IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කැටඹුලා තේ වතුයායේ කාර්යාලය වසාදමයි

(ශාන්ත චන්ද්‍රසිරි සහ සිසිර ලලිත් කුමාර)
 
නාවලපිටිය, කැටඹුලා තේ වතුයායේ වතු කාර්යාලය තාවකාලිකව අද (21) සිට වසා දැමීමට පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.
 
එම වතු කාර්යාලයේ සේවය කරන ලද ප්‍රධාන ලිපිකාරිණියට කොවිඩ් වයිරසය ආසාදිතව ඇති බවට තහවුරු වීමෙන් පසුව මෙම පියවර ගෙන ඇති බවත් එම කාර්යාලයේ සේවකයන් ඇතුළු ඔවුන්ගේ සමීපතයන් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති බවත් සෞඛ්‍ය අංශ නිලධාරීහු සඳහන් කරති.
 
වතු කාර්යාලයේ සේවකයන්ගේ පී. සී. ආර්. පරීක්ෂණ ඉදිරියේදී සිදුකිරීමට කටයුතු කරන බවත් ඉන් අනතුරුව වතු කාර්යාලයේ සේවාවන් පවත්වාගෙන යන ආකාරය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්නා බවත් සෞඛ්‍ය අංශ නිලධාරීහු වැඩිදුරටත් පවසති.
 
කොවිඩ් ආසාදිත ප්‍රධාන ලිපිකාරිණිය ප්‍රතිකාර සඳහා කොවිඩ් ප්‍ර‍තිකාර මධ්‍යස්ථානයකට යොමු කර තිබේ.



අදහස් (0)

කැටඹුලා තේ වතුයායේ කාර්යාලය වසාදමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 106 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site