IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


කොරෝනා ආසාදිත දෙවැනි ශ්‍රී ලාංකිකයාත් හමුවෙයි

 (රංජන් කස්තුරි)

කොරෝනා වයිරසය (කෝවිඩ්-19) වැළදී ඇති බවට තහවුරු වූ තවත් රෝගියෙකු අද ( 12) සොයා ගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

ඒ අනුව එම රෝගියා  ශ්‍රී ලංකාවෙන්  හමු වූ   ලාංකික දෙවැනි කොරෝනා අසාදිතයා  වේ. 

ඔහු සමඟ ශ්‍රී ලංකාවෙන්  හඳුනාගත්  කොරෝනා අසාදිතයින්ගේ සංඛ්‍යාව  තුනකි. 

44 හැවිරිදි මෙම පුද්ගලයා මේ වන විට  අංගොඩ අයි.ඩී.එච් රෝහලේ  ප්‍රතිකාර ලබමින්  සිටින බවද අනිල් ජාසිංහ මහතා පැවසීය.

කොරෝනා වයිරසය වැළදී  තිබු බවට පෙරේදා ( 11) සොයාගත් සංචාර මග පෙන්වන්නා සමඟ මොහු නවාතැන් ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයිද වෛද්‍යවරයා සඳහන් කළේය.



අදහස් (20)

කොරෝනා ආසාදිත දෙවැනි ශ්‍රී ලාංකිකයාත් හමුවෙයි

wedage Thursday, 12 March 2020 11:42 AM

ජයවේවා ! කලින් පියවර නොගත්තාට.......

:       105       78

dilanThursday, 12 March 2020 04:43 PM

රටේ මිනිස්සු මේ වගේ මරණ බයකට පත්වෙද්දීත් මෙහෙමහිනාවෙන්න පුළුවන් කාටද.?

:       0       0

මුණසිංහ Thursday, 12 March 2020 11:43 AM

සියලු ගුවන් ගමන් නතර කරන්න. රටට අැතුළු වීම තහනම් කරන්න. තවම ප්‍රමාද නෑ.

:       254       430

AkilaThursday, 12 March 2020 04:35 PM

නැහැ නැහැ. තවම වේලාසන වැඩියි. ආණ්ඩුවට දාහක් විතර ලෙඩ්ඩු හම්බවෙනකන් ඉන්නේ. ඊට පස්සේ වීරයෝ වගේ වහලා දාන්න.

:       0       0

siri Thursday, 12 March 2020 11:49 AM

මේ රෝගය දෙපැත්තට බෙදිලා ගහ මරා ගැනීමෙන් වළක්වන්නට පුළුවන් දෙයක් නෙවේ. දැනට ලංකාවේ මෙම වයිරසය වැළදී ඇතැයි සැක කරන 19 දෙනෙක් ඉන්නවා කියලත් වාර්තා උනා. සියලුම ජනතාව ශක්ති ප්‍රමාණයෙන් මෙම වයිරසය එකිනෙකා අතරේ බෝවීම වැලැක්වීම සඳහා සෙනඟ ගැවසෙන ස්ථාන වලට නොයාම, නිතර සබන් යොදා දෙඅත් සේදීම හැකිනම් මුහුණු වැස්මක් පැළඳීම වැනි ක්‍රියා මාර්ග ගැනීම තුලින් ලොකු අත් උදව්වක් කළ හැකි වෙනවා. සෙනඟ එකතුවෙන සියලුම ක්‍රියා අත් හිටුවිමද හොඳ වැඩක්.

:       0       249

wedage Thursday, 12 March 2020 11:53 AM

අර කට ඇද කරකර රූපවාහිනියේ කතාකරන මහාචාර්යවරිය මේ ගැන මොනවද කියන්නේ...?

