
(තිලකරත්න දිසානායක)
ගම්පහ නගරයේ උසස්පෙළ විභාගය පැවැත්වෙන පාසලක කොවිඩ් - 19 ආසාදිත සිසුවියක් හමුවීමෙන් එම විදුහලේ විභාග ශාලාවේ සිටි සිසුවියන් 160 දෙනෙකු වෙනුවෙන් විශේෂ ශාලාවක අද (19) සිට විභාගයට පෙනී සිටීමට අධ්‍යාපන බලධාරීන් පියවර තිබේ.
මිනුවන්ගොඩ බැන්ඩ්‍රික්ස් ඇඟලුම් කම්හලට නුදුරු ප්‍රදේශයක පදිංචි මෙම සිසුවියට ඇතිවූ රෝග තත්ත්වයක් මත පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කර ඇති අතර එහි වාර්තාව අනුව ඇය කොවිඩ් - 19 ආසාදිත බව තහවුරු වී ඇත.
පසුව සෞඛ්‍ය අංශ මගින් ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ කලාප අධ්‍යාපන කාර්යාලය දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.
මේ හේතුවෙන් සිසුවිය විභාගයට පෙනී සිටි ශාලාවේ සිටි සිසුවියන් වෙනුවෙන් මෙලෙස වෙනත් විභාග මධ්‍යස්ථානයක් ලබා දීමට පියවර ගනු ලැබූ බව ගම්පහ කලාපය බාර අධ්‍යාපන අධ්‍යක්ෂ එස් .කේ .මල්ලවආරච්චි මහතා පැවසීය.
ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් විභාග කොමසාරිස්වරයා දැනුවත් කිරීමට පියවර ගනු ලැබූ බවත් ඇය ප්‍රතිකාර සඳහා යොමු කර ඇති අයි.ඩී.එච්.රෝහලේ සිට උසස් පෙළ ඉතිරි විෂයයන් සඳහා පෙනී සිටීමට අවස්ථාව සලසා දී ඇති බවත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා කීය.
එම සිසුවිය විභාගයට පෙනී සිටි පාසලෙහි විභාග ශාලාවේ කටයුතු කළ කාර්ය මණ්ඩලයද විශේෂ විභාග ශාලාවට අනුයුක්ත කිරීමට පියවර ගෙන ඇති අතර එම සිසුවියන් ඇතුළු විභාග කාර්ය මණ්ඩලයේ ආශ්‍රිතයින්ගේ තොරතුරු සෞඛ්‍ය අංශ වෙත ලබා දීමටත් කලාප කාර්යාලය පියවර ගෙන ඇත.
කොවිඩ්- 19 ආසාදිත සිසුවිය විභාගයට පෙනී සිටි ශාලාව විෂබීජහරණය කිරීමට පියවර ගෙන ඇති අතර එහි සිටි සෙසු සිසුවියන් 160 දෙනා ඇතුළු කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධායනයට ලක් කරන බවත් සිසුවියන් හට එම විශේෂ විභාග මධ්‍යස්ථානයේ දී විභාගයට පෙනී සිටිමට අවස්ථාව සලසා දෙන බවත් ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 30
51
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
717
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
341
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ආසාදිත සිසුවියක් හමුවීමෙන් 160 ක් විශේෂ විභාග ශාලාවකට