IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


කොවිඩ් ආසාදිතයෙකු නිසා මොරගහකන්දේ ධීවරයෝ රාජකාරියෙන් ඉවත්වෙති

(ඉන්දික අරුණ කුමාර)
 
නාඋල ඇගුළුම් කම්හලේ කෝවිඩ් ආසාධිතයෙකු මොරගහකන්ද - මා ඔය ප්‍රදේශයේ දී තොටුපොල නියෝජිතයෙකු ඇසුරුකර ඇතැයි සදහන් කරමින් අද(20) සිට ධීවරයෝ 52 දෙනෙකු සියලු ධීවර කටයුතු වලින් ඉවත්වන බව මොරගහකන්ද ධිරිය ධීවර සමිතිය කියා සිටියි.
 
මාධ්‍ය වෙත අදහස් දක්වමින් මොරගහකන්ද ධිරිය ධීවර ග්‍රාමීය සමිතියේ සභාපති ඩබ්ලිව්.එම්.චන්ද්‍රසිරි බණ්ඩාර මහතා මෙසේ කියා සිටියේය.
 
මොරගහකන්ද ජලාශය ආශ්‍රීතව වසර ගණනක කාලයක සිට ධීවරයෝ ධීවර කටයුතු කරගෙන ගිය බවත්, පවත්නා ආනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් සිය සාමාජිකයින් ධීවර කටයුතු වලින් ඉවත් වන බවත් හෙතෙම කියා සිටියේය.
 
මෙම තත්ත්ය හමුවේ සිය පාරිභෝගීක ජනතාවට සිදුවන අපහසුතාවන් සම්බන්ධයෙන් කනගාටුව පලකරන බව කියා සිටි චන්ද්‍රසිරි බණ්ඩාර මහතා කියා සිටියේ කෝවිඩ් ආසාධිතයා තරුණ පිරිසක් සමග ක්‍රීඩාවක නිරත වී ඇති බවයි. එම පිරිස අතර සිය ධීවර සමිතියේ තොටුපොල නියෝජිතයාද සිටීම හේතුවෙන් මෙම අවධානම් තත්ත්වය නිර්මාණය වී ඇති බව ඔහු කීය.
 
ආසාධිතයා ඇසුරැ කළ සියලු දෙනා නිරෝධායනය කළ යුතු බවත්, නිසි සෞඛ්‍ය ක්‍රමවේද යොදන තෙක් සිය සාමාජිකයින් යළි ධීවර කටයුතු වල නිරත නොවන බව  ද චන්ද්‍රසිරි බණ්ඩාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.



අදහස් (0)

කොවිඩ් ආසාදිතයෙකු නිසා මොරගහකන්දේ ධීවරයෝ රාජකාරියෙන් ඉවත්වෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 687 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2358 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1732 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site