(හර්ෂණ තුෂාර සිල්වා)
මේ සතියේ දෙවැනි දිනටත් කොළඹ කොටස් වෙළෙඳපොළ කටයුතු අද (12) සියයට 5 කින් පහළ යෑම හේතුවෙන් වෙළෙඳ කටයුතු මිනිත්තු 30 කට අත්හිටුවීය.
ඒ අනුව අද පෙරවරු 11.45 සිට දහවල් 12.15 වනතුරු කොළඹ කොටස් වෙළෙඳපොළේ කටයුතු තාවකාලිකව නවතා දැමිණි. කොළඹ කොටස් වෙළෙඳපොළ කටයුතු ආරම්භ කළ විගස එස්ඇන්ඩ්පී’ ශ්‍රී ලංකා මිල දර්ශකය සියයට 5කින් පහළ යෑම හේතුවෙන් ඉකුත් දා (10) කොටස් වෙළෙඳපොළ කටයුතු පැය භාගයකට අත්හිටුවීය.
ඊයේ යම් ප්‍රගතියක් පෙන්නුම් කළ ද කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (12) නැවත වරක් පහළ ගියේය.
ඊයේ දිනයේ ගනුදෙනු අවසන් වනවිට කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය සියයට 3.55කින් ද ‘එස්ඇන්ඩ්පී’ ශ්‍රී ලංකා 20 මිල දර්ශකය සියයට 4.66කින් ද පහළ ගියේය.
ඒ අනුව දිනය අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 5,019.55ක් ලෙස දැක්වුණු අතර ‘එස්ඇන්ඩ්පී’ ශ්‍රී ලංකා 20 මිල දර්ශකය 4.66ක් ලෙස දැක්විණි.
කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රාග්ධනීකරණය අද රුපියල් බිලියන 2,333ක් ලෙස දැක්වුණු අතර ඊයේ එය රුපියල් බිලියන 2,419ක් ලෙස දැක්විණි.
අද වාර්තා වූ ගනුදෙනු පිරිවැටුම රුපියල් මිලියන 514.43ක් වූ අතර විදේශීය ආයෝජකයන්ගේ දායකත්වය ද පහළ මට්ටමක පැවැතුණි. කොළඹ කොටස් වෙළෙඳපොළේ අද විදේශීය මිලදී ගැනීම් රුපියල් මිලියන 23.62ක් ලෙස දැක්වුණු අතර විදේශීය විකුණුම් රුපියල් මිලියන 29.84ක් ලෙස දැක්විණි.
ලොව පුරා පැතිර යමින් තිබෙන කොරෝනා වයිරසයේ බලපෑම මෙන්ම ඒ හේතුවෙන් ගෝලීය මූල්‍ය වෙළෙඳපොළවලට සිදුව තිබෙන බලපෑම කොළඹ කොටස් වෙළෙඳපොළේ පහළ යෑමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇතැයි ආර්ථික විශේෂඥයෝ පවසති.
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන දත්තවලට අනුව බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 33.82ක් ලෙස සටහන්ව තිබූ අතර ‘ඔපෙක්’ (තෙල් අපනයන කරන රටවල සංවිධානය) වෙළෙඳපොළේ තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 35.54ක් ලෙස සටහන්ව තිබිණි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකානු ඩොලරයකට ගෙවන රුපියල් ප්‍රමාණය 184.35ක් දක්වා ඉහළ ගියේය.
2025 දෙසැම්බර් මස 30
140
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
759
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කොටස් වෙළෙඳපොළ පහළට
rasika Thursday, 12 March 2020 07:56 PM
ඉතාලිය, චීනය , යුරෝපය, ජපානය , ඇතුළු බොහෝ රටවල කොටස් වෙළදපොල පහල වැටිලා තියෙන්නේ. කොරෝන වෛරස් එක නිසා ලෝකයේ ප්‍රධාන ව්‍යාපාර කඩාවැටිලා. ලංකාවේ ඇගලුම් නිෂ්පාදන යවන්නේ ප්‍රදාන වශයෙන් උතුරු ඇමෙරිකාවට , කොරෝන වෛරස් එක නිසා මෙහෙ මිනිස්සු කඩවල් වලට ගිහින් බඩු ගන්න එක අඩුවෙලා.