(යොහාන් භාසුර)
සිම්බාබ්වේ පිලට එරෙහිව මේ මස 16 වැනිදා පල්ලෙකැළේදී ආරම්භ වන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටින යොවුන් පිතිකරු කමිල් මිෂාර ‘කොවිඩ්’ ආසාදිත බව තහවුරු වී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් අද (12) රාත්‍රී ‘ලංකාදීප’යට පැවසීය.
කමිල් මිෂාර වෙතින් රෝග ලක්‍ෂණයක් පෙන්නුම් කිරීම නිසා පී.සී.ආර්. පරීක්‍ෂණයකට යොමු කළ බවත් එම පරීක්‍ෂණයෙන් ඔහු ආසාදිත බව තහවුරු වී ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.
ඔහු මේ වන විට හෝටල් කාමර තුළ රඳවා සිටින අතර දින කීපයක සිට ඔහු හුදකලා කර තැබීම නිසා සෙසු ක්‍රීඩකයන් සමඟ සම්බන්ධ නොවූ බව කී එම නිලධාරියා ඉදිරි දින කීපයේදී ඔහු නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කරන බව ද පැවසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කමිල් මිෂාරටත් ‘කොවිඩ්’