. එකට බ්‍රිතාන්‍යය පලි නැහැ. දන්නවද බ්‍රිතාන්‍ය කියන එකේ තේරුම වත්? රටවල් කීයක් මහා බ්‍රිතාන්‍යයට අයිතිද?

:       0       0

Mama Saturday, 28 November 2020 10:54 PM

මරු නිව්ස් එක...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 494 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 671 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 272 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site