
(සුදත් එච්. එම්. හේවා)
කොවිඩ් ආසාදිතයක්ගේ ආශ්‍රිතයන් හේතුවෙන් ස්වයං නිරෝධානයට ලක් කර ඇති හැටන් දික්ඔය නගර සභාවේ සේවිකාවකගේ පවුලේ පිරිස විවිධ ස්ථානවල සැරිසැරිමත් සමග හැටන් නගරය තුල කොවිඩ් වසංගතය වර්ධනය වීමේ අවදානමක් හටගෙන තිබේ.
හැටන් විදුහලක ඉගෙනුම ලබන සිසුවෙකු කොවිඩ් ආසාදිතයකු බවට හදුනා ගැනිමත් සමග එම සිසුවාගේ ආශ්‍රිතයකු ලෙස මෙම සේවිකාවගේ දරුවකුද සිටින බැවින් එම පවුලේ පිරිස ස්වයං නිරෝධානයට ලක් කිරීමට හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍යවරුන් පියවර ගෙන ඇත.
මෙම පිරිස මෙසේ ස්වයං නිරෝධානයට ලක් කර තිබියදි එම සේවිකාව හා ඇයගේ ස්වාමියා එම නිරෝධාන නීති උල්ලංගනය කරමින් නගරයට යන බවත් එම නිවස ඉදිරිපිට මාර්ගයේ සිට එම මාර්ගයේ යන එන පිරිස් සමග හා පාසල් සිසු සිසුවියන් සමග කතාබස් කිරිම් සිදුකරන බවත් ප්‍රදේශයේ ජනතාව පවසති.
මේ පිලිබදව කරන ලද විමසීමේදි අදහස් දැක්වු හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්. ආර්. එස්. මැදවෙල මහතා පවසන ලද්දේ මේ පිලිබදව කඩිනමින් සොයා බලා අවශ්‍ය කටයුතු සිදු කිරිමට පියවර ගන්නා බවය.
2025 දෙසැම්බර් මස 30
106
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නිරෝධායනයට යොමුකර සිටි ආශ්‍රිතයන් හැටන්හි සැරිසරලා