IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


එකවර කොරෝනා රෝගීන් 14 ක් හමුවෙයි

ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 233 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද (14) මේ වනවිට කොරෝනා  වයිරසය අසාදනය වූ රෝගීන් 14 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

අද දිනයේ මේ දක්වා වාර්තා වූ මුළු රෝගීන් සංඛ්‍යාව 15 ක් බවද ඒ මහතා සඳහන් කළේය.

මේ වනවිට වාර්තා වී රෝගීන් 14 දෙනාම කොරෝනා ආසාදිත රෝගීන්  ළඟින් ඇසුරු කළ පුද්ගලයන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

පුත්තලම නිරෝධායන මධ්‍යස්ථානයෙන් එක් අයෙක් ද , පලාලි නිරෝධායන මධ්‍යස්ථානයෙන් 8 දෙනෙක්ද , මුලංකෝවිල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් 4 දෙනෙක් සහ තවත් නිරෝධායන මධ්‍යස්ථානයකින් එක් අයෙකු වශයෙන් ආසාදිතයන් වාර්තා වූ බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

මේ වන  විට පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති අතර 61 දෙනකු සුවය ලබා පිටව ගොස් තිබේ.

 



අදහස් (8)

එකවර කොරෝනා රෝගීන් 14 ක් හමුවෙයි

Wasanthalive Tuesday, 14 April 2020 08:39 PM

මෙච්චර කාලයක් යනකන් Pcr ටෙස්ටින් අමතක කළානේ කට්ටිය...

:       0       0

banda Tuesday, 14 April 2020 09:09 PM

නිරෝගී පුද්ගලයන් නිරෝධායන ස්ථානවලට ගෙනගොස් කොරෝනා බෝ කිරීම වහාම නතර කරනු.

:       0       0

බද්රානි Tuesday, 14 April 2020 09:19 PM

අල්ලපු ගෙදරකට ගලක් ගහලම වැඩ අල්ලන්න පුළුවන් විදිහේ සිංහල අවුරුද්දක් උදා වෙලා තියන එක ගැන, මට නම් ඇත්තේ මාර සතුටක්...

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 14 April 2020 10:54 PM

ළඟින් ඇසුරු කරන අය මිසක් දුරස්ථව ඇසුරු කරන අයට නෙවෙයිනේ වැළඳෙන්නේ. කොරෝනාවෙන් ඡන්දයට යන්න බැරි පාටක් වගේ නේද පෙනෙන්නේ?

:       0       0

ලුම්බිණි Tuesday, 14 April 2020 11:42 PM

නිරෝධායන මධ්‍යස්ථාන රෝගය පතුරුවන ස්ථාන බවට පත් වෙලාද?

:       0       0

Siripala Wednesday, 15 April 2020 04:38 AM

මේකෙන් පෙන්නේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් එලියට එද්දී රෝගියෙක් වෙලා කියන එකද.?

:       0       0

සනත් ඉතාලිය Wednesday, 15 April 2020 07:21 AM

හැම නිරෝධායන මධ්‍යස්ථානයක්ම නම් කරල අන්තිම එක විතරක් තවත් නිරෝධායන මධ්‍යස්ථානයක් කියන්නෙ ඇයි? නිකමට අහන්නේ මාර්තු 19 බේරුවල රෝගියා නිරෝධායනය නොවී ගෙදර ගියෙ කොහොමද ? ඉතාලියේ ඉදල ආව ෆ්ලයිට් එකේ ආව සමහරු ගෙදර ගියේ කොහොමද? ඉතාලියේ ඉදලා ආව අය පමණක් නිරෝධායනයට ගිහින් පොඩි පොඩි හිල් තියනවා. ඒවා අත්වැරදීම්ද නැත්නම බෙදන හැන්දේ වරදක්ද? සහනාධාර බෙදිල්ලත් එහෙමලු. කොහොම උනත් මේ විවේචනයක් නොව දකින අඩුපාඩු රජයේ වැඩපිළිවෙල ප්‍රශංසනීයයි. හේතුව ඉතාලිය මාර්තු 11වෙනි දින මරන 299 දිනකට වාර්තා කරනවා. මාර්තු 19 වෙනකොට 432 යි. දිනකට වාර්තා කරනවා. මාර්තු 27වෙනකොට මරණ 789 ක් වාර්තා කරනවා. දිනකට ඉන්පසු අප්‍රියෙල් 7වෙනකල් දිනකට 800-900අතර තවම බැරිඋනා 500අඩුකරගන්න. තවමත් දිනකට ආසාදිතයින් 3000-4000ත් අතර හොයාගන්නවා. රජයේ වැඩපිළිවෙල ඉතා විශිෂ්ඨයි. කොතනකවත් හිල් තියන්න එපා. ලොකු පොඩි කියා. හැමෝම එකාවන්ව පෙළ ගැසෙමු .අපිට පුලුවන්. අපි අලුමතින් නැගීසිටි ජාතියක් ඒකට උර දෙන්න මේ වෙලේ. අපි හැමෝම සහයෝගය දෙමු.

:       1       82

SiriSunday, 19 April 2020 01:01 PM

අපි අළු මතින් නැගී සිටියා කියල කොහොමද කියන්නේ...? ඒ නිසාද ඔයා ඉතාලි ගියේ. ලංකාවේම ඉන්ඩ තිබුනනේ හිටගෙනම ඉන්ඩ. අනික අළු යට තියෙන ගිනි පුපුරු ඔයාලට පෙන්නේ නැද්ද? ඒවාට දෙසපාලකයෝ හුලන් පිඹල පත්තුවුන දාට හැමෝටම කෙලවේවි.ඉතාලියේ ඔයාලට පදිංචිය දුන්නොත් දෙවියන්ගේ පිහිටයි!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 430 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2198 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1659 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site