:       0       0

Chathuri Thursday, 12 March 2020 12:10 PM

මෙයට වග කියන්න ඕන මේ රට කරන අයිය මලෝ. කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ වැඩ. හැම නායකයෙක්ම තමන්ගේ රටට කොරෝනා වයිරසය නොඑන්න ගුවන් ගමන් තහනම් කරද්දී මේ දෙන්නා විතරක් වැඩ කරනවා. චීනෙට ගුවන් යානා යනකොට ගුවන් සේවිකාවන් පමණයි. නැවත එනකොට චීන්නු පුරෝගෙන එන්නේ. අපරාදේ මුදල් නේද ? මේ මොවුන්ගේ හැටි දැන ගැනත් රට බාර දුන්නනේ. රට ආරක්ෂා කරගන්න හොඳට ඉඩ තිබුනා. මොවුන්ගේ නොසැළකිල්ල.

:       0       0

Champa Thursday, 12 March 2020 12:29 PM

දෙවෙනි රෝගියා පළවෙනි රෝගියා හා සම්බන්ධ කෙනෙක්. පළවෙනි රෝගියා සංචාරක මඟ පෙන්වන්නෙක්. ඒ ඇරුනහම වෙනත් කවුරුවත් තවම කොරෝන කියල හොයාගෙන නැහැ. ඒ නිසයි කොරෝනා නිරෝධනය ඉතාම වැදගත් වෙන්නේ. සංචාරක මඟ පෙන්වන්නන් සියලු දෙනාටත් ස්වේච්ඡාවෙන් කොරෝනා ටෙස්ට් වලට එන්න කියන්න. ඒ වෙනුවෙන් වෙන් කරලා තියෙන රෝහලට. ලංකාව හුඟක් උෂ්ණාධික නිසා මේ වෛරසය පැතිරීම දැනට අඩුයි. එක් රෝගියෙකුගෙන් තව හතර පස් දෙනෙකුට තමයි වැළඳේයි කියලා හිතන්නේ. ඒ හින්දා නිරෝධායනය කියන එක හුඟක් වැදගත්. පොදු ස්ථාන පාවිච්චි කරන එක අත්‍යවශ්‍යම නම් පමණක් කරන්න. පොදු වාහන වලට ගිහින් ආවහම සබන් දාලා අත හොඳට සෝදන්න. ඒ වගේම පොදු වාහන වලදි මුහුණ ඇල්ලීම වගේ දේවලින් වළකින්න. ආණ්ඩුවටම මේ වැඩේ බාර දීල ඉන්නේ නැතුව ජනතාව තමන්ගේ සහයෝගය දෙන්න.

:       145       244

ramaThursday, 12 March 2020 02:27 PM

හොඳ පැහැදිලි කිරීමක්...

:       0       0

Dasa P Thursday, 12 March 2020 12:41 PM

දැන් දොස්තර ජනනායකට කියමු බෙහෙතක් හොයා දෙන්න කියලා. උණු වතුර සහ වෙනිවැල් ගැට බීලා නම් බැරිවේවි.

:       0       2

BANGARA Thursday, 12 March 2020 01:15 PM

මිනිස්සු මුඛ ආවරණ දාන්න හදනකොට සෞඛ්‍ය බලධාරීන් කිව්වා ඒවා අවශ්‍ය ‌නොවන බව. ‌මේ තත්වය මාසයකට ‌පෙර පාලනය කරන්න තිබුණා. බලධාරීන් ‌මේ අවධානම හෑල්ලුවට ගත්තා..

:       0       0

පිටිගල මිලානෝ Thursday, 12 March 2020 01:53 PM

ලංකාවට හැකි පමණින් උසස් ලෙස නිරෝධන කටයුතු කරන බව සාමාන්‍ය ජනයාට ඉතා පැහැදිලිය. එයට අප ප්‍රශංසා කළයුතු නමුත් ඉතාලියේ සිට මර බයේ ලංකාවට පැනලා ආපු තම ප්‍රතිරූපය පුම්බා ගන්න රත්තරන් චේන් එකක් පැළඳ සිටි හනුමන්තාගේ පෙනුම ඇති අකෘතඥ මිනිහා බැහැපු ගමන් කලේ බොරු ඡායාරූප පෙන්නා අප රටේ කීර්තිනාමයට හානි කිරීමයි. තවද ක්ලෝරීන් (බ්ලීච්) ක්‍රීම් ගාලා නයා හැව ඇරියාක් මෙන් මුහුණ සුදු කරගත් කොන්ඩේ තඹපාට ඉතාලි අක්කා කෙනෙක් තම ඇඟේ විෂබීජ අනුන්ට දන්දෙන්නට මෙන් මුඛවාඩමක් හෝ නැතිව ඔවුන්ට උදව් කරන්න පැමිණි නිලධාරීන්ට බැණවැදුනේ ඔවුන්ට තම ගෙවල් වලට යන්න ඕනේ කියයි. මේ මෝඩයින්ට කෙසේ මොලය දෙන්නද? මා ඉල්ලා සිටින්නේ මේ අය කල මෙම නොකටයුත්ත ගැන පරීක්ෂණයක් කර ලංකාවේදී පුනරුත්තාපනය කර නැවත ඉතාලියට එවන්න කියායි. හැබැයි මෙවැනි අය අායෙත් ඉතාලියට නාවත් කමක් නැත.

:       0       0

රුවන්තක මිලානෝFriday, 13 March 2020 11:13 AM

පිටිගල අයියා තාමත් කොහොම හරි බේරිලා ඉන්නවා නේද? කවුද කිව්වා හැමදාම පෙරුම්කායම් කිලෝ එකක් විතර කනවා කියලා. ඒකද රහස?

:       0       0

de silva Thursday, 12 March 2020 01:56 PM

කොරෝනා වෛරස් එක නිසා එකවර රටක් වහලා දමන්න බැහැ. මේක කරන්න ඕනේ පියවරෙන් පියවර... මුලින්ම කොරෝනා රෝගීන් වැඩියෙන්ම ඉන්න චීනය, කොරියාව, ඉතාලිය වැනි රටවල සිට එන මගින් නිරෝධනය කරන බවත්, සති දෙකකට පසුව එම රටවල සිට පැමිණෙන මගීන්ට ලංකාවට ඇතුළුවීම තාවකාලිකව නැවත දැනුම් දෙනතුරු තහනම් කරන බවත් දැනුම් දෙන්න ඕනේ... මේක ක්‍රියාත්මක වෙන්න ඕනේ.. එම රටවල ඉන්න කොරෝනා රෝගීන් සංඛ්‍යාව අනුව... නැතුව අපි එම රටවල් එක්ක තිබෙන ආර්ථික සම්බන්ධතා, වැනි දේවල් මෙහිදී සැලකිල්ලට ගන්න බැහැ. කොහොම නමුත් කොරෝනා වැඩියෙන් පැතිරෙන, චීනයට, කොරියාවට, ඉතාලියට, ඉරානේට සංචාරක විසා දීම නම් වහාම නවත්වන්න ඕනේ... අත්‍යාවශ්‍ය දෙයකට මිසක් විනෝදෙට මෙහෙ එන්න දෙන එක නවත්වන්න ඕනේ... දැන් එංගලන්තෙත් කොරෝනා සීඝ්‍රයෙන් පැතිරෙන්න පටන් ගෙන.., එහෙන් එන මගිනුත් නිරෝධනය කරන්න වෙනවා නම් ආරක්ෂක පියවරක් වශයෙන් සතියකට කලින්වත් ඔවුන්ට මේ ගැන දැනුවත් කිරීමක් කරන්න ඕනේ... නැතුව ඔවුන් කිසිම පූර්ව දැනුම් දීමකින් තොරව නිරෝධායන මධ්‍යස්ථාන වලට බලෙන් දක්කාගෙන යන්න බැහැ.

:       0       0

de silva Thursday, 12 March 2020 02:09 PM

එකම අස්වසිල්ලකට තිබෙන්නේ වැඩි උෂ්ණත්ව තිබෙන පරිසර වල කොරෝනා පැතිරීම සිදුවන්නේ ඉතා මන්දගාමීව වීමයි. මම මෙහෙම ප්‍රකශ කරනකොට සමහරු කියාවි ඉරානේ,කටාර් එමිරේට් වැනි රටවල උෂ්ණත්වය වැඩි නේද කියලා. ඉරානේට දැන් සිත සෘතුව, ටෙහෙරානයේ උෂ්ණත්වය අද 20°c, කටාර් වැනි රටවල රටවල බොහෝවිට වායුසමීකරණ යන්ත්‍ර භාවිත කරනවා. එතකොට උෂ්ණත්වය පහල බහින අතර එම වායුසමීකරණ යන්ත්‍ර වල ෆිල්ටර් තුළ කොරෝනා බෝවීම සීඝ්‍ර ලෙස සිදුවෙනවා. එම වායුසමීකරණ යන්ත්‍ර වලින් පිටවෙන සුළගෙන් නැවත අලුත් අයට කොරෝනා බෝ වෙනවා. ලංකාවෙන් හමුවුන සංචාරක මගපෙන්වන්න අනිවාර්යයෙන් මෙම සංචාරකයන් සමග බොහෝ වේලාවක් එකම වායුසමීකරණය කරන ලද එකම වාහනයේ ගතකරන්න ඇති. සමහර විට වායු සමනය කරපු එකම කාමරයේ නවතන් ගන්න ඇති. සෙල්ෂියස් අංශක 29 වැඩි උෂ්ණත්ව වලදී කොරෝනා සෑදුන රෝගීන් පවා අපහසුවකින් තොරව ඉන්නවා. උෂ්ණත්වය වැඩි වුනහම ඔවුනුත් ඉක්මනට සුව වෙනවා. එමනිසා අපි නොදැනීම කොරෝනා රෝගීන් ලංකාවේදී රෝග ලක්ෂණ නොපෙන්වම ස්වාභාවිකවම සුව වෙන්න පුළුවන්.

:       0       0

සමීර Thursday, 12 March 2020 02:33 PM

මේ ආණ්ඩුව ආපු දවසේ ඉදන් රටට අපලයි. වැස්ස නැහැ. වතුර නැහැ. මිනිස්සුන්ට කන්න හාල් එළවලු නැහැ. ඒ මදිවට රෝග බිය. විශාලා මහනුවර වගේ අපේ රට.

:       0       0

ඉක්බාල් රහීම් Thursday, 12 March 2020 03:27 PM

රජය මීටවඩා කලින් අවශ්‍ය පියවර ගන්න තිබුණා. දැන් ප්‍රමාදයි. ආසාදිත අය ඕනෑතරම් මේ වෙනකොට රට තුළ ඉන්න පුළුවන්...

:       0       0

ranjith Thursday, 12 March 2020 03:50 PM

සියලු පියවර වේලාසනින් ගන්න අපේ රටේ ආර්ථිකය අනුව රෝග වසංගතයක් අවොත් රට විනාශයි.

:       0       0

binkunndaa Thursday, 12 March 2020 07:19 PM

කවුද බූරුවෝ වගයක් දවස් තුනකට පෙර කියා තිබුනා මේක බුදුන්ගේ දේශය කොරෝනා එන්නේ නෑ කියාලා......

:       0       2

S Liyanage Friday, 13 March 2020 04:21 AM

කොරෝනා නිරෝදායන ක්‍රියාවලිය සඳහා විරෝධය පල කරන විදේශ සිට එන ශ්‍රී ලාංකිකයන්ට විරුද්ධව දැඩි නීති ක්‍රියාත්මක කලයුතය . නොයෙකුත් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් තම ජීවිතය පවා ගැන නොසිතාම සේවය කරන රට දැය රැකදුන් අභීත රනවිරුවන්ට නිග්‍රහ කරන මෙවන් පරගැති, ශ්‍රී ලාංකිකයන් බව පවසන අමනයින් ගේ වචන ගැන කම්පාවට ලක් නොවී කටයුතු කරන යුදහමුදාපතිතුමා සහ කාර්යමණ්ඩලයට සහ සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් තුමා ඇතුළු කාර්යමණ්ඩලයට අපගේ ප්‍රණාමය පුදකරමි.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

Covid19

නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ පැතිරෙයි
2024 සැප්තැම්බර් මස 18 2409 1

එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර


අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1284 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2922 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 1057 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 846 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 1041 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 719 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 186 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1227 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site