IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කතරගමට යළි කොරෝනා අවදානමක්?

(එමි.කේ.නන්දසේන)

කතරගම ප්‍රදේශයෙන් රෝගියකු වාර්තා වීමෙන් කතරගම සෞඛ්‍යය නිලධාරි බලප්‍රදේශයේ  පුද්ගලයන් 30 දෙනකු අතර සිදු කළ රැපීඩි ඇන්ටිජන් පරීක්ෂණයකදී රෝගීන් 08 දෙනකු සොයා ගැනීමට හැකිවූ බව කතරගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් දිසානායක මහතා පවසයි.

පළාත් සංචරණ සීමා පනවා තිබියදී විශේෂයෙන් බස්නාහිර ඇතුළු විවිධ පළාත්වල සිට ඉකුත් දින කීපයතුළ පුද්ගලයන් විශාල වශයෙන් පැමිණ තිබීමත්, බොහෝ පිරිස් සෞඛ්‍යය උපදෙස් නොසලකා හැරීමත් නිසාවෙන් මෙම තත්වය උද්ගතව ඇතැයි ඒ මහතා පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් උද්ගතව පවතින අවදානම් තත්වය පිළිබඳව අවදානය යොමුකොට කතරගම ප්‍රදේශය නැවත වාරයක් ලොක්ඩවුන්කර නොගන්නා ලෙසද ප්‍රදේශවාසීන්ගෙන් කාරැණික ඉල්ලීමක් කළේය.

 



අදහස් (6)

කතරගමට යළි කොරෝනා අවදානමක්?

මහසෙන් Friday, 22 October 2021 11:14 AM

කතරගම විතරක් නෙවේ සාපේක්ෂව රටේ බහුතර ප්‍රදේශ වල නිසි ලෙස ඇන්ටිජන් පරීක්ෂණ සිදුකලොත් තත්වය ඔය ප්‍රමානයට වඩා වැඩි වීමක් මිස අඩු වීමක් දකින්න ලැබෙන එකක් නෑ.ඇදිරි නීතිය කියලා දෙයක් තියෙනවා කීව කාලේ වෙච්ච දේවල් අනුව මීට වඩා වෙනස් දෙයක් වෙන්න පුලුවන් ද?

:       1       15

කපිල දන්තනාරායන Friday, 22 October 2021 11:21 AM

කතරගම පමණක් නොවේ. කඨින පිංකම් සමයේ රටපුරාම කොරෝනා අවදානමක් තිබෙනවා. අතින් අත යන මල්වට්ටිය, පැන් කලය වුණත් හොඳටම ඇති කොරෝනා වෛරසයට...

:       0       15

විභූෂණ Friday, 22 October 2021 11:24 AM

ආගමික ස්ථානවලින් උදේ, සවස කරන ලවුඩ්ස්පීකර් හිරිහැරයට පිළියමක් නැද්ද? අවට ගෙවල්වල කුඩා දරුවන්.., වැඩිහිටියන් හරියට පීඩා විඳිනවා..

:       9       13

කිරි පුතාFriday, 22 October 2021 11:59 AM

මොන ආගමික ස්ථානද? ළඟදි ඉඳන් මිනිසුන් කොටසකට නිදාගන්න අමාරු කතාවක් ඇහෙනවා. අලුත් ලෙඩක් බෝ වෙලා වගේ. සිංහල නම්වලින් පෙනී සිටින වෙනත් කොටස් කියලයි හිතෙන්නේ.... අපිත් අපේ දරුවොත් හොඳට නිවුණු සිතින් නිදා ගන්නේ පිරිත් අහ අහා... අමනුස්ස බලවේගවලටනම් පිරිත් හඬ ටිකක් දිරවන්නේ නෑ...

:       12       36

wahaldeepeFriday, 22 October 2021 01:37 PM

කිරි පුතේ... නුඹ තාම චූටියා.. එ් කියන්නේ පිරිත් ගැන නෙමෙයි..

:       1       11

bandara Friday, 22 October 2021 11:54 AM

2021 අප්‍රේල් මාසයේ කොරෝනා ව්‍යාප්ත වුනේ සංචරණ සීමා නොමැති නිසා... අද කතරගමට වුනෙත් මේකයි. පළාත් මායිම්වල පොලිසිය හිටියට වැඩක් නෑ. හැම වාහනයක්ම චෙක් කරන්නේ නෑ. දැන් රට පුරා තියෙන්නේ මෙවැනි තත්ත්වයක්... නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ...

:       1       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 160 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 784 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 382 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site