IMG-LOGO

කොළඹ-රාගම රෝහල්වල දැඩි සත්කාර ඒකක අලුත්වැඩියා කරයි

කොළඹ ජාතික රෝහලේ සහ  රාගම, උතුරු කොළඹ ශික්‍ෂණ රෝහලෙහි දැඩිසත්කාර ඒකකයන්හි අලුත්වැඩියා කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදා දායකත්වයෙන් ආරම්භ කෙරිණි.

කොරෝනා වයිරසය හේතුවෙන් මේ වන විට රට තුළ ඇති වී තිබෙන තත්වය තුළ වයිරසය ආසාදිත රෝගින්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය පහසුකම් කොළඹ ජාතික රෝහල සහ  රාගම, උතුරු කොළඹ ශික්‍ෂණ රෝහල වෙතින් ලබාදීමේ අරමුණින් නාවික හමුදා දායකත්වයෙන් එම රෝහල්හි දැඩි සත්කාර ඒකකයන් අලුත්වැඩියා කරන ලදි.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ උපදෙස් මත බටහිර නාවික විධානයට අනුයුක්ත සිවිල් ඉංජිනේරු නාවික පුද්ගලයින් පිරිසක් මෙම කර්තව්‍ය සඳහා අනුයුක්ත කරන ඇත.

මෙහිදී එම රෝහල්හි දැඩි සත්කාර ඒකකයන් කොරෝනා වයිරසය ආසාදිත රෝගින්ට ප්‍රතිකාර කිරිමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබා දීම සඳහා සුදුසු වන පරිදි කොටස් වෙන් කිරීමට මෙහිදී කටයුතු කරමින් පවතී.
 
ඒ අනුව, නාවික හමුදා සිවිල් ඉංජිනේරු නාවික පුද්ගලයින්ගේ පූර්ණ ශ්‍රම දායකත්වයෙන් සිදු කරනු ලබන මෙම අලුත්වැඩියා කටයුතු කඩිනමින් අවසන් කර ප්‍රතිකාර සඳහා සුදුසු වන පරිදි සකස් කිරීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටී.



අදහස් (0)

කොළඹ-රාගම රෝහල්වල දැඩි සත්කාර ඒකක අලුත්වැඩියා කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 93 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 58 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 444 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site