IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


දිනක මෙරටින් වාර්තා වූ වැඩිම මරණ ගණන අද වාර්තා වෙයි

(ඩයනා උදයංගනී)

කොවිඩ් 19 වයිරසය ආසාදිත වී සිටි තවත් 19 දෙනකු‍ගේ මරණ අද (7) වාර්තා විය.

මේ වනවිට මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 764 ක් දක්වා ඉහළ ගොස් තිබේ.මෙය එක් දිනකදී මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ ගණන වේ.

මෙම මරණ 19 න් 14 හේතුව වී ඇත්තේ කොවිඩ් නියුමෝනියාවයි.

සුන්දර පුර 63 හැවිරිදි කාන්තවක්,ඉලවාලෛයි ප්‍රදේශයේ 75 හැවිරිද කාන්තවක,කෝන්ගහවෙල 60 හැවිරිදි පුද්ගලයෙක්,රත්මලානේ 86 හැවිරිදි පුද්ගලයෙක්,දෙහිඅත්තකණ්ඩියේ  54 හැවිරිදි කාන්තාවක්, බදුල්ල මහිලගස්තැන්නේ පුද්ගලයෙක්,වාද්දූවේ 72 හැවිරිදි කාන්තවක්, කොළඹ -3 ප්‍රදේශයේ 53 හැවිරිදි පුද්ගලයෙක්, රද්දොළුගම 68 හැවිරිදි පුද්ගලයෙක්,රාගම 45 හැවිරිදි කාන්තාවක්,වැලිකඩ බන්ධනාගාරය තුළදි 68 හැවිරිදි කාන්තාවක්, පෝද්දල 82 හැවිරදි පුද්ගලයෙක්,අලපලාදෙණියේ 50 හැවිරිදි පුද්ගලයෙක්,අඟුලුගහ 80 හැවිරිදි කාන්තාවක්,හික්කඩුවේ 65 හැවිරිදි කාන්තාවක්,අඟුලුගහ 74 හැවිරිදි පුද්ගලයෙක්, නුවරඑළිය හාවාඑළියේ 75 හැවිරිදි පුද්ගලයෙක් සහ අනුරාධපුර 76 හැවිරිදි පුද්ගලයෙක් මිය ගිය අය අතර වුහ.

 



අදහස් (6)

දිනක මෙරටින් වාර්තා වූ වැඩිම මරණ ගණන අද වාර්තා වෙයි

thushara Friday, 07 May 2021 06:51 PM

මැයි 05වැනිදා 25 දෙනෙක් මිය ගියා ...

:       0       0

ජනතාව Saturday, 08 May 2021 03:02 AM

කොරෝනා පැතිරීම වැළැක්වීමේ වගකීම පළමුව සෞඛ්‍ය අංශ, ජනතාව, ආරක්ෂක අංශ, රජය සහ දේශපාලන අධිකාරිය වගකිව යුතුයි. පිළියන්දල ජීවත්වන අපිව මීට සති දෙකකට පෙර සෞඛ්‍ය අංශ දැනුවත් කළා.. නමුත් ජනතාව, ආරක්ෂක අංශ, රජය සහ දේශපාලන අධිකාරිය ඒ ගැන සැලකිලිමත් වුනේ නෑ. දෙවෙනිදා වෙනකොට පැතිරිලා, ලොක් ඩවුන් කළාට ආරක්ෂක අංශ සහයෝගයක් තිබුනේ නෑ, ජනතාව හැමතැනම ගියා, ඒ අස්සේ දේශපාලන අධිකාරිය බලය පාවිච්ච් කරලා ලොක් ඩවුන් ඉවත් කළා. දැන් ඉතින් කියලා වැඩක් නෑ.. ඉදිරියටවත්, හරි ඉක්මන් තීරණ අරගෙන කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජනතාව මුදවාගන්න.

:       0       11

ranjith Saturday, 08 May 2021 04:31 AM

ඔහොම කිය කියා දිගටම යමු... එතකොට දිනෙක ඔක්කොම මැරුණා කියලා කියන්න බැරියෑ.

:       0       8

sampath Saturday, 08 May 2021 10:02 AM

ලොක්ඩවුන් කරන්න කිය කියා බොරුවට කෑ නොගහ තමන් ලොක්ඩවුන් එකකට ගියා නම් ඉවරයිනේ. කැමැති අය ගෙවල්වල ඉන්න ඕනේ අය ඉඳීවි. තමන්ගේ ආරක්ෂාව තමන්ට විතරයි සලසගන්න පුළුවන්. තමන්ගේ ලොක්ඩවුන් එක හරියට නඩත්තු කර ගත්තා නම් කාටවත් දොස් කියන්න ඕනැ නැහැ.

:       0       0

Saman vidyathilake Saturday, 08 May 2021 01:27 PM

ඒ වුණාට සර් කහපැළ හිටවනවනේ.. ප්‍රසන්න රණතුංග සහ ලංසා. සේරම පාලනය කරනවනේ..

:       0       0

fairoos Sunday, 09 May 2021 07:38 AM

දැන් එතකොට අපිතමයි හොදට කරේ කියලා කියන්න කවුරුත් නැද්ද.?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site