IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


දිවුලපිටිය කොරෝනා පොකුර 1034 ට නගී



අද රාත්‍රී 7.45 වන විට දිවුලපිටිය කොරෝනා පොකුරේ විශාලත්වය රෝගීන් 1034 ක් වී තිබේ.

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ තවත් සේවකයින් සිව් දෙනකු  සහ  වැලිසර ඇඟලුම් ආයතනයේ  එක් අයකුට කොරෝනා අසාදිත යැයි හඳුනාගැනීමත් සමගින් අද සවස වන විට රෝගීහු 1028 ක් සිටියහ. නමුත් පසුව ඇඟලුම් කම්හලේ කාර්ය මණ්ඩල සාමාජිකයන් 5 දෙනකුට සහ ආශ්‍රිත තැනැත්තෙකුටත් කොරෝනා වැළඳී ඇති බව තහවුරු වීම හේතුවෙන් දිවුලපිටිය කොරෝනා පොකුරේ සමස්ථ ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1038  ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි අද දහවල් වාර්තා වූ ඇඟලුම් සේවිකාවන් සංඛ්‍යාව 190 ක් වූ අතර ඒ සමගම වයිරසය ආසාදනය වූ ඇඟලුම් සේවිකාවන්ගේ සංඛ්‍යාව 1000 ඉක්මවා ගියේය. මේ වන විට මිනුවන්ගොඩ රෝහල කොරෝනා රෝගීන් සඳහාම වෙන්කර ඇති අතර මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලද කොරෝනා වයිරස ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා වෙන්කර තිබේ.



අදහස් (5)

දිවුලපිටිය කොරෝනා පොකුර 1034 ට නගී

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 07 October 2020 03:05 PM

වැඩේ බොහෝ දුර යන ලකුණු තමයි පේන්නේ.. වැඩේ තවත් දුර ගොස් ක්‍රියාමාර්ග ගන්නවාට වඩා දැන්ම යමක් කොට රෝගය පාලනය කරගැනීම වැදගත් නේද?

:       0       0

Champa Wednesday, 07 October 2020 03:37 PM

තාම මාසේ මුල. දිනපතා සුළු සුළු වැඩ කරලා ආදායම හොයා ගත්ත මිනිස්සුන්ට වැඩට යන්න විදිහක් නැත්නම්, කලින් දුන්නු රුපියල් 5000 දීමනාව මේ මාසේ ඉඳන් නැවත දෙන්න වැඩ පිළිවෙලක් හදනවද? පාර්ලිමේන්තුව වැහැව්වා නම් ඒකට දිනකට වැය කරන විශාල මුදල ඉතුරු කරගන්නත් පුළුවන්.

:       1       0

Prabha Wednesday, 07 October 2020 06:52 PM

කෝ මේ රාජකීය වෙදතුමා?

:       0       1

බද්රානි Wednesday, 07 October 2020 08:45 PM

ශ්‍රී ලන්කන් ගුවන් යානයෙන් ලංකාවට ගොඩ බැහැපු, නිරෝධායනය නොවුණු ඉන්දියන් ජාතිකයින්ට පින්සිද්ධ වෙන්න අපේ රටටත් කොරෝනා මිත්‍රයා පැමිණියා. ඔය ගාමන්ට් කෙල්ලෝ පස්සේ නොයා අපේ ගෙවල් පැත්තේත් ආවා නම්, මම නම් සලකනවා කොරෝනා මිත්‍රයාට හොඳට? චීනෙන් ආපු කොරෝනා මිත්‍රයාට නොසලකා කොහොමද, අපේ අනාගත පරම්පරාව ලංකාවේ යහතින් ජීවත් වෙන්නේ?

:       0       2

Lokka Thursday, 08 October 2020 08:43 AM

වියත්මගේ අනුහසින්, ආණ්ඩුවේ ප්‍රධානියෙකුගේ අතහිතින්, පැමිණි ඉන්දියන් කොරෝනාව 20ට ආශීර්වාදයක් නොවේද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 51 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 717 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 341 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site