IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


‍කොරෝනා ගැන ආයතන කාර්ය මණ්ඩල සාමාජිකයන් දැනුවත් කෙරේ

කොරෝනා වයිරසය සම්බන්ධයෙන් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා ඇතුළු රාජ්‍ය ආයතනවල කාර්යමණ්ඩලවල සාමාජිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (12) ආරම්භ කරන ලදි.

එම වැඩසටහනේ පළමුවැන්න ඊයේ කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. රෝගය හඳුනාගැනීම ඉන් වැළැකී සිටීම මෙන්ම ආරක්ෂාකාරීව ක්‍රියාකිරීම සම්බන්ධයෙන් වෛද්‍ය දේශාන්ත දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ කාර්යමණ්ඩලය දැනුවත් කළේය.

මේ පූර්වාදර්ශය අනුව රාජ්‍ය, පෞද්ගලික යන අංශ දෙකේ සෑම ආයතනයකම මෙම වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙනු ඇත.

ජනාධිපති කාර්යාලයේ ප්‍රමුඛත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර කාර්යමණ්ඩලව පිරිස් තමන් ලබාගන්නා දැනුම සිය පවුල්වල සාමාජිකයන්ට දැනුම් දෙනු ඇතැයි ද සමාජයට බෙදා දෙනු ඇතැයි ද ජනාධිපති කාර්යාලය අපේක්ෂා කරයි.

වයිරසයේ ව්‍යාප්තිය ජාතික උවදුරක් බවට වර්ධනය වීම වැළැක්වීම මෙම වැඩසටහනේ අරමුණ යැයි ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් (පාලන) කේ.බී. එගොඩවෙලේ මහතා ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

055



අදහස් (2)

‍කොරෝනා ගැන ආයතන කාර්ය මණ්ඩල සාමාජිකයන් දැනුවත් කෙරේ

Mahesh Thursday, 12 March 2020 05:31 PM

ඒක හොදයි.

:       0       0

wimal Friday, 13 March 2020 04:36 AM

ඒක බොහොම හොදයි, මේ රටෙ දේශපාලන පැලැන්තියයි, නිලධාරී පැලැන්තියයි රැකුනම ඇති, ගම්වල අසරණ මිනිස්සු වලපල්ලට ගියාම දෑනුවත් කලාම ඇති.

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 140 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 760 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site