IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කටුනායක කොරෝනා පාලනයට නාවික අනුකණ්ඩයක්

 

(තිස්ස කොටින්කඩුව)

කටුනායක නිදහස් වෙළෙද කලාපයේ පැතිර යන කොරෝනා වසංගතය පාලනය සඳහා සෞඛ්‍ය අංශයට සහයවීමට නාවික හමුදාවේ අද්මිරාල් නිලධාරියෙකුගේ අධීක්ෂණය යටතේ නාවික නිලධාරින් සිව්දෙනෙකු ඇතුලු නාවික භටයන් 25 දෙනෙකු කලාපය තුළම පූර්ණ කාලීනව සේවයේ යොදවා ඇති බව  ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂක (කලාප) එම්.කේ.ඩී.ලෝරන්ස් මහතා පවසයි.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයාගේ විශේෂ ඉල්ලීම මත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම නියෝගය ලබා දී ඇත.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් කලාප 14 ක කර්මාන්ත ශාලා 279 ක සේවය කරන 34,675 ක පිරිසක් මේ වන විට පීසිආර් පරීක්ෂණ සදහා යොමු කර ඇති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂක (කලාප) එම්.කේ.ඩී.ලෝරන්ස් මහතා වැඩිදුරටත් පවසා සිටියි.

මේ අනුව කටුනායන ආයෝජන කලාපයේ කම්හල් 75 කින් පුද්ගලයින් 14,159දෙනෙකු, බියගම කලාපයේ කම්හල් 55 කින් 9500දෙනෙකු, සීතාවක ආයෝජන කලාපයේ කර්මාන්ත ශාලා 27 කින් 4,400ක පිරිසක් සහ ඉතිරි කලාප 11 කර්මාන්ත ශාලා තුළින් පුද්ගලයින් 6615 දෙනෙකු පීසීආර් පරික්ෂණය සදහා යොමු කර ඇති බව විධායක අධ්‍යක්ෂක වරයා සදහන් කළේය.

(ඡායාරූපය - නාවික හමුදා වෙබ් අඩවිය)

 



අදහස් (1)

කටුනායක කොරෝනා පාලනයට නාවික අනුකණ්ඩයක්

chandima Tuesday, 24 November 2020 04:45 PM

ආයෙත් වතාවක් අර එකවතාවක වගේ ගස් බඩගාලා වන කරගන්නේ නැතිවෙන්න හොඳට පුහුණු කරලා යවන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site