
(නිමන්ති රණසිංහ)
කොළඹ අයි.ඩී.එච් මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු පලා ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
ඇහැලියගොඩ පදිංචිව සිටි ආසාදිත මවක, ඇගේ අවුරුදු දෙකහමාරක පමණ වයසැති ආසාදිත පුතු ද සමඟ මෙලෙස පලා ගොස් ඇත.
ආසාදිත මව ඇහැලියගොඩ පිහිටි ඇගේ නිවසට ගොස්, දරුවා නිවැසියන්ට භාර දී පලා ගොස් ඇති බවද, මේ වනවිට එම නිවාසේ සාමාජිකයන් නිරෝධායනයට යොමු කර ඇතැයි ද නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.
ඊයේ(19) රාත්‍රියේ මොවුන් පලා ගොස් ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
පලා ගිය ආසාදිත කාන්තාව සොයාගැනීම සඳහා පොලිසිය පරීක්ෂණ පවත්වයි.
2025 නොවැම්බර් මස 04
510
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2246
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1680
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අවුරුදු දෙකහමාරේ පුතාත් රැගෙන මව අයි.ඩී.එච්. රෝහලෙන් පළායයි
duminda Friday, 20 November 2020 04:27 AM
දැන් පැනලා ගිය කෙනා අල්ලගෙන හිරේ දාලා ප්‍රශ්න විසඳන්නේ නැහැ. කොරෝනා එක්ක මිනිස්සු හංගන් හිටපු සමාජ ප්‍රශ්න ගොඩක් එළියට ආවා. සමහර අයට ඒවාට මුහුණ දෙන්න බැහැ. මේ තත්වය දිහා මානුෂීයව බලන්න ඕනේ.
චමින්ද Saturday, 21 November 2020 01:57 AM
රෝහලේ සිටින්නේ අසාධ්‍ය රෝගයකට ලක්වූ අයනම් මොවුන්ට පිටවීමට ඇති අවස්ථා නැතිකල යුතුය. ඒ සඳහා පිටිවීම් පරීක්ෂා කරන ක්‍රමයක් ඇතිකළ යුතුයි. මේ හැර මෙම කාන්තාව සෙනසුරාදා වනතුරුත් සොයාගෙන නැත. මේ නිසා මැයගේ ඡායාරූපයක් මාධ්‍ය මගින් පලකිරීමත් ඇහැලියගොඩ ඉඩංගොඩ හැර මෙම මිනිසුන් සිටින දුර බැහැර ප්‍රදේශ පරීක්ෂා කිරීමත් අත්අඩංගුවට ගැනීමට පහසුවක් වේවි.