IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පැය 24 කදී ගම්පහින් ආසාදිතයින් 1718 ක්

(තිලකරත්න දිසානායක)

ගම්පහ දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින් සංඛ්‍යාව අද  (1) උදෑසන වනවිට  1,21,305  දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි. 

අද උදෑසන  වනවිට පැය 24 ක කාලය තුල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 1718 දෙනෙකු හමුව ඇති බවත් මින් 182 දෙනෙකු වන වැඩිම පිරිසක් මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් එහි සදහන්ව ඇත. 

දිස්ත්‍රික්කයේ සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන් ආශ්‍රිතව ආසාදිතයින් හමුවීම මහර  - 179 ක්,  දොම්පෙ  - 156 ක්,  ගම්පහ සහ කටාන කොට්ඨාසයන්ගෙන් - 146 දෙනෙකු බැගින් , දිවුලපිටිය  - 130 ක්,  මීරිගම  - 118 ක්,  අත්තනගල්ල  - 115 ක්,  බියගම  - 111 ක්,  ජාඇල  - 98 ක්,  මීගමුව  - 93 ක්, කැලණිය  - 68 ක්,  සීදූව  - 67 ක්,  වත්තල  - 62 ක් සහ රාගම කොට්ඨාසයෙන්  - 47 දෙනෙකු වශයෙනි.

පැය  24 ක් තුල ගම්පහ දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් 63 දෙනෙකු හමුව ඇති බවත් එය ආයෝජන කලාපය කටුනායකකින් - 23 ක්, බියගමින්  - 35 ක් සහ වෙනත් කර්මාන්තශාලා ආශ්‍රිතව පස් දෙනෙකු  වශයෙන් බවත් වෙබ් අඩවියෙහි සදහන්ය.

දිස්ත්‍රික්කයේ රෝහල් වෙත පැය 24 ක කාලය තුල ආසාදිතයින් 528 දෙනෙකු ප්‍රතිකාර පිනිස ඇතුලත් කොට ඇති අතර සැක සහිත රෝගීන් 11 දෙනෙකු ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කොට ඇත. එම රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානයන්හි ඔක්සිජන් සහිත ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 442 දෙනෙකි.

දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවියෙහි සදහන් අන්දමට දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 36,682 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත.

 



අදහස් (1)

පැය 24 කදී ගම්පහින් ආසාදිතයින් 1718 ක්

සුභාෂණ රත්නදිවාකර Wednesday, 01 September 2021 01:12 PM

ආගමික ස්ථාන අවට ගෙවල්වල මවුකිරි බොන බිළිඳු දරුවන් ඉන්නවා. අධික ලවුඩ්ස්පීකර් ශබ්දයට ඒ දරුවන් අඬන ශබ්දයවත් ඇහෙන්නේ නැහැ. කරුණාකරලා උදේ, සවස ආගමික ස්ථානවලින් ලවුඩ්ස්පීකර් මඟින් සිදුකරන පාරිසරික ශබ්ද දූෂණය නවත්වන්න...! මනුෂ්‍යත්වයෙන් මේ කියන දේ ගැන පොඩ්ඩක් හිතන්න...!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site