( රොමේෂ් මධුෂංඛ)
කිලිනොච්චිය දිස්ත්‍රීක්කයෙන් කොවීඩ් 19 වයිරසය ආසාදිතයකු වාර්තා වීමත් සමග කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ පිහිටි සියලුම පාසල් වෙතට අද (24) සිට වසා තැබීමට පියවර ගත් බවට උතුරු පලාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් එල්.ඉලංකෝවන් මහතා නිවේදනය කර ඇත.
කිලිනොච්චිය නගරයේ වෙළඳසැලක සේවය කල 72 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ දින උණ ආසාදනයක් හේතුවෙන් කිලිනොච්චිය මහරෝහලට ඇතුලත් කිරීමෙන් පසුව සිදු කරන ලද පී.සී.ආර්. පරික්ෂණයකදී පුද්ගලයාට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.
අදාල ආසාදිතයා මේ වන විට වැලිකන්ද කොරෝනා විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයට රැගෙන ගොස් ප්‍රතිකාර කරන බවටද කිලිනොච්චිය සෞඛ්‍ය නිලධාරී කාර්යාලය පවසා සිටියි.
මේ අනුව කොරෝනා ආසාදිතයෙකු වාර්තා වීමත් සමග කිලිනොච්චියේ අධ්‍යාපන බලධාරීන් විසින් උතුරු පලාත් අධ්‍යාපන අමාත්‍යංශයෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙලෙස අද දිනයේදී කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ පාසල් අද සිට සිකුරාදා (27) දක්වා වැසීමට තීරණය කොට ඇති බවටද උතුරු පලාත් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිවේදනය කොට ඇත.
මේ අතර කිලිනොච්චිය දිස්ත්‍රීක්කයෙන් වාර්ථා වූ කොරෝනා ආසාදිතයාට කොරෝනා වැළඳුනු අයුරු පිළිබඳව මෙතෙක් හෙලි වී නොමැති අතරම ඒ පිළිබඳව පරික්ෂණයක් අරඹා ඇති බවටත් අදාල ආසාදිතයා අසුරු කල කිහිප දෙනෙකුද හඳුනාගෙන ඔවුන් නිරෝධායනය කිරීම හා පී.සී.ආර්. පරික්ෂණයන් වෙතට යොමු කොට ඇති බවටද කිලිනොච්චිය දිස්ත්‍රීක් සෞඛ්‍ය නිලධාරී කාර්යාලය විසින් වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 30
44
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
713
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් වසා දමයි