IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ගම්පහ ජනතාවට 5000 දෙන්න කෝටි 40 ක්

 

( තිළිණි ද සිල්වා සහ  තිලකරත්න දිසානායක )

කොරෝනා වසංගතය හේතුවෙන් පැනවූ ඇදිරි නීතිය හේතුවෙන් සිය ජීවනෝපාය අහිමි වූ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට රුපියල් 5000 දීමනාව ලබා දීම සදහා රජය රුපියල් කෝටි 40ක් වෙන් කළ බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා  අද  (18) පැවසීය .

පළමු අදියර යටතේ මුලින්ම ඇදිරි නීතිය පැනවූ හා දැනට සංචරණය සීමා කර ඇති ගම්මාන 05 ඇතුළු මිනුවන්ගොඩ, දිවුලපිටිය, වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශ වලට අයත් මිනුවන්ගොඩ, දිවුලපිටිය, අත්තනගල්ල, හා මීරිගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ වල පවුල් 72,345 සදහා මෙම 5000 දීමනාව ලබා දීමට රජය කටයුතු යොදා ඇතැයි අමාත්‍ය  ප්‍රසන්න රණතුංග මහතා සදහන් කලේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ , අගමැති මහින්ද රාජපක්ෂ , ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සදහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ විශේෂ මැදිහත් වීම මත මුදල් අමාත්‍යාංශය මෙම ප්‍රතිපාදන ගම්පහ දිස්ත්‍රික්කයට වෙන් කල බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් කීය .
 
මේ සම්බන්ධයෙන් අප කල විමසුමකදී ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා සදහන් කලේ අගහරුවාදා (20) සිට මෙම දීමනාව ලබා දීමට සියලු කටයුතු යොදා ඇති බවයි. 
 
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණය යටතේ මෙම මුදල ගෙවීමට සැලසුම් කර ඇති බවද ජයලත් මහතා කීවේය. 
 
ඇදිරි නීතය පනවා ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ අනෙක් පොලිස් බලප්‍රදේශ 16 තුළ වෙසෙන ජනතාවට දෙවන අදියර යටතේ එම මුදල ලබා දීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන ලෙස බැසිල් රාජපක්ෂ මහතාගේ හා ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලා ඇතැයිද දිස්ත්‍රික් ලේකම්වරයා සදහන් කළේය. ඒ අනුව ඉදිරියේදී එම ප්‍රදේශයේ ජනතාවටද මෙම දීමනාව ලබා දීමට පියවර ගැනේ. 
 
පසුගිය i හා ii වටයන්හීදී  ඒ ඒ ග්‍රාම සේවා වසම් වල පත් කෙරුනු ග්‍රාමීය කමිටු හරහා කෝවිඩ් 19 හේතුවෙන් පීඩාවට පත් වූ පවුල් හදුනා ගැනුනු අතර එම සියලු පවුල් සදහා මෙවරද අදාල දීමනාව ලබා දීමට නියමිත බවද දිස්ත්‍රික් ලේකම්වරයා සදහන් කරයි.

නිරෝධායන ඇදිරි නීතිය පැනවීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට රුපියල් 5000 දීමනාව ලබා දෙන ලෙස සංචාරක ඇමති හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග මහතා පසුගිය සතියේදී කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබිණි.



අදහස් (6)

ගම්පහ ජනතාවට 5000 දෙන්න කෝටි 40 ක්

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 18 October 2020 06:57 AM

ඉතා හොඳ තීරණයක්... හොඳ දේට හොඳයි කියන්නත්, වැරදි දෙයට වැරදියි කියන්නත් අපට හොඳ කොන්දක් තියෙනවා. ඒත් මෙහි ලියන නිමල් නැමැති දේශපාලන ළදරුවෙකු තමන්ට වාසි පැත්තට රෙදි නැතිව කඩේ යන ගමන් රෙදි අැඳන් ඉන්න අපට චෝදනා කරනවා. අපේ නැට්ටේ එල්ලී චෝදනා කරනවාට වඩා තමන්ගේ මතය හරි හැටි කරුණු කාරණා සහිතව ඔප්පු කිරීමයි ඔහු කළයුතු වන්නේ.

:       0       0

Kamal Koyrala Sunday, 18 October 2020 07:04 AM

කොරෝනා මුල් දවස්වල 5000 දෙන්න ගිහින් ආණ්ඩුව නාගත්තනේ. ඒවායින් පාඩම් ඉගෙන ගෙන වියත් අදහස් ඇතිව සාධාරණව ඇඟලුම් කම්හලේ අයට ගෙවයි. නැතිනම් ඕමාර්ගේ සල්ලිද දන්නේ නැහැ ආණ්ඩුවේ වගේ බෙදන්නේ මෑන්ව ගොඩදාන්න...?

:       0       0

mp Sunday, 18 October 2020 07:24 AM

වයසට ගිය, බැංකු පොලියෙන් ජීවත් වූ අපේ ආදායම හොඳටම බැහැලා. ඒ ආණ්ඩුව බැංකු පොලිය 4.5% කරලා. ජීවත් වෙන්නේ කොහොමද? වයස 60ක් ඉක්ම වූ පටන්.. යම් යැපීම් දීමනාවක් දෙන්න..

:       0       0

pradeepa Sunday, 18 October 2020 07:53 AM

පුළුවන් නම් 20ක් විතර දෙන්න.. 5 කියන්නේ පොල් ලෙල්ලක් දැම්මා වගේ.. අපේ පවුලේ 8ක් ඉන්නවා. 05ක් අරන් මොනවා කරන්නද? 

:       0       0

dewa Sunday, 18 October 2020 11:27 AM

ඉතාම හොඳ වැඩක්...

:       0       0

Champa Sunday, 18 October 2020 11:36 AM

එහෙම හරි යන්නේ නැහැනේ... ඇඳිරි නීතිය නැති පළාත්වල මිනිස්සුන්ටත් බඩගිනි දැනෙනවා. ගන්න දෙයක් දැන් තමයි. 20 සම්මත කරගෙන, එම්සීසී සහ සෝෆා ගිවිසුම් අත්සන් කරන්න මේ මාසේ අග ඇමරිකන් රාජ්‍ය ලේකම් ලංකාවට එනකම් ඇඳිරි නීති. පස්සේ කොරෝනා නිකම් මැජික් එකකින් වගේ නැතිවෙනවා. ඔන්න, ගන්න දෙයක් දැන් තමයි. හැබැයි, තව එකක්, එම්සීසී අත්සන් කළොත් හෝ චීන්නුගෙන් ඉල්ලලා තියෙන ඩොලර් මිලියන් 500ක ණය මුදල ලැබුණොත්, සමහරවිට කොරෝනා දෙසැම්බර් දක්වා ඇදගෙන යයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 498 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2240 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1676 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site