
(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 23 දෙනකු ඊයේ (11) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (12) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 13,377 දක්වා ඉහළ ගොස් ඇත.
මියගිය අයගෙන් 19 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර තිදෙනෙක් සහ වයස අවුරුදු 30ට අඩු අයෙක් ද ඒ අතර වෙති.
එමෙන්ම පිරිමි අය 11 දෙනකු සහ කාන්තාවන් 12 දෙනෙකු මියගිය පිරිසට ඇතුළත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.

COMMENTS
පළාත් සභා මැතිවරණය ඉක්මනින් පවත්වන බවට ඉගියක්ද