( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
විශ්‍රාමිකයින් සඳහා වැඩි කරන ලද විශ්‍රාම වැටුප් දීමනාව වහාම ගෙවන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂක ජනරාල්වරයෙකු වන කේ. ඒ. තිලකරත්න මහතා ඇතුළු විශ්‍රාමිකයින් 95 දෙනෙකු විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සම සලකා බැලීම සදහා ලබන සැප්තැම්බර් මස 29 දා කැඳවීමට අභියාචනාධිකරණය අද (17) දින නියම කළේය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම කැඳවනු ලැබීය.
එහිදී පෙත්සම සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 29 වැනිදා කැදවීමට අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දු කළේය.
එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් වරයා, විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ වරයා, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ඇතුළු විසි දෙනෙකු නම් කර ඇත.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ ඉකුත් රජය සමයේ නිකුත් කෙරුණු 3/2016 නමැති චක්‍රලේඛය මගින් විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප් වැඩි කිරීමට තීරණය කරන බවය.
ඒ අනුව පසුගිය ජනවාරි මස විශ්‍රාම වැටුප සමග විශ්‍රාමිකයින්ට රුපියල් 10000 ක් දක්වා වැටුප් වැඩි වීමක් හිමිවීමට නියමිතව තිබූ බවද පෙත්සමේ සඳහන් වේ .
එහෙත් වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව නිකුත් කළ 35/2019 (3) නමැති චක්‍ර ලේඛය මගින් විශ්‍රාමිකයන්ට වැඩි කරන ලද විශ්‍රාම වැටුප් වැඩිවීම අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලය කටයුතු කළ බව චෝදනා කරන පෙත්සම්කරුවන් ඒ තුළින් එක් ලක්ෂ දහ දාහකට අධික මෙරට විශ්‍රාමිකයින් දැඩි අපහසුතාවට පත්ව සිටින බව කියා සිටියේය.
ඒ අනුව විශ්‍රාමිකයින් සඳහා වැඩි කරන ලද විශ්‍රාම වැටුප වහාම ගෙවන ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසයි පෙත්සම්කරුවන් සිය පෙත්සමෙන් ඉල්ලා තිබිණි.
2025 ඔක්තෝබර් මස 08
1977
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1548
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
හිටපු වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු 95 ක් ගොනු කළ පෙත්සම සළකා බැලීමට යයි