IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පාසල් අතුරු නිවාඩුව සතියකින් දීර්ඝ කරයි

දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ලබාදුන් සතියක පාසල් අතුරු නිවාඩුව තවත් සතියකින් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ. ඒ අනුව නැවත පාසල් ආරම්භ කිරීමේ දිනය ලෙස ජූලි මස 27 වැනිදා නම්කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය අද නිවේදනය කළේය.

කෙසේ වෙතත් මේ මස 27 වැනිදායින් ආරම්භ වන සතිය තුළ පාසල් පැමිණිය යුත්තේ මේ වන විට 11, 12 සහ 13 වැනි ශ්‍රේණිවල ඉගෙනුම ලබන දූ දරුවන් පමණක් බවද අධ්‍යාපන අමාත්‍යංශ නිවේදනයේ සඳහන් වේ.

අනිකුත් ශ්‍රේණි සඳහා පාසල් විවෘත කිරීමට සුදුසු වන්නේ මැතිවරණයෙන් පසුව ඵළඹෙන පළමු සඳුදා දිනය, එනම් අගෝස්තු මස 10 වැනිදා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිර්දේශ කර තිබේ.

මේ වන විට පවතින තත්ත්වය හේතුවෙන් රාජංගණය සහ වැලිකන්ද අධ්‍යාපන කොට්ඨාස තුළ පවතින කිසිදු පාසලක් අගෝස්තු මස 10 වැනිදාට පෙර විවෘත නොකෙරෙනු ඇත‍.


(ඡායාරූප - ගයාන් අමරසේකර)

 

අධ්‍යපන අමාත්‍යංශය විසින් අද (18 වැනිදා) පස්වරුවේදී නිකුත් කරන ලද නිවේදනය පහත දැක්වේ.


 



අදහස් (5)

පාසල් අතුරු නිවාඩුව සතියකින් දීර්ඝ කරයි

de silva Saturday, 18 July 2020 12:43 PM

කරුණාකරලා මේ කාලය කුළ සියලුම උපකාරක පන්ති තහනම් කරන්න. නැතිනම් දරුවන් පාසල් නොගොස් උපකාරක පන්තිවලට පමණක් පොර කකා ඉගෙන ගන්න ගියොත්, රජය බලාපොරොත්තු වුණු කොරෝනා මර්ධන අරමුණු ඉටු නොවනු ඇත.

:       105       238

දොලේවත්තSunday, 19 July 2020 01:16 AM

සමහර මුදලට කෑදර ටියුෂන් පන්ති මෙහෙයවන්නන් මේ රජයේ අතකොළුවක්ය.. උසස් පෙළ විභාගය පැවැත්වෙන දින ටියුෂන් කරුවන්ගෙන් විමසූ රජය ගැන කුමන කතාද?

:       0       0

De costaSunday, 19 July 2020 11:40 AM

ඒක විතරයිද? නවත්තලා දාන්න ඕනේ? පිස්සු බල්ලන් වගේ ඡන්ද හිඟාකන්න රට වටේ යන එක රැස්වීම් තියෙන එක කමක් නැද්ද?

:       0       0

ලලිත් අම්බලන්ගොඩ Saturday, 18 July 2020 02:21 PM

මේ කාලෙ බොහෝ හාමුදුරුවරු බුදු හාමුදුරුවො පවා රවටනවා. දේවාලෙ කපුවෝ දෙවියන් රවටනවා. පාලකයෝ පාලිතයින් රවටනවා. හාමුපුත්තු සේවකයින් රවටනවා. දෙමාපියෝ දරුවන් රවටනවා. කොසොල් රජ්ජුරුවෝ දුටු සිහින දහසය සැබෑවන කාලය තමයි මේ. නැතිබැරි පවුල්වල දරුවන්ගේ පුංචි ඉස්කෝල ටික වහලා ඒ ඉඩකඩම් ටිකක් දේශපාලකයින් අත්පත් කර ගත්තා. ඒ පුංචි එවුන්ට තිබිච්ච ඉස්කෝල වහලා දැම්මා. ඉගෙන ගන්න අවස්ථාව දුන්නේ නැහැ. අම්බලන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයෙන් පාලනය කළ බෞද්ධ පාසල් 38ක් පසුගිය වසර කිහිපය තුළදී දකුණු පළාත් සභාව විසින් වහලා දැම්මා. අම්බලන්ගොඩ නගර සභාවේ උපසභාපති අම්බලන්ගොඩ ධම්මකුසල විද්‍යාලයේ ගොඩනැගිල්ලක් අනවසරයෙන් කඩාගෙන ගිය බව සාක්ෂි සහිතවම සනාථ වෙලා තියෙද්දිත් ස්වාධීනයි කියන පොලිස් කොමිෂන් සභාවත් ඒක වහනවා. දැන් ඉතිං නැතිබැරි කෙනාගේ ඉස්කෝලේ විතරක් නොවෙයි, ඇති හැකි කෙනාගේත් ඉස්කෝල වහලා දැම්මා. මේක තමයි ස්වභාව ධර්මය. තව දඬුවම් දීලා ඉවර නැහැ. දැන්වත් යථාර්තය වටහාගෙන සාධාරණව ජීවත් වෙන්න කල්පනා කරනවා නම් හොඳයි. ඒත් තිතෙන පවට එහෙම වෙන්නේ නැහැ.

:       1       83

මහින්ද Sunday, 19 July 2020 01:10 AM

නරකද මෙම නිවාඩුව මැතිවරණ ප්‍රචාරක කටයුතු තහනම් කරන දින දක්වාම දීර්ඝ කළොත්. එහෙම කලොත් දේශපාලන අයිතිවාසිකම් අහිමි අධ්‍යාපන පරිපාලන සේවයේ සිටින විදුහල්පතිලාටත් ගුරුන් වැඩිපිරිසක් පවතින රජයේ ක්‍රියාකාරී සාමාජිකයින් නිසා එවැනි ගුරුවරුන්ටත් ඡන්ද ප්‍රචාරක වැඩට නිවෙස්වලට යන්න පුළුවනි. රැස්වීම් අමතන්නත් පුළුවන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site