IMG-LOGO

ලලිත් වීරතුංග-අනූෂ පැල්පිට ගොනුකළ අභියාචන විභාගය කල් යයි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

කොළඹ මහාධිකරණයෙන් වසර තුනක සිර දඩුවම් නියමව දැනට ඇප මත මුදා හැර සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට යන අය විසින් තමන් නිදොස් කොට නිදහස් කරනැනැයි ඉල්ලා ගොනු කළ අභියාචනා පෙත්සම් විභාගයට ගැනීමට ලබන ජූලි 23 වැනිදාට කල් තැබීමට අභියාචනාධිකරණය  අද  (09) තීන්දු කළේය.

ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට විසින් ඉදිරිපත් කළ එම පෙත්සම් අද  (09) කුමුදිනී වික්‍රමසිංහ සහ දේවිකා අබේරත්න මහත්මීන් හමුවේ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.
 
එහිදී එම විනිසුරු මඩුල්ල මෙම අභියාචනා පෙත්සම් විභාගයට ගැනීම මෙදිනට කල් තබන ලදී.
 
ඉකුත් ජනාධිපතිවරණය සමයේ දිවයින පුරා විහාරස්ථානවලට සිල් රෙදි බෙදා හැරීම හරහා  රජයට අයත් රුපියල් මිලියන 625 ක මුදල් අවභාවිත කිරීම හා පාඩුවක් සිදු කිරීමේ චෝදනාවට විත්තිකාර අභියාචකයින්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා නඩු විභාගයක් පැවතණි.එමනඩු විභාගයේ තීන්දුව ඉකුත් 2017 සැප් 07 වැනිදා ප්‍රකාශයට පත් කෙරුණු අතර එහිදී වැරදිකරු බවට තීන්දු කෙරුණු හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන අයට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් හා මිලියන 2 බැගින් වන දඩ මුදලක් සහ මිලියන 50 ක වන්දි මුදලක් නියම කළේය.
 
එම දඩ මුදල් හා සිර දඩුවම් නියම කර ඇති ආකාරය නීති විරෝධී යැයි  පෙන්වා දෙමින් අභියාචනා ඉදිරිපත් කරන පෙත්සම්කරුවන් එම දඬුවම අහෝසි කර තමන් ව සියලූ
 
චෝදනාවලින් නිදොස්කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබිණි.
 
විත්තිකාර අභියාචක පෙත්සම්කරුවන් වන හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරුන් වෙනුවෙන් නීතීඥ කාංචන රත්වත්තේ සහ නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නීතීඥ ජයලක්ෂි සිල්වා මහත්මිය පෙනී සිටියහ.



අදහස් (3)

ලලිත් වීරතුංග-අනූෂ පැල්පිට ගොනුකළ අභියාචන විභාගය කල් යයි

pradeepa Tuesday, 09 June 2020 01:14 PM

වරදකරුවන් අනිවාර්යයෙන්ම සිරගෙදර ඉන්න ඕන... නමුත් මෙයාලා සුමානයක්වත් හිරේ හිටියේ නැහැ.. පුදුම නීතියක් නේ..., දුප්පත් මිනිහට මෙහෙම අවස්ථා අපි අහලවත් නැහැ දෙවියනේ ඔබ කොහෙද?

:       0       506

Gajamannona Papiliyana Tuesday, 09 June 2020 02:01 PM

මේවට තමයි කියන්නේ.., නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ කියලා...

:       0       309

lal Tuesday, 09 June 2020 11:08 PM

කවද්ද නඩුවක් ඉක්මනින් අසා තින්දුව දි එය ක්‍රියාත්මක වන දිනයක් උදාවෙන්නේ? නඩුවක් ඇති අය පමණයි දන්නේ එය ඉක්මනින් ඉවර කරගැනිමට ඇති උවමනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 16 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 599 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